IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තිස් ලක්ෂයේ කප්පම දුම්රියෙන් එළියට

රුපියල් තිස් ලක්ෂයක කප්පමක් ඉල්ලා මාලිගාවත්තේ පැහැර ගැණුනු අට හැවිරිදි දරුවකු 24 පැයකට පසු බේරා ගැනීමට මාලිගාවත්ත පොලිසිය සමත් විය.

ජංගම දුරකතන ව්‍යාපාරිකයකුගේ පුත්‍රයා පැහැර ගැනීමට මුල් වී ඇතැයි කියනුයේ ඔහුගේම මිතුරකු බවත් සොයා ගෙන ඇත.

ළමයා පැහැර ගත් බවට බදාදා සවස ලැබුණු මුල්ම ඇමතුමෙන් තියා ඇත්තේ දරුවා බේරා ගැනීමට රුපියල් ලක්ෂ 30ක් අවශ්‍ය බවයි.

පොලිසියේ උපදෙස් අනුව ක්‍රියා කළ පියාට කප්පම් කරුවන් පවසා ඇත්තේ වත්තලට එන ලෙසයි. එහි ගිය විට ඔහුට උපදෙස් ලැබුණේ සල්ලි මල්ල සමඟ දුම්රියට නැඟ හුණුපිටිය වෙඩිකන්ද අසළ දී එය විසි කරන ලෙසයි.

පියා ඒ අනුව සල්ලි මල්ල විසි කළ බවත්, සල්ලි මල්ල අහුලා ගන්නට දුම්රියෙන් බිමට බට පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට වෙස් වලාගෙන ආ පොලිස් නිලධාරින් සමත් වූ බවත් පොලිසිය පවසයි.

ළමයා සිටින තැන ඔවුන්ගෙන් සොයා ගත් පොලිසිය එහි ගොස් ළමයා බේරා ගත්තේය. පිහියක් අතැතිව ඇති පුද්ගලයකු ළමයා මුර කරමින් සිටි බව පොලිසිය පවසයි.

තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

 

 

 



අදහස් (0)

තිස් ලක්ෂයේ කප්පම දුම්රියෙන් එළියට

ලකී Thursday, 10 April 2014 05:54 PM

අනතුරක් නොවී ගළවාගන්න ලැබුණ එක ලොකු දෙයක් (නි)

:       0       0

චන්දන Thursday, 10 April 2014 04:24 PM

ආයුධ සොයන්න එක්කන් යන්න තුන්දෙනාම. (ස)

:       0       0

සමන් Thursday, 10 April 2014 04:28 PM

මුන් එල්ලමුද? (ස)

:       0       0

සදුනි Thursday, 10 April 2014 04:31 PM

මෙවැන්නෝ සමාජයෙන් තුරන් කළ යුතුමයි. (ස)

:       0       0

නිලන්ති Thursday, 10 April 2014 04:31 PM

අනේ මේ නොදරුවා බේරගත්තට පොලිසියේ මහත්වරුන්ට පින්.කොහොම ඉවසන්නද කරදරයක් වුණානම්. (ස)

:       0       0

ජයවර්ධන Thursday, 10 April 2014 04:34 PM

විශිෂ්ටයි. පොලිසියට අපේ උත්තමාචාරය. (ස)

:       0       0

රණසිංහ Thursday, 10 April 2014 04:35 PM

අනේ රාළහාමි ඔය තුන්දෙනා සඟවපු ආයුධ පෙන්නන්න එක්කන් යන්න. (ස)

:       0       0

තුෂාරිකා Thursday, 10 April 2014 04:49 PM

මොවුන්ට නිසි දඩුවම් ලබා දෙන්න. (ස)

:       0       0

මීනා Thursday, 10 April 2014 04:56 PM

මේ පියා ඉවසීමෙන් හා බුද්ධියෙන් කටයුතු කළ නිසා දරුවත් මුදලුත් දෙකම බේරගත්තා. අපේ පොලිසියට මගේ ප්‍රණාමය.තව තවත් මෙවැනි අපරාධකරුවන් නීතිය ඉදිරියට පැමිණවීමට ශක්තිය ලැබේවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 511 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1058 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site