දියගම ”මහින්ද රාජපක්ෂ” කී‍්‍රඩාංගණයේදී පෙරේදා (10) නිමාවට පත්වූ 37 වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙලේ මීටර 100 කාන්තා හා පිරිමි ඉසව් ජයග‍්‍රහණය කළ ෂෙහාන් අඹේපිටිය හා ජානි චතුරංගනී ද සිල්වා කී‍්‍රඩා උළෙලේ වේගවත්ම කී‍්‍රඩකයා හා කී‍්‍රඩිකාව බවට පත්වූහ. මෙවර දියගමදී දින තුනක් පුරා පැවැති ජාතික මහා කී‍්‍රඩා උළෙල මලල කී‍්‍රඩා තරගාවලියකට පමණක් සීමාවූයේ කී‍්‍රඩා උළෙලේ සෙසු කී‍්‍රඩා ඉසව් 21ක් ඒ වනවිට පවත්වා අවසන්ව තිබීමය. කී‍්‍රඩා උළෙලේ වඩාත්ම අවධානය යොමුවූ මීටර 100 (පිරිමි) ඉසව්වේ රන් පදක්කම තත්පර 10.63කට ෂෙහාන් අඹේපිටිය විසින් දිනා ගන්නා ලදී. පළපුරුදු කී‍්‍රඩිකාවක් වන ජානි චතුරංගනී ද සිල්වා තත්ත්පර 12.31 කට මීටර 100 කාන්තා රන් පදක්කම දිනා ගත්තාය. මලල කී‍්‍රඩා තරගාවලියේදී නව වාර්තා නවයක් වාර්තාවූ අතර රිටි පැනීම (කාන්තා) ඉසව්වේ පැරැුණි ශ්‍රී ලංකා වාර්තාව සම කරමින් (මීටර 3.20) කෞෂලා පෙරේරා දස්කම් දැක්වූවාය. මෙවර තරගාවලියේ දක්ෂතම මලල කී‍්‍රඩිකාව ලෙස මීටර 400 ශූරි චන්ද්‍රිකා සුභාෂිණි රස්නායක ද, දක්ෂතම මලල කී‍්‍රඩකයා ලෙස උස පැනීමේ කී‍්‍රඩක මංජුල කුමාර විජේසේකර ද සම්මාන ලැබූහ. ඔහු පසුගිය වසරේදීද දක්ෂතම මලල කී‍්‍රඩකයාට සම්මාන ලැබූ කී‍්‍රඩකයායි. මීටර 1500 කාන්තා ඉසව්වේදී සිවුවැනි ස්ථානය තෙක් පැමිණි කී‍්‍රඩිකාවන් පැරැණි වාර්තාව අභිබවා යමින් දස්කම් දැක්වීම කැපී පෙණුනි. එහිදී නව වාර්තාව (වි. 4 ත. 25.06) පිහිටුවීමට ඞී. ඒ. එස්. සමන්මලී සමත්වූවාය. ඇය එහි ශ්‍රී ලංකා වාර්තාවටද (වි. 4. ත. 22.04) හිමිකම් කියයි. එහි පැරැණි තරග වාර්තාවට හිමිකම් කියන එන්. එම්. පී. දිල්රුක්ෂි පැරැුණි වාර්තාව අභිබවා යමින් දස්කම් දැක්වුවත් ඇයට මෙවර අත්වූයේ සිවුවැනි ස්ථානයයි. මීටර 400 කාන්තා ඉසව්ව චන්ද්‍රිකා සුභාෂිණි රස්නායක විසින් දිනා ගන්නා අතර පසුගියදා සිංගප්පූරුවේදී පැවැති විවෘත තරගාවලියේදී එම ඉසව්වේ රන් පදක්කම දිනා මාධ්‍යවල වඩාත් කතාබහට ලක්වූ උපමාලිකා රත්නකුමාරිට මෙවර ජාතික මහ කී‍්‍රඩා උළෙලේදී අත්වූයේ රිදී පදක්කමය. මීටර 400 (පිරිමි) ඉසව්වේ ගියවර රන් පදක්කම දිනාගත් පළපුරුදු කී‍්‍රඩක ප‍්‍රසන්න අමරසේකරට මෙවර ලෝකඩ පදක්කමෙන් (තත් 47.81) සෑහීමට පත්වීමට සිදුවිය. එහි රන් පදක්කම දිනා ගත්තේ (තත්. 47.45) කසුන් කල්හාරය. ජාතික මහා කී‍්‍රඩා උළෙලේදී වඩාත්ම අවධානය දිනූ මලල කී‍්‍රඩා තරගාවලියේ රන් පදක්කම් බෙදීයාමේදී වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවක් (12) දිනා ගැනීමට මෙවරත් කී‍්‍රඩා උළෙලේ සමස්ත ශූරතාව දිනා ගත් බස්නාහිර පළාත සමත් විය. එහෙත් උතුරු-නැගෙනහිර දෙපළාතට කිසිදු රන් පදක්කමක් එහිදී හිමි නොවීමද කැපී පෙණුනි. මෙවර ජාතික මහා කී‍්‍රඩා උළෙලේ කී‍්‍රඩා ඉසව්හි දක්ෂතම කී‍්‍රඩකයා හා කී‍්‍රඩිකාව තෝරා ඔවුන්ට රුපියල් 25000 බැගින් විශේෂ මුදල් තෑගි කී‍්‍රඩා අමාත්‍යංශය විසින් ප‍්‍රදානය කෙරුණි.
2025 නොවැම්බර් මස 04
459
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2210
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1661
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තිස්හත් වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙලේ වේගවත්ම කී‍්‍රඩකයා ෂෙහාන් - කී‍්‍රඩිකාව ජානි