වෙඩි වැදී හෝ වෙනත් හේතුවක් නිසා පාදයකට හානි සිදුව අසාධ්‍යව සිටින ඇතකු මිනිසුන්ට පෙනෙන්නට පැමිණ සිටිතැයි පුත්තලම අඩපනාවිල්ලුව ගැමියෝ කියති.
සති තුනක පමණ කාලයක සිට මිනිස් ඇස ගැටෙන පරිදි ගැවසෙන මේ ඇතා ගැන විමසිලිමත් වූ විට ඇතාගේ පාදයකට හානි සිදුව ඇතැයි දැකගත හැකි වූ බව ඔවුහු කියති.
අඟහරුවාදා රාත්‍රී පාදයෙන් විශාල ලෙස රුධිරය වහනය වී තිබිණි. අද වනජීවී නිලධාරීන් එහි ගොස් ඇතා පරීක්ෂා කර බැලුවේය. ඔවුන් පවසන්නේ පශු වෛද්‍යවරු ගෙන්වා ඇතාට ප්‍රතිකාර කළ යුතු බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පශු වෛද්‍ය අලියා මරණාසන්න වෙනකොටද දන්නේ නැහැ එන්නේ. සාමාන්‍යයෙන් එහෙම නිසා සතා අවසන් හුස්ම හෙලන්න ළං වෙනකොට ඇවිත් ලකුණු දාගන්න වැඩ කරන්න හදල,පස්සේ මහත් පරිශ්‍රමයක් දමා එ්ත් බේරා ගන්න බැරි වුන බව මාධ්‍ය සාකච්ඡාවක් තියල කියනවා, (බ)
ඇහේ කුමන හේතුවකින් හෝ තුවාල ලබා වේදනාවෙන් පෙලෙන මෙම අලියට ඉක්මනින් ප්‍රතිකාර ලබන දීමට කටයුතු කිරීම සුවිසල් පින්කමකි (රේ)
පශු වෛද්‍යවරු ඔච්චර ගණන්ද ? (බ)
ඉක්මනට බෙහෙත් කරන්න පටන්ගන්න. නැත්නම් වැවේ හිටිය අලියට බෙහෙත් කරගන්න නොහැකිව මැරිලා ගියා වගේ මේ අලියත් මැරිලා යාවි. (නි)
අය්යෝ අලි කීදෙනෙක් මැරුණද පහුගිය ටිකේ , අපේ අවාසනාවද නැත්නම් අලින්ගේ අවාසනාවද මන්ද ?(ම)
සතුන්ට කරුණාව දක්වන උදවිය තවමත් අපි අතර ඉන්නවා කියන විශ්වාසය මතයි අලියා අැවිත් තියෙන්නේ . අපි ඒ විශ්වාසයට ගරු කරන්න ඕන (ම)
මට මේ දර්ශනය බලන්න බැහැ. අනේ වනජීවී නිලදරුවනි, මේ සද්දන්තයාගේ ජීවිතය බේරන්න. ඔබට බොහොම පින්! (නි)
මේ සතාට සුවය ලබාදීමට කටුතු කරන ඔබලාට මහා පිනක් ලැබේ. හස්තියානෙනි ඔබට ඉක්මන් සුවය ලැබේවා! (ස)
අපේ මිනිස්සු ගිහින් අලින්ගේ වාස භූමිය ආක්‍රමණය කරලා. අලියාගේ අයිතිවාසිකම ගැන කියන්න අලියා ඉදිරිපත් වෙන කොට එයාලට වෙඩි තියනවා. මේවා හුඟක් සිදුවන්නේ සිංහල බෞද්ධයෝ ඉන්න ප්‍රදේශවල. ඔන්න ඕකයි අපේ සමාජයේ හැදියාව.(ම)
අපේ රටේ අලි ටික රැකගන්න රජය මීට වඩා වැඩි වැඩ කොටසක් කළ යුතුයි..වනජීවීන්ට හමුදාවෙන් හෙලිකොප්ටර් සහ සතුන්ට ප්‍රතිකාරයන් සදහා රෝහලක් තිබිය යුතුයි...? (ම)
මොන ආණ්ඩුව පත්වුණත් අලි මිනිස් ගැටුමට විසඳුම් නැහැ (නි)
මේ අලි මරණ අය අල්ලලා එක මාස 6 කටවත් හිරේ දාන්න (නි)