පරාජිත අපේක්ෂකයන් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කිරීම බල රහිත කරන්නැයි ද, දීර්ඝ කාලයක් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස සිටි තමාට යළි එම මන්ත්‍රී ධුරය ලබා දෙන්නැයි ද ඉල්ලමින් හිටපු ඇමැති තිස්ස විතාරණ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම දෙසැම්බර 07 වැනි දා සලකා බැලීමට අද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
මැතිවරණ කොමසාරිස්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් විශ්වා වර්ණපාල, හිටපු මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම්, ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා හා ජාතික ලැයිස්තුවෙන් පත් කර ඇති පරාජිත අපේක්ෂයෝ11 දෙනෙක් පෙත්සමේ වගඋත්තරකරුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මහලු වයසේ බැරිය දේශපාලනය පෙරසේ ! ගතමනාවක් සොයා ගැනුමට දෙන්න ඉඩ සතොසේ ! (බ)
සැරයටියෙන් යනෙන තුරා දියවන්නා අපි එකට යමු. දියවන්නාවෙන් සමුගන්නා දා ඒ ගමනත් එකට යමු (නි)
අපි බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)