දීර්ඝ කාලයක් තිස්සේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කළ තමනට යළිත් එම මන්ත‍්‍රීධූරය ලබාදෙන ලෙසත් , පරාජිත පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයින් එකොළොස් දෙනෙකු පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරු ලෙස පත් කිරීම බලරහිත කරන ලෙසත් ඉල්ලා හිටපු ඇමැති හා ශ්‍රී ලංකා සම සමාජ පක්ෂයේ ප‍්‍රධාන ලේකම් දොස්තර තිස්ස විතාරණ ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) ඉවත දැමීය.
මෙම පෙත්සම විභාගයට ගැනීමට පදනමක් නොමැති බවද ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන් ,බුවනෙක අළුවිහාරේ සහ කේ.ටී.චිත‍්‍රසිරි යන මහත්වරුන් පෙත්සම සළකා බැලුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමන්ලා මේ රටට වැඩක් කරලා නැහැනේ (නි)
රට ජාතිය වෙනුවෙන් කළ එක වැඩක් කියන්න බලන්න. (නි)
මෙතුමාට රටේ නීතිය ගැන අවබෝධයක් නැති බව පේනවා (නි)
ශ්‍රේෂ්ඨාධිකරණය මෑතකදී ගත් අගය කළයුතු වැදගත් තීරණයක්. තිස්ස විතාරණගේ පෙත්සම දිහා බලන, ගමේ කුලී වැඩ කරන අප්පුහාමි කෙනෙකුට වුණත් පෙනීයන කාරණයක් වන්නේ එය බලතණ්හාවෙන් සහ අනිත් අයගේ ජයග්‍රහණ ගැන කුරිරු විදියට, ඊර්ෂ්‍යාවෙන් බලා ඉදිරිපත් කරනලද පුස් පෙත්සමක් විදියට (නි)
තිස්ස විතාරණ මහත්තයා කියන කතාව හරි. මෙතුමා දිගටම පාර්ලිමේන්තු අාවේ ලිස්ට් එකෙන්. මොකද මෙතුමගේ සමසමාජ පක්ෂයට දැන් ඡන්ද දාහක්වත් නැහැ. එහෙම ඇවිදිනුත් සමාජයට සේවයක් කළේ නැහැ. (නි)