වත්තල කුකුළු මස්  ව්‍යාපාරිකයකු තියුණු  ආයුධ වලින් කපා  කොටා  ඝාතනය කිරිමේ  සිද්ධීයට  සම්බන්ධ සැකකරු (24) දෙමඩගොඩ  නිවසකින් අද (02) අත්අඩංගුවට ගත් බව දෙමඩගොඩ පොලිසිය කියයි.

රුපියල්  තිස් දහසක කොන්ත්‍රාත්තුවක්  මත ඔහු මරා දමා  ඇතැයි  පොලිසිය සැක කරයි.

වත්තල මාබෝලේ  මොහොමඩ් අභින්සා  නම් ව්‍යාපාරිකයා  ගිය අගෝස්තු  05 වැනි දා  සිය පුතා  සමඟ ත්‍රිරෝද රථයෙන්  වැලිසර ආර්ථික මධ්‍යස්ථානය වෙත යමින් සිටියදී පුතා  ඉදිරියේදී ම ව්‍යාපාරිකයා කපා කොටා  ඝාතනය කොට  තිබුණි.