රුපියල් තිස් ලක්ෂයක කප්පමක් ඉල්ලා මාලිගාවත්තේ පැහැර ගැණුනු අට හැවිරිදි දරුවකු 24 පැයකට පසු බේරා ගැනීමට මාලිගාවත්ත පොලිසිය සමත් විය.
ජංගම දුරකතන ව්‍යාපාරිකයකුගේ පුත්‍රයා පැහැර ගැනීමට මුල් වී ඇතැයි කියනුයේ ඔහුගේම මිතුරකු බවත් සොයා ගෙන ඇත.
ළමයා පැහැර ගත් බවට බදාදා සවස ලැබුණු මුල්ම ඇමතුමෙන් තියා ඇත්තේ දරුවා බේරා ගැනීමට රුපියල් ලක්ෂ 30ක් අවශ්‍ය බවයි.
පොලිසියේ උපදෙස් අනුව ක්‍රියා කළ පියාට කප්පම් කරුවන් පවසා ඇත්තේ වත්තලට එන ලෙසයි. එහි ගිය විට ඔහුට උපදෙස් ලැබුණේ සල්ලි මල්ල සමඟ දුම්රියට නැඟ හුණුපිටිය වෙඩිකන්ද අසළ දී එය විසි කරන ලෙසයි.
පියා ඒ අනුව සල්ලි මල්ල විසි කළ බවත්, සල්ලි මල්ල අහුලා ගන්නට දුම්රියෙන් බිමට බට පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට වෙස් වලාගෙන ආ පොලිස් නිලධාරින් සමත් වූ බවත් පොලිසිය පවසයි.
ළමයා සිටින තැන ඔවුන්ගෙන් සොයා ගත් පොලිසිය එහි ගොස් ළමයා බේරා ගත්තේය. පිහියක් අතැතිව ඇති පුද්ගලයකු ළමයා මුර කරමින් සිටි බව පොලිසිය පවසයි.
තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුරක් නොවී ගළවාගන්න ලැබුණ එක ලොකු දෙයක් (නි)
ආයුධ සොයන්න එක්කන් යන්න තුන්දෙනාම. (ස)
මුන් එල්ලමුද? (ස)
මෙවැන්නෝ සමාජයෙන් තුරන් කළ යුතුමයි. (ස)
අනේ මේ නොදරුවා බේරගත්තට පොලිසියේ මහත්වරුන්ට පින්.කොහොම ඉවසන්නද කරදරයක් වුණානම්. (ස)
විශිෂ්ටයි. පොලිසියට අපේ උත්තමාචාරය. (ස)
අනේ රාළහාමි ඔය තුන්දෙනා සඟවපු ආයුධ පෙන්නන්න එක්කන් යන්න. (ස)
මොවුන්ට නිසි දඩුවම් ලබා දෙන්න. (ස)
මේ පියා ඉවසීමෙන් හා බුද්ධියෙන් කටයුතු කළ නිසා දරුවත් මුදලුත් දෙකම බේරගත්තා. අපේ පොලිසියට මගේ ප්‍රණාමය.තව තවත් මෙවැනි අපරාධකරුවන් නීතිය ඉදිරියට පැමිණවීමට ශක්තිය ලැබේවා. (ස)