ගලේවෙල කලාවැව ප්‍රධාන මාර්ගයේ බෙලියකන්දේදී ත්‍රිරෝද රථයක් හා ලොරියක් ගැටීමෙන් සිව් දෙනකු තුවාල ලබා මහමග වැටි සිටියදී පාරේ ගිය යතුරුපැදිකරුවන් තිදෙනකු ඔවුන් රෝහලට යැවූ බව පොලිසිය කියයි.
අනතුරින් පසු එහි නොසිටි බව කියන රියදුරා ඔහුගේ ගලේවෙල නිවසේ දී අත්අඩංගුවට ගත් බවත් ඔහු අද දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලේ නීතිය මහ පාරට! (නි)
රියදුරන් දුවන්නේ මර බයෙන්. ලංකාවේ අයියලා රියදුරන්ට තඩිබාන නිසා පැනලා යන එක හැර වෙන මොනවා කරන්නද? මෑතකදී එලෙස රියදුරාට පහරදුන් දෙන්නෙකු අත්අඩංගුවට ගැනීම ගැන පොලිසියට තුති පුදමු. අනතුරු කරන්නේ හිතලා නෙමෙයි. දඬුවම් කිරීම විනිසුරුගේ කාර්යයක්. (නි)
ඔහු නොගියා නම් මිනිසුන්ගෙන් ගුටිකන්නයි වෙන්නේ. (නි)
අපේ රටේ ගොඩක් රියදුරන් වාහන එළවන්නේ මාර්ග නීතියට නෙමෙයි, කැලෑ නීතියට අනුව. මාර්ග නීති කඩමින් අනතුරක් සිදුකරන රියදුරෙකුට එරෙහිව මිනිස්සු නැඟී සිටීම අසාධාරණම නැහැ. සිදුකළ යුත්තේ මාර්ග නීති කඩකිරීම සම්බන්ධව ඉතාමත් ප්‍රායෝගික ක්‍රම හඳුන්වාදීමයි. වාහනයේ අලාභය අතටම රක්ෂණ සමාගම් ගෙවීමේ ක්‍රමය මත මිනිස්සු අපරික්ෂාකාරී ලෙස රිය පැදවීමේ සම්භාවිතාව ඉහළ ගිහින්. මාර්ග නීති කඩකරන රියදුරන්ට එරෙහිව නඩු පැවරීමට පෙර, ඔවුන්ව යළි මාර්ග නීති ක්‍රම ඉගෙනගන්න පන්ති වෙත යොමුකිරීමත් ඒ සම්බන්ධ පරීක්ෂණ වලට යොමුකිරීමත් කාලෝචිත ක්‍රියාවකි. (නි)
මේ රටේ ත්‍රිරෝද රථ ධාවනය සම්බන්ධයෙන් රජය දැඩි පිළිවෙතක් අනුගමනය කළ යුතුයි එය නැති තාක් මෙවැනි අනතුරු බලාපොරොත්තු විය හැකියි මෙයාලා නිසා පාරේ යන්නම නොහැකි තත්වයක් උදාවෙලා තියෙන්නේ (බ)