රුපියල් තිස් ලක්ෂයක් තම ගමන් මල්ලේ පතුලේ සගවාගෙන කුවෙට් බලා යාමට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගත් රේගුව ඔහුට රුපියල් පන්ස් දහසක දඩයක් නියම කර, එම මුදල් තොගය රාජසන්තක කළේය.
සැකකරු කොළඹ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු බවත් අදාල දඩ මුදල සැකකරු විසින් නොගැවීම නිසා ඔහුව මීගමුව අදිකරණයට බාර දීමෙන් අනතුරුව රිමාන්ඩි බන්ධනාගාරගත කළ බව රේගු මාධ්‍ය ප‍්‍රකාශත රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරු පෙරේදා සවස ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 229 දරණ ගුවන්යානයෙන් කුවෙට් බලා යාමට පැමිණි අවස්ථාවේ රේගු නිලධාරීන් සහ ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු රේගුවට පවසා ඇත්තේ මෙම මුදල්, රුපියල් දස දහසක මුදල් කොන්ත‍්‍රාත්තුවක් මත කුවේට් හි සිටින පුද්ගලයෙකුට බාර දීම සඳහා මෙලෙස රැගෙන යාමට උත්සහ කළ බවකි.
මේ පිලිබඳ විමර්ශක කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළෙ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගේ අධීක්ෂනය යටතේ රේගු අධිකාරිවරුන්වන එස්. චන්ද්‍රසේන, පී.එස් නුගවෙල සහ සහකාර රේගු අධිකාරීවරුන්වන ජේ.කේ.එන් පෙරෙරා, ලලිත් රණතුංග, එස්.එම්.එස් තිසේරා, කේ.කේ.ඞී ප‍්‍රියදර්ශන, එ.එල්.එම් ෆපීර් යන නිලධාරීහු සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රේගු නිළධාරීන්ට උණුසුම් සුබ පැතුම් ! (දී)
සල්ලි මෙහෙම අරගෙන යනවද. පිටකොටුවේ නාඩර් කෙනෙකුට දුන්නා නම් උන්ඩියල් ක්‍රමේට පැයකින් ඕනෑම රටකින් ගන්න පුළුවන්. වියදම් වෙන්නේ සුළු කොමිස් මුදලක් විතරයි. මුදලත් ආරක්ෂිතයි දඩයකුත් නැහැ. රිමාන්ඩ් වෙන්නෙත් නැහැ. (දී)
ලංකාවේ රුපියල් පිටරට ගෙනිහින් ඇති වැඩේ මොකද්ද? කොහෙවත් මාරු කරන්න බැරි සල්ලියක්. (නදී)
කෙනඩා දිසා , ලක්ස 37 කියන්නේ පොඩි මිනිහෙක්ගේ වැඩක්ද ? නිකන් මෝඩ කතා කියන්න එපා අනේ (දී)
අයියෝ මේවද ගේම්? පොඩි මිනිහෙක් කළහම ඔහොම තමයි (නි)
මුදල් වලට ආශාවෙන් තව තව මොන වගේ අපරාද වැඩ කරනවා ඇද්ද ? (දී)
නිත්‍යානුකූලව මුදල් ගනු දෙනු කළා නම් ඔය මොකක්වත් නැහැනේ (දී)