දිවයිනට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ පහළ වායුගෝලයේ කැළඹිලි තත්වයක් වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මෙම පද්ධතිය ඉදිරි දින කිහිපය තුල තවදුරටත් වර්ධනය විය හැක. මේ හේතුවෙන් ඉදිරි දින වල විශේෂයෙන් දිවයිනේ උතුරු, නැගෙනහිර, ඌව හා උතුරුමැද පළාත් ඇතුළුව බොහෝ පළාත් වල තවදුරටත් වැසි බලාපොරොත්තු වේ.
උතුරු, නැගෙනහිර,උතුරුමැද,ඌව සහ දකුණු පළාත් වල විටින් විට වැසි ඇති වේ.අනෙකුත් ප්‍රදේශ වල විශේෂයෙන් අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට තද වැසි (මි.මී 100ට වැඩි) ද ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
(2014 ඔක්තෝම්බර් මස 31 වන දින මධ්‍යහන 1200 ට නිකුත් කරන ලදි)
දිවයිනට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ පහළ වායුගෝලයේ කැළඹිලි තත්වයක් වර්ධනය වී ඇත. මෙම පද්ධතිය ඉදිරි දින කිහිපය තුල තවදුරටත් වර්ධනය විය හැක.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළං වයඹ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-30 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.
දිවයිනට නැගෙනහිර සහ දකුණු දෙසින් පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් යාපනයේ සිට මඩකලපුව සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශ වල ක්ෂණිකව සුළං වේගය ඉහළ යාමට ඉඩ ඇත. එවිට එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී.
අනෙකුත් මුහුදු ප්‍රදේශ ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව රළු විය හැක.
කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
තවදුරටත් තද වැසි වර්ධනය වෙයි