කූට ලේඛන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් හිටපු එජාප මහ ලේකම් තිස්ස අත්තනායකට විරුද්ධව විභාග වන නඩුවේ පරීක්ෂණ සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාවක් ලබාදෙන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (27) නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
සිදුකළ පරීක්ෂණ සම්බන්ධ නිගමනවල උපුටන නීතිපති දෙපාර්තමේන්තුවට යැවූ බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
තිස්ස අත්තනායක පසුගිය ජනපතිවරණ සමයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාගේ ව්‍යාජ අත්සන් යෙදූ ලිපියක් ප්‍රසිද්ධියට පත් කළැයි රහස් පොලිසිය ඔහුට එරෙහිව චෝදනා නගා ඇත.
නීතිපති උපදෙස් ලැබෙන තුරු නඩු විභාගය ලබන නොවැම්බර් 30 වැනිදාට කල් තැබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අයට උපරිම දඩුවම් ලබාදීම සුදුසුයි, අනෙක් අයටත් ආදර්ශයක් වෙන්න (නි)
දිය හැකි උපරිම දඬුවම දී දේශපාලනයෙන් ඉවත් කළ යුතුයි. මතකද ඇමරිකාවේ වෝටර්ගේට් සිද්ධිය!! එක්සත් ජාතික පක්ෂයටත් ලැජ්ජාවක් (ම)
ගිවිසුම ඇත්ත කියල කාටත් දැන් තේරෙනවා ,,අත්සන් කරපු හරි කොලේ ඕක නොවෙයි වෙන්න පුළුවන්? (ම)
ගිවිසුමේ තිබුන දේවල් සහ දැන් වෙන දේවල් බැලුවම කාට වුනත් තේරෙනවා මේක ඇත්ත ගිවිසුමක් බව! (බ)