කූඨ ලේඛන සකස් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා සන්ධාන ආණ්ඩුවේ හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක ලබන 11 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා අද නියෝග කළේය.

අත්තනායක මහතා ප්‍රසිද්ධියට කළ ලියැවිල්ල ව්‍යාජ ලේඛනයක් බව පරීක්ෂණවලින් තහවුරු වීයැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

සැකකරුට ඇප ලබා දුනහොත් සාක්කිකරුවන්ට බලපෑම් කිරීමට ඉඩ ඇති බවත්, මේ සිද්ධිය ලෙස බොහෝ දෙනකු බලා සිටින නිසා ඇප දුන්නොත් මහජන කැළඹීමක් ඇති විය හැකි බවත් රහස් පොලිසිය කීවේය.

කූඨ ලේඛන සකස් කිරීමේ වරදට ඔහු වැරදිකරුවකු වුවහොත් හත් අවුරුදු සිරදඬුවම් නියම කළ හැකි බව දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වේය.

(වීඩියෝ - සනත් ඩෙස්මන්)

(ඡායාරූප ඉෂාන් සංජීව)

_DSC0555

_DSC0555 _DSC0565

_DSC0524 _DSC0528 _DSC0547 _DSC0570 _DSC0571