කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනි විරවර්ධන මහත්මිය එක්සත් ජාතික පක්ෂයේ හිටපු ලේකම් තිස්ස අත්තනායක දෙසැම්බර් 5 වැනි දා තෙක් රිමාන්ඩ් කිරිමට නියම කළාය.
පසුගිය ජනපතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් යොදා ව්‍යාජ ලියවිල්ලක් ඉදිරිපත් කළ බව පොලිසිය ඔහුට එරෙහිව නඩු පවරා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැදි කර ඇත්නම් දඩුවම් ලැබෙයි.(හේ)
පවු අහිංසකයා.(හේ)
ඇයි මෙච්චර කල් ගියේ ඔය වැඩේට? (නි)
ගියවර ජනාධිපති මැතිවරණ අවස්ථාවේ තම පක්ෂය පාවාදී පටු අරමුණින්, වාණිජ වාසිය තකා කළ මෝඩකම සුළුපටු නොවේ. එසේ නොවන්නට අද මොහු නව රජයේ බලවත් ඇමතිවරයකු වී හමාරයි. එදා ලබපු මුදල් සහ වාසි වඩා සිය දහස් ගුණයක් සොයාගන්නටත් තිබුනා. (නි)
මහජනයා තීන්දු කළ නිසා තමා ඔබ ඒවත් කළේ. දැන්වත් හොර බොරු නැතුව දේශපාලනය කරන්න පුරුදු වෙන්න (නි)
කොහොම වුණත් ඒ ගිවිසුමේ තිබුන බොහොමයක් දැනටමත් ඇත්ත වෙලා තියනවා. අනිත් ඒවා ඇත්ත වේගෙන එනවා. එ්කෙන්ම පේනවා හොර අත්සනක්ම බව! මේ නාඩගම් හොඳයි තණකොළ කන හරක්ට. අපේ රටේ ඉතින් බහුතරයක් ඒ ජාතියනේ. ඉතින් මේ නාඩගම් වලින් පුළුවන් ආණ්ඩු කරගෙන යන්න. (නි)
රනිල්ගේ අත්සන හොරට ගහලා කියන්නේ, එතකොට එ්කේ තිබුන අනිත් අත්සන් ඇත්ත ඒවාද? එහෙමනම් ගිවිසුමත් ඇත්ත ගිවිසුමක් බව පිළිගන්නවා ආණ්ඩුවම? (නි)
අත්තෙන් අත්තට පනින කුරුල්ලා... අනිත් ටික මතක නැහැ. (නි)
හරියට ලොකු වීර ක්‍රියාවක් කරලා වගේ අත් දෙක පෙන්වන්නේ. මහත්තයෝ, ඔබ ඉල්ලාගෙනයි කෑවේ. කුම්බලා මාළු කෑවා නම් දුක විඳපන් බළලෝ කිව්වලු... (නි)
එක්සත් ජාතික පක්ෂයේ මේ වගේ කෙනෙක් ගැන ඇහුවමයි. ගැළපෙන්නේ නම් අර අසවල් පක්ෂයට. (නි)
මේක මහ අවනඩුවක් අපිට නම් (නි)
හිරේට යන එක මෙයාලට ලොකු අභිමානයක් වගෙයි (නි)
යහපාලනය රට හදන එක කැලේ. පළිගැනීමේ සීමාවක් නැහැ. (නි)
ඔබ හරියට ජාතික විරවරයෙක් වාගේනේ මාධ්‍යවලට පෙනීසිටින්නේ (නි)
මෙයා හිනාවෙන්නේ මොකද? හිරගේ මේතරම් සැපද? (නි)
මෙයා හිනාවෙන්නේ මොකද? (නි)
තිස්ස.... තිස්ස.... තිස්ස...? කවදාද මෙය අවසන් වෙන්නේ? (නි)
තෝරු මෝරු අල්ලන්නකෝ... (ර)
අවසාන මොහොතේදී නොමග ගියා අපරාදේ... (ර)
දුක හිතෙනවා දැක්කම. අන්තිම අවස්තාවේදී නොමග ගියා.... (ර)
වරදක් කර ඇත්නම් දඬුවම් ලැබිය යුතුයි. (ර)
මෙහෙමත් රටක් ලෝකේ කොහෙත් නැතිව ඇති. (ර)
තණ්හාය ජායතී ශෝකෝ. (ර)
ටික දවසකට ඇමති කමක් ගන්න ගිහින් කර ගත්තු විනාශයක්. හරි ප්‍රතිපත්ති නැති වුණාම වෙන දේවල්.(ම)
ඒ දවස්වල මෙහෙම වෙයි කියලා හිතුවෙම නැහැ නේද ආයිබෝන්! (ර)
සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා. (ම)
අයියෝ තිස්ස කරගත් දෙයක්. (ර)
අනේ පවු අහිංසකයා! හිනාවෙන්ම පේනවා අහිංසක බව. (ර)
බිම්මට්ටමේ සිට පාක්ෂිකයන්ගේ ඉල්ලීම්වලට කන්නොදීමේ ප්‍රතිපල තමයි මේක. (ර)
පාඩුවේ කරන වැඩේ හරියට කරගෙන හිටියනම් අදටත් හොඳින් ඉන්නවා නේද ? (ර)
ආනේ පව්.. හොදට හිටිය මිනිස්සු. (ර)
තිස්ස තිස්ස මේ නඩුව හැර වෙන නඩු ඔබට තිබේද ?(හේ)
කුම්බලා මාළු කෑවා නම් දුක විඳපන් බළලෝ කිවුවලු (නි)
මෙයා හිනා වෙන්නේ මේ දැන් ක්‍රිකට් තරෙඟකදි සෙන්චරි එකක් ගැහුව බැට්ස්මන් වගේනේ (හේ)
ජීවිතේ සෑහෙන කාලයක් කිරි දොවල අන්තිමට කිරි කලෙට ගොම බින්දුවක් දාගත්තු මහත්තයෙක්. හේතුව? පාප මිත්‍ර සේවනය! (හේ)
අත්සන හරිද වැරදිද කියල දන්නේ කොහොමද ? (හේ)
ඕනා දෙයක් කරලා ලංකාවේ දේශපාලුවන්න්ට හිනාවෙන්න පුළුවන්. (හේ)
රිමාන්ඩ් කලා වගේම එළියට එයි.(හේ)
අප්පච්චිට බලන්න යන්න වෙයි නේද ආපහු ?(හේ)
එහාට මෙහාට පනින්නේ නැතුව හිටිය නම් , අද උප අගමැති වගේ ඉන්න තිබ්බනේ.(හේ)
මෙතුමා ඉදිරිපත් කළ ලියවිල්ල එදා ව්‍යාජ එකක් කිව්වට, අද අපට පෙනෙනවා එහෙම කුමන්ත්‍රණයක් තිබුණු බව. (හේ)
දේශපාලනයේ අවාසනාවන්තම කෙනා මෙතුමයි..(හේ)
පුංචි ඡන්දේ ළඟ එද්දී ආයෙම ආටක නාටක පටන් ගත්තාද? අනේ රටකට ගිය කලක්,,,(හේ)
මෙතුමාව මේ වරදටම මීත පෙරත් හිරේ දැම්මා නේද? එකම වරදකට දේශපාලකයන්ට හිතෙන හිතෙන වාර ගණනක් මිනිස්සු හිරේ දාන්න පුලුවන්ද? (හේ)
විහින් නසාගැනීමක් . (හේ)
ඔය ලියවිල්ලේ ඇත්ත නැත්ත හොයන්න ලේසිම ක්‍රමය එකේ තිබුන දේවල් අද ඇත්ත වෙලාද නැතිද කියල බලන එකයි. එක බලන ඕනෑම මොලයක් තියෙන කෙනෙකුට ඇත්ත නැත්ත තේරුම් ගන්න පුළුවන්, දේශපාලන කන්නාඩියක් ගෙන නෙමෙයිනම් බලන්නේ. (ර)
තිස්ස හොඳ මනුස්සයෙක්. ඇත්තටම කණගාටුයි. (ර)
සමන්ත, නිකම් මෝඩ කතා කියන්න එපා මෙයාව තවම හිරේ දැම්මේ නැහැ . හිරේ දාන්නේ නඩුව අහල ඉවර වෙලා වැරදි කාරයා වුනහමයි . රිමාන්ඩ් කරලයි තියෙන්නේ . ඉස්සෙල්ලත් හිටියෙත් රිමාන්ඩ් එකේම තමයි .එයා කරපු වැරැද්ද ඔප්පුවුනොත් බරපතල දඬුවම් ලැබෙන්න නියමිතයි. (ර)
සමන්ත වගේ අය හිරේ දැම්මත් බනිනවා, නොදැම්මත් බනිනවා. බයියොන්ගේ හැටිද මන්දා. (ර)
මාර ප්‍රශ්නයක් තමයි.(හේ)
හොද මනුෂයෙක් රෙජීමය මොහුව විනාශ කළ ඔබට දෙවියන්ගේ පිහිට (හේ)
මම දැකපු අවාසනාවන්තම දේශපාලඥයා.(හේ)
කරපු වැරදි අවබෝධ කරගනිමු ඉවසමු. ආපහු මිනිපේ ට යමු.(අ)