
( ෂේන් සෙනෙවිරත්න )
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රියක් තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම ආයතනය හිමිකරු මීට කලකට ඉහතදී ඔහුගේ පෞද්ගලික ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියගොස් ඇති අතර මේවන විට ඔහුගේ බිරිඳ විසින් එම ආයතනය ව්‍යාපාරික කටයුතු සිදු කරගෙන යන බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් කැබ්රිය මේ වන විට තෙල්දෙණිය පොලිසිය භාරයේ පවතින අතර එම රථය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් අනිවාර්යයෙන්ම අර ෆේල් 400ක් පුරවලා තියෙනවා කිව්ව කාලෙක වෙන්න ඕනේ...
එකත් එකටම අර ෆේල් සීයා පුරවපු කැබ් එක වෙන්න ඕනේ...