IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


තහනම් උත්තේජක වැරැදිකරුවන් වන ක‍්‍රීඩකයන්ට - පුහුණුකරුවන්ට ජීවිතාන්තය තෙක් තහනමක්

තහනම් උත්තේජක පාවිච්චි කිරීමේ චෝදනාවට වැරැදිකරුවන් වන මෙරට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් හා ඔවුන්ගේ පුහුණුකරුවන්ට එරෙහිව දැඩි දඬුවම් පැමිණවීමට නීතිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇතැයි කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි. කොළඹදී ඊයේ (21) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා පැවැසුවේ මින් ඉදිරියට තහනම් උත්තේජක පාවිච්චි කිරීමේ චෝදනාවලට වැරැදිකරුවන් වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ජීවිතාන්තය තෙක් තරග තහනමක් පනවන අතර ඔවුන්ගේ පුහුණුකරුවන්ටද ජීවිතාන්තය තෙක් තහනමක් පැනවීමට කී‍්‍රඩා අමාත්‍යංශය තීරණය කර තිබෙන බවයි. එහිදී වැරැුදිකරුවන් වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට තහනම් උත්තේජක හා ඒවා අඩංගුවන ඖෂධ නිකුත් කර හසුවන වෛද්‍යවරුන්ටද වසර දෙකක තහනමක් පැනවීමටද කී‍්‍රඩා අමාත්‍යංශය නීතිපතිවරයාගෙන් ලබාගත් උපදෙස් අනුව ඉදිරියේදී කටයුතු කරන බවයි. ඇමැතිවරයා වැඩි දුරටත් පැවැසුවේ තමා කී‍්‍රඩා අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු තහනම් උත්තේජක චෝදනා ලැබූ මෙරට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 13 දෙනකු මේ වනවිට හඳුනා ගෙන තිබෙන බවයි. මේ වනවිට මෙරට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 23 දෙනකු තහනම් උත්තේජක චෝදනාවලට හසුව ඇති බව කී‍්‍රඩා අමාත්‍යංශයට වාර්තාවී ඇති බවත් ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවැසීය.      



අදහස් (0)

තහනම් උත්තේජක වැරැදිකරුවන් වන ක‍්‍රීඩකයන්ට - පුහුණුකරුවන්ට ජීවිතාන්තය තෙක් තහනමක්

රොම්පයා Friday, 22 June 2012 12:52 PM

සමහරු දියවන්නාවට එන්නත් තහනම් උත්තේජක යොදාගන්නවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 67 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2195 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 680 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site