අධ්‍යාපන අමාත්‍යංශය හා කී‍්‍රඩා අමාත්‍යංශය ඒකාබද්ධව පසුගියදා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව වයස 13න් පහළ දරුවන් යොදවාගනිමින් තරඟකාරී කී‍්‍රඩා නොපැවැත්විය යුතු බව අවධාරණය කර තිබේ.
කුඩා ළමුන්, ඔවුන්ගේ මනසට පීඩනයක් ඇති වන ආකාරයෙ අන්තරායදායී කී‍්‍රඩා වල නොයෙදවීමට අධ්‍යාපන අමාත්‍යංශය හා කී‍්‍රඩා අමාත්‍යංශය තීරණය කිරීමත් සමඟ, තහනම් කළ යුතු තරගකාරී කී‍්‍රඩා ඉසව් මොනවාද, යන්න හ`දුනා ගැනීම ස`දහා අමාත්‍යංශ දෙකේ ඉහළ පෙළේ නිළධාරීන්ගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ කමිටුව පත් කෙරෙනු ඇත.
පාසල් අධ්‍යාපනය ලබන වයස අවු 13න් පහළ ළමුන් විශාල පිරිසක් විවිධ කී‍්‍රඩා වලට යොමු වී සිටින අතර අදාළ කී‍්‍රඩා ඉසව් වලින් පරිසාධන මට්ටමේ හා මූලික දක්ෂතා සංවර්ධනය වන ආකාරයේ කී‍්‍රඩාවලට ළමුන් යෙදවීම වහාම නතර කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය සියලූම විදුහල්පතිවරුන්ට මේ වන විට දැනුම් දී තිබේ.
වයස අවු. 13න් පහළ ළමුන් මළල කී‍්‍රඩාවේ යෙදවීමේදී මීටර් 30 සිට මීටර -60 දිවීම දක්වා ස`දහා පරිසාධන මට්ටමේ තරග පවත්වා, පරිසාධන මට්ටම් අභිබවා යන දරුවන් සියලූ දෙනාටම සහතික පත‍්‍ර පිරිනැමීම වැනි දිරි ගැන්වීම් හා විශේෂ ඇගයීම් දියත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය අපේක්ෂා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හොද අදහසක්, මෙවැනි අඩු වයස්වල ළමයන්ට පරිසාදන මට්ටම මත තිලිණ ප්‍රධානය කරන එක ගොඩක් වැදගත්. ඒ වගේම පාසල් රගර් ක්‍රීඩාව සදහා අවම වයස අවරුදු 15 දක්වා සීමා කල යුතුයා. මා පාසල් රග්බි ක්‍රීඩාව ආරම්බ කල කාලයේ (13න් පහල ) මගේ මිතුරෙකුට සිදු උණු අනතුරකින් අදටත් ඔහු අබාදිතයෙක්.(නදී)