රුපියල් තිස් තුන් ලක්ෂ අසූ දහසක් වටිනා නිම නොකල රත්තරන් වළලූ දහයක් සහ මාල තුනක් පැලඳ ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට උත්සහ කළ මවක , දියණියක සහ තවත් කාන්තාවක කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
මොවුහු කොළඹ කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකාරියෝ වෙති. දියණියගේ වයස අවුරුදු පහලොවකි.
අත් අඩංගුවට ගනු ලැබු රන් ආබරණ වල බර ග‍්‍රෑම් හයසිය හැත්තෑ හයක් බව රේගුව කියයි.
රේගු නිලධාරීන් විසින් ප‍්‍රශ්න කිරීමේදී මොවුන් පවසා ඇත්තේ තමන් චෙන්නායි බලා යාමට ගුවන් ප‍්‍රවේශ පත‍්‍ර මිලදී ගැනීම සඳහා කොලඹ පිහිටි ගුවන් ටිකට් පත් අළෙවි කරන ආයතනයකට ගිය බවත් එහිදි ටිකට් ඒජන්තවරයා විසින් මම වළලූ සහ මාල ඉන්දියාවට ගෙන යාමට ලබා දුන් බවයි.
මේ පිළිබඳ රේගු පරික්ෂනය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතා විසින් එම රන් ආභරණ රාජසන්තක කර එක් අයෙකුට රුපියල් දස දහස බැගින් වැඩිහිටි කාන්තාවන් දෙදෙනාට රුපියල් විසිදහසක දඩ නියම කළේය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ඊ.ඒ පේ‍්‍රමරත්න, සහකාර රේගු අධිකාරීවරුන් වන එම්.ඒ.ඒ ශාන්ත, එච්.ආර්.ජී කරුණාතිලක, එල්.පී.එම්.පී කුමාර, කේ.ජී.ජී චමීර, ඩබ්ලිව්.එම්.එන්.ආර් විජේතුංග, එන්.එම්.එස්.ඒ ප‍්‍රියදර්ශන, ඩබ්ලිව් පේ‍්‍රමජයන්ත, එන්.එම් ජයසුන්දර යන නිලධාරීහු සිදු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාවින්නේ උපාලි ගුණසේකර සොහොයුරාට අපගේ සුභ පැතුම්!(නදී)
අනේ නොදන්නාකමටයි අහන්නේ ,රට යනකොට රන් මාලයක් දාගෙන යන්න බැරිද? (නි)
නියෝජ්‍ය අධ්‍යක්ෂ ස්ටැන්ලි සොහොයුරා ඇතුළු රේගුවේ පැරණි මිතුරන්ට නැවතත් සුබ පතන්න අවස්ථාවක් ලැබීම ගැන හරි සතුටුයි. රටේ සම්පත් රැකදීමට ඔබ කරන සේවය තව තවත් ජනතාවගේ පැසසුමට ලක්වේවා! මේ තොරතුරු විදේශවල ඉන්න අපට දැනගැනීමට සලස්වන ලංකාදීපයටත් ස්තුතියි. (නි)
මෙම රන් ආභරණ ලංකාවෙන් පිට කිරීම දිනපතාම සිදුවන දෙයක්. දිනපතාම වාගේ අසුවනවා වාගේම දිනපතා කෙරෙන්නේත් අධි පරිමාණයේ වෙළඳ ව්‍යාපාරයන් ලෙසින්. අසු නොවන ප්‍රමාණය කොපමණද දන්නේ නැහැ (නි)
පිටරට සංචාරයට යන අයට රත්තරන් අබරණ පළදින්න තහංචිද? කවුරු හරි දන්නවා නම් කියන්නකෝ. (ස)