තමිල්නාඩු ප්‍රාන්තයේ සරණාගත කඳවුරුවල සිටි තවත් ශ්‍රී ලාංකික සරණාගතයන් 26 දෙනකු සඳුදා (24) යළි දිවයිනට පැමිණීමට නියමිත බව නැවත පදිංචි කිරීම් සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම පිරිස තමිල්නාඩුවේ මදුරෙයි නගරයේ සිට ගුවනින් පැමිණෙන අතර ඔවුන්ට දිවයිනට පැමිණීමට අවශ්‍ය ගුවන් ටිකට්පත් සදහා වැයවෙන මුදල් මෙන්ම ප්‍රවහන වියදම් සහ ආහාර ආධාරද සරණාගතයින් පිළිබද එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීමෙන් ලබා දෙනු ඇත.
ලාංකික සරණාගත පිරිස අතරේ පිරිමින් 10දෙනෙකු සහ කාන්තාවන් 15 දෙනෙකු වන අතර ඔවුන්ගේ මුල් පදිංචිව සිටි මාතලේ, වවුනියාව, මන්නාරම සහ ත්‍රිකුණාමලය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල නැවත පදිංචි කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd