අනුරාධපුර තිසා වැවේ මාළුන් විශාල වශයෙන් මිය යාමට පටන් ගෙන ඇතැයි ද මේ හේතුවෙන් එම වැවේ ජල පාරිභෝගිකයින්ද ගැටලු රැසකට මුහුණපා ඇති බවත් ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් පවතින බවත් ප්‍රදේශවාසීහු කියති.
ජල සම්පාදන කාර්යාලයේ නිලධාරින්ට මාළුන් හා ජලය පරික්ෂණයට රැගෙන ගිය බවත් මේ සදහා කඩිනම් විසදුම් ලබා දෙන ලෙසත් ඔවුහු ඉල්ලති.
තිසාවැව ජල සම්පාදන මණ්ඩලයේ ස්ථානභාර නිලධාරි ටි.එච්.ඩබ්ලිව් ප්‍රියන්ත මහතා පැවසුවේ වැවේ ඇතැම් ස්ථානවල ඔක්සිජන් මට්ටම අඩුවීම නිසා මේ තත්වය මතුව ඇති බවයි. එසේම ජලය හා මාළුන් රැගෙනවිත් නාරා ආයතන හා මධ්‍යම පරිසර අධිකාරිය පරික්ෂණ සිදුකරන බවත් කෙසේ වෙතත් ජල සම්පාදන මණ්ඩලය මගින් ජලය වාතනය කර බෙදා හරින බවත් ඔහු කීවේය.
තිසාවැව සහකාර වාරිමාර්ග ඉංජිනේරු ප්‍රසන්න තිලකරත්න මහතා සඳහන් කළේ මෙවැනි තත්වයන් සුළු වශයෙන් පසුගිය වර්ෂවලද දක්නට ලැබුණ බව තිසාවැවේ ධීවරයින් තමා සමග පැවසු බවයි. තිසා වැවේ මාළු ගහණයේ වැඩිවීමද මීට බලපා ඇතැයි අනුමාන කරන බවද තිලකරත්න මහතා කීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැවේ මාළුටත් නරක දසවක්ලු රටේ අපිටත් නරක දසාව ලැබුවා (බ)
හේතුව සොයාගන්නා තෙක් ජනතාව දැනුවත් කරලා තියන්න ඕන මේ දවස්වල වැව් මාළු කෑමෙන් වලකින්න කියල. (බ)
මා මෙයට වසර දහයකට පමණ පෙර මෙම ප්‍රදේශයේ වාසය කලා. එකට මෙම වැව අසලම නිවසක තමා හිටියේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි දොස්තර මහතා. එතුමා හරිත අලුත්ගේ .ඔහු සතියෙන් සතියට මෙහි ජලය කොලඔ යවා පරීක්ෂා කළා.(ම)
හැම තැනම විනාසයක් අපේ රටට ගිය කලක් (ම)
මෙහි දිය නෑමට තහනම් කල පසුව පලි ගැනීමේ චේතනාවෙන් කවුරුන් හෝ මෙහි ජලයට වස විසක් දම ජලය අපවිත්‍ර කර ඇතිබව පේනවා (ම)
තිසා වැවේ මිරිදිය ධිවර කර්මාන්තය ඉවරයි මේකේ මාළු ටික ඔක්කොම මැරිලා නම් . වැව අවට දරුවන්ට දෙන්න රසම ආහාරයක් තමයි මේ . මිරිසට කොරලි මාළු හොද්ද . අපරාදේ ලොකු අපරාධයක් . මොකක් හෝ ලොකු විසක් ඇතුල් වෙලා තියෙනවා . නැත්නම් කොරලියෝ එහෙම ලේසියෙන් මැරෙන්නේ නැහැ (බ)
මේ වතුර චෙක් කරලා බැලුවේ නැද්ද?(හේ)
මේ හැම ව්යාසනයකටම, ඍජුව, වක්‍රව හෝ කුමන අයුරකින් හෝ මිනිස් ක්‍රියා කාරකම් නිසා සිදුවන විපත් වලින් මුළු රටම වෙලාගෙන. අහෝ.! ලක් මෑණියනි ,මගේ රටට ගිය කලක්... (ර)
ජලයට විෂක් මුසු වෙලා ඇති. (ර)