ඉන්දියාවේ සිට මෙරට මුස්ලිම් ආගමික නායකයෙකු ගෙන්වීමට බාධා කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් ඊට වන්දි ලෙස රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා මුස්ලිම් ආගමික සංවිධානයක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම මාර්තු 15 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(15) දින නියම කළේය.
මෙම පෙත්සම් අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, බුවනෙක අළුවිහාරේ සහ අනිල් ගුණරත්න මහත්වරුන්ගෙන් සමන්විත ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවන ලදී.
තවුෆික් ජමාත් සංවිධානයේ සභාපති සහ ලේකම්වරයා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක ලේකම්, ආගමන විගමන පාලක, නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
ශුද්ධවූ කුරානයේ සිංහල පරිවර්තනයක් එලි දැක්වීමේ උළෙලක් පසුගිය වසරේ නොවැම්බර් 8 වැනිදා සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේ පැවැත්වීමට කටයුතු යොදා තිබූ බවත්, එම උත්සවයට ඉන්දියාවේ තමිල්නාඩුවේ ආගමික නායකයින් වන හනීෆා මොහොමඞ් යූසුෆ් තවුෆික් සහ ඇතුළු තිදෙනෙකු ගෙන්වීමට සූදානම් කොට තිබියදී ආරක්ෂක ලේකම්වරයා ඔවුන්ට වීසා නිකුත් කිරීම අවලංගු කරන ලෙස ආගමන විගමන පාලකයින්ට දැනුම් දුන් බව සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහොමඩ් යුසුෆ් තව්ෆික් අන්තවාදයේත් (බ)
විසා නිකුත් කිරීම හෝ නොකිරීම ආගමන පාලකගේ කාර්යයක්. එයට අප අවනත විය යුතුයි. (බ)
සිංහල වේවා,දමිල වේවා, මුස්ලිම් වේවා, මොනම අන්ත වාදයකටවත් අපේ රටේ ඉඩක් නොදිය යුතුය...පිටිපස්සේ ඉන්නේ වෙනත් බලවත් යයි කියා ගන්න රටවල කුරිරු පාලකයෝ...රටේ නැති ප්‍රශ්න ඇති කරන මේ අන්තවාදීන් වහාම පලවා හැරිය යුතුයි...(බ)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
මේවට අපි ඉතින් මොනවා කියන්නද? නිශ්ශබ්දව බලාගෙන ඉඳිමු (නි)
අර බුරුම හාමුදුරු නමක් එනකොට මැරෙන්න හැදුවේ? (බ)
සුදුසු දෙයක් වෙයිනේ.... (නි)
මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ මටත් (නි)
ලේකම්තුමා ගත් තීරණය හරි. (නි)
මෙම කණ්ඩායම ගැන බුද්ධි අංශ හැමතිස්සෙම අවධානයෙන් සිටිය යුතුයි. ආරක්ෂක අමාත්‍යාංශය දන්නවා ඒගොල්ලෝ කරන්නේ මොකක්ද කියලා. ලංකාවේ ප්‍රශ්න ඇතිවෙන කිසිම දෙයක් කරන්න කාටවත් ඉඩදෙන්න එපා. (නි)
ලංකාවේ ආගම සම්බන්ධ විද්වතුන් සිටියදී ඉන්දියාවෙන් ගෙන්වන්නේ මොකටද? (නි)
අපි සියළු ආගම් වලට ගරුකළ යුතුයි (නි)
අපි මේවට අනවශ්‍ය විදිහට කලබල වෙන්න ඕනෑ නැහැ (නි)
ගුණතිලක, මම මගේ ආගමට හැර අන් කිසිදු ආගමකට ගරු නොකරමි. මා ගරු කරන්නේ ඔබට ඔබේ ආගම ඇදහීමට ඇති නිදහසට පමණි. (බ)
කලබලනොවී ඉවසීමෙන් වැඩකිරීමයි වැදගත් (නි)
තහනම් කරන්නේ සාධාරණ හේතු ඇතුවයි. (නි)
ලේකම් තුමනි ඔබේ තීරණය හරි නොසැලී ඉන්න (ම)
මේ වගේ දේවල් හින්දා ඉස්ලාමය ගැන වැරදි අදහසක් මිනිසුන්ට එන්න පුළුවන් කියලා මට හිතෙනවා (නි)
මේගොල්ලෝ නේද පසුගිය දිනවල ලංකාවේ කලබල ඇතිකළේ? සමහර හාමුදුරුවෝ මේ අසාධාරන වලට එරෙහිව නේද නැඟීසිටියේ? (නි)
අපි සියළු ආගම් වලට ගරුකරන්න පුරුදුවෙමු (නි)
යම් තීරණයක් ගන්නේ බොහෝ දුර සිතාබලානේ. එනිසා මේ තීරණය ගැන අපි විවේචන කළයුතු නැහැ (නි)
අලුත් වියවස්තාව සැදීමේදී ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව මානව හිමිකම් නඩු දාන්න බැරි විදිහට හැදිය යුතුය් - මේවා දුර දිග ගියොත් ඕනෑම ත්‍රස්තවාදියෙක් ලංකාවට ගෙන එන්න ඉඩ තියෙනවා. (ර)
තවුෆික් ජමාත් සංවිධානය හරිද වැරදිද කියලා මම දන්නේ නැහැ. නමුත් ඩුබායි වල පන්සලක් ඇරියා කියලා කිසිම අරාබිවැසියෙක් උද්‍ඝෝෂණ කළේ නම් නැහැ. යුරෝපයේත් හැම නගරයකම පන්සල් තිබෙනවා. (නි)
අප පුංචි රටේ සාමය පලුදු වන කරුණු රැසක් මතුවන බවට භයක් දැනේ (රේ)