මන්නා පහරකින් වම් අත මුළුමනින්ම වෙන්වූ තරුණයකුගේ (31) අත පැය 10යි විනාඩි 30ක සැත්කමකින් පසු සාර්ථකව බද්ධ කිරීමට කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු පිරිසක් සමත් වූහ.
සීමා සහිත පහසුකම් මැද මාසයකදී සිදුකළ දෙවැනි සැත්කම මෙයයි.
පසුගිය 21 වැනිදා කෑගල්ලේ තරුණයකුගේ අතක් මන්නා පහරකින් සම්පූර්ණයෙන්ම වෙන් විය. වෙන්වූ අතද සමග කෑගල්ල රෝහලට ගෙන ආ රෝගියා රාත්‍රී 10.45ට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කරනු ලැබීය. ඒ වන විට සැත්කම සඳහා සියල්ල සූදානම් කර තිබිණි.
මූලික ප්‍රතිකර්මවලින් පසු රෝගියා නිර්වින්දනය කර රාත්‍රී 11.30ට ඇරඹි සැත්කම අවසන්වූයේ පසුදින (22) උදේ 9.00 ය.
කැපී ගිය ඇට කම්බි ආදාරයෙන් මුලින්ම බද්ධ කෙරිණි. පසුව අතේ ඉදිරිපස හා පසුපස මාංශපේෂි හා කණ්ඩරා බද්ධ කැරිණි. අනතුරුව ශල්‍යාගාර අන්වීක්ෂ ආදාරයෙන් ප්‍රධාන ස්නායු තුනක් බද්ධ කර ප්‍රධාන ධමනි දෙකක් හා ශිරා තුනක් ද බද්ධ කරනු ලැබීය. පිට සම මැසීමෙන් පසු සැත්කම අවසන් විය.
මෙම සැත්කම පෞද්ගලික රෝහලක කරන්නේනම් වියදම රුපියල් ලක්ෂ 20 ඉක්මවන බව වෛද්‍ය මතයයි. ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍යෙ වෛද්‍යවරු සිදු කළ මේ සැත්කමට රෝගියාට සත පහක්වත් වැය නොවීය.
විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය දුලිප් පෙරේරා හා විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ධම්මික දිසානායක යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය සහ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී අමිල සිරිවර්ධන සහ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය සහ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී අමිල රත්නායක යන මහත්වරු මේ සැත්කම සිදු කළහ.
විකලාංග ශල්‍ය වෛද්‍යවරුන් වන සුරාන් අල්මේදා හා චෙලියන් මහත්වරුද, නිර්වින්දන වෛද්‍ය සුරංගි ෆනෑන්ඩු මහත්මිය ද, ශල්‍යාගාරයේ හෙද හා උපස්ථායක කාර්ය මණ්ඩලයද සැත්කම සඳහා දායක වූහ.
(ඡායාරූප - තරිඳු ජයවර්ධන සහ අමිල සිරිවර්ධන)
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කෝට්ටේ, මිරිහාන සමෘද්ධි ගොඩනැගිල්ලේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඡන්දය ප්
රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොලේජ් හවුස් හිදි සිය ඡන්දය ප්‍රකාශ කළේය.
පළාත් පාලන මැතිවරණය 2025 සඳහා සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඡන්දය ප්‍රකාශ කිරීම රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරස්
පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර එනම් පස්වරු 4.00 ට අවසන් විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මරදාන පංචිකාවත්ත අබේසිංහාරාම සයිකෝජි පෙර පාසලේදී අද (06) පස්වරුවේ ඡන්දය ප්‍රකාශ කළේය .
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ඇතුළු රටවල් කීපයකින් බ්‍රිතාන්‍යයට ලැබෙන අධ්‍යාපන වීසා බලපත්‍ර අයැදුම්පත් සළකා බැලීම සීමා කිරීමට සැලසුම්කර තිබෙන බව එරට ස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
තවත් විශ්මිත සැත්කමක්
පැට්‍රික් Saturday, 23 June 2012 11:05 PM
ඔබලා කරන මේ සේවය විශිෂ්ටයි
සිරිමල් දුනුවිල Saturday, 23 June 2012 11:09 PM
විශිෂ්ට සේවයක් සිදුකරන මෙඅවගේ විශ්වකර්මයන්ට කවුරුත් ස්තුතිවන්ත විය යුතුයි. කොටපුකෙනාගෙන් වියදම ලබාගත්තොත් තමා හොඳ.
සදන Saturday, 23 June 2012 10:32 PM
වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය නියමයි. දිර්ගායු වේවා ඔබලාට.
නිමල් Saturday, 23 June 2012 10:39 PM
මුළු ලෝකයම අභිබවා යා හැකි වෛද්‍යවරු සහ අනිකුත් කාර්ය මණ්ඩල අපට සිටිනවා . මේ අමිල සේවය තවත් දියුණු කෙරන්න බලධාරීන් සැලකිලිමත් විය උතුයි. එමගින් පිට රට වලට යන අපේ විනිමය ඉතිරි කර ගත හැකි වෙනවා .පෞද්ගලික අංශයේ වෛද්‍ය විද්‍යාලවලින් බිහිවෙන අයගේ මේ කැප කිරීම නැහැ මුදල් මත හැමදේම තීරණය කෙරන්නේ ඒ අය . ඒ නිසා අපේ පොදු වෛද්‍ය සේවය රැක ගැනීමත් අපේ වගකීමක් .
නිමල් Monday, 25 June 2012 10:11 AM
දෙවිවරු වැනි ඔබ සැමට දළදා සමිදු රැකවරණයි
වසන්ත නාත් බිබිලේ Monday, 25 June 2012 03:41 PM
මතු බුදුවන පිංවතුන්....
නිශාඩ් පෙරේරා Monday, 25 June 2012 09:34 AM
අනේ වාසනාවන් !!! ඔබ සැම චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා !!!!!!
සේනානායක Saturday, 23 June 2012 11:24 PM
ඔබ දෙපලගේ අමිල සේවයට අපගේ හෘදයන්ගම ගෞරවය පුදකරසිටිමු .
ධනංජය Saturday, 30 June 2012 12:24 PM
මේ සියලු දෙනාටම මගේ උත්තමාචාරය...!!
Friday, 29 June 2012 10:21 AM
කාර්යය මණ්ඩලයේ සියඵ දෙනාට දීර්ඝායුෂ..
රුවන් Monday, 25 June 2012 09:42 AM
රුහුණේ වීර පුතණුවනි,ඔබහට තෙරුවන් බලයෙන්, නිදුක් නිරෝගි දීර්ඝායු ලැබ මෙවන් ප්‍රාතිහාර්යයන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.. ඔබ ඇතුළු අප ලක්දෙරණේ සියළුම වෛද්‍යවරුන් වෙත අපගේ ආශීර්වාදය මෙයින් පල කරමු
ජානක ඩුබායි Saturday, 23 June 2012 11:32 PM
කියල ලියල නිම කරන්න බැරි තරම් සන්තෝසයි..!!
මෝහම්මෙඩ් ඉර්ෆාන් Sunday, 24 June 2012 07:07 PM
හොද වැඩක්. මම සුභ පතනවා ඔබ සැම දෙනාටම
ෆිසාර් Monday, 25 June 2012 10:26 AM
වෛද්‍යවරු කියන්නේ දෙවිවරුන්ටය විශිෂ්ටයි!
පාලිත Sunday, 24 June 2012 07:09 PM
අමිල මෙහෙයක් ඉටුකරන අමිල දොස්තර මහත්මා ඇතුළු කාර්යමණ්ඩලයට බුදුසරනයි
රොෂාන් කොඩිකාර Saturday, 23 June 2012 11:14 PM
දොස්තර මහත්වරු දෙදෙනා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයට මීට වඩා වැඩි දේවල් කරන්න ශක්තිය ලැබේවා..හැබැයි ඔය උත්තරීතර සේවය හදිසි අනතුරකින් අත පය කැපෙන අයගෙ ඒවා කරනවානම් ගොඩක් හොදයි..
පී. රත්නායක Saturday, 23 June 2012 11:14 PM
බුද්ධියට හා සේවයට ගරැ කරමු. නමුත් අයි මිනිස්සු මේවැනි දේවල් කරන්නෙ.. ඒවා නැතිකරන්න පිලියම් තිබුණට ඇයි නොකරන්නෙ..
මොහොමඩ් Saturday, 23 June 2012 11:17 PM
ඔබ දෙපල අතුළු සියළුම කාර්ය මණ්ඩලයට මගේ ගෞරවය පුද කරමි...
ජයන්ත චතුරංග Monday, 25 June 2012 11:33 PM
ඔබ සැමගේ උතුම් කාර්තව්‍යයට සුභ පැතුම්.!!! සියලු දෙනාටම තෙරුවන් සරණයි .!!!
අමරා අයිරංගනී Sunday, 24 June 2012 12:01 AM
ඔබ සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා..!!
අසංක Sunday, 24 June 2012 12:01 AM
මේ විශ්මිත සැත්කම කළ ඔබසැමට සුභ පැතුම්..
ස්ටැන්ලි Sunday, 24 June 2012 07:04 PM
මෙවැනි වෛද්‍යවරු බිහිවෙන්නේ එස් බී කියන විශ්වවිද්‍යාල කඩ වලින් නෙමේ.
අලි Monday, 25 June 2012 10:21 AM
මෙන්න නූතන බුද්ධදාසල ....හොඳයි..සතුටුයි !!!!!!!!!!!!!
රජිත් මංජුල Sunday, 24 June 2012 12:05 AM
ඔය වැඩේ දැන් ඉවරනේ දොස්තර මහත්තයෝ අපි අර පුද්ගලික රෝහල් ගැන කියපු කෙනාගේ කටත් ඔය ගමන් මහල දාමුද
සංජය Saturday, 23 June 2012 11:26 PM
ඔබතුමන්ලොගේ මේ සිවයට අපගේ ප්‍රනාමය පුද කරන්නෙමු..
ශා Sunday, 24 June 2012 12:34 AM
ආඩම්බරයි
මෙරිල් කරුණාජීව Sunday, 24 June 2012 08:06 PM
ඔබ සැමට තෙරුවන් සරණයි
රවී Sunday, 24 June 2012 08:07 PM
ඔබ අති විශිෂ්ඨයි
සරත් saudi arabia Sunday, 24 June 2012 12:23 AM
මගේ ගෞරවනීය ආචාර්ය පුද කරමි මේ අපේ වීරයන්ට
සන්ධ්‍යා Sunday, 24 June 2012 12:23 AM
වෙන පින් දහම් අවශ්‍ය නැති තරම් ඔබලාගේ සේවය අවංකව කැපකිරීමෙන් කර ලබාගන්න පින හොදටම ඇති. දෙවියන්ගෙ ආශිර්වාදය ඔබලා සැමටත් කර්යමණ්ඩලයටත් අත්වේවා. අසරණ ලෙඩ්ඩුන්ට උපරිමයෙන් සේවය ලබාදීම මොන තරම් අගය කළ යුතුද? දෙවිය්න ඔබව ආරක්ෂාකරත්වා...
විජය බණ්ඩාර කළුආරච්චි Sunday, 24 June 2012 01:43 AM
ඔබල කළ මේ කටයුත්ත මිල කළ නොහැකි සේවය්.. මගේ ගෞරවනීය ප්‍රණාමය..
අන්තෝනි Sunday, 24 June 2012 08:02 PM
හොඳ කණ්ඩායමක්.....
බන්ගලියා Monday, 25 June 2012 10:57 AM
රෝහලින් පිටව යන දාට පසග පිහිටුවා වෛද්‍යවරුන්ට වැදලා යන්න.ඒක තමයි කරන්න පුලුවන් ලොකුම ගෞරවය
පී.එස්. කෙටවල Sunday, 24 June 2012 01:35 AM
මුළු හදින්ම ප්‍රනාමය පුදකරමි..
රජිත මංජුල Sunday, 24 June 2012 01:56 AM
සහහර වෙලාවට කිරි කලයට ගොම දාගන්නව ඒක තමයි නරක
අතපත්තු Sunday, 24 June 2012 01:57 AM
ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත ලක් මව සතුටු කදුළු වගුරවයි ඔබ වැනි විරුවන් දැක..!!
මහේෂ් Sunday, 24 June 2012 03:04 AM
දොස්තරල නොවේ දෙවිවරු ...!
ශාන් Sunday, 01 July 2012 09:00 AM
ආචාර්ය කරනවා ඔබට
කමල් Sunday, 24 June 2012 03:06 AM
සියළු කාර්ය මණ්ඩය සියලු දෙවියන් රකිත්වා..
හිල්මි Monday, 25 June 2012 11:17 AM
මේ අපේ සැබෑ වීරයෝ.....ඔබ සැමට මගේ ප්‍රණාමය...
අමිල කටුනායක Sunday, 24 June 2012 06:52 AM
රජිත් මංජුල ඔබට මා එකගයි
සිසිර Sunday, 24 June 2012 07:51 AM
වනසිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඔබ සදාකල් රැකදේවා ....
තරංග Monday, 25 June 2012 12:17 PM
වැඩක් උනොත් එක්කො රජ රට එක්කො රුහුණ....එත් අහුවෙන්නේ අපි.....
ගීත් Sunday, 24 June 2012 08:04 AM
ඔබ සැමට සුභපැතුම්. ලංකාවට ඔබ වැනි වෛද්‍යවරැ අවශ්‍යයි. මීට පෙරත් මා දන්නා පරිදි මෙවැනි සැත්කම් (කැපී ගිය අත් සහ ඇඟිලි) ලංකාවේ කර තිබෙනවා නමුත් සමහර අවස්ථා වල එසේ මුලින් මෙලෙස සාර්ථකව බද්ධ කරන ලද අත් මාස ගනනකට පසුව ඇත්වු සංකූලතා නිසා නැවත වෛද්‍යවරැ විසින්ම කපා දමා තිබෙනවා. එවැනි අවාසනාවන්ත සිද්දියක් මෙහිදී ඇති නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා.
ප්‍රියදර්ශනී Sunday, 24 June 2012 08:05 AM
ඔබ වැනි දෙවිවරු අපේ රටට මහත් ආඩම්බරයක් .
සමන් 71 Sunday, 24 June 2012 08:07 AM
ඔබට තෙරුවන් සරණයි
සෙනරත් Sunday, 24 June 2012 07:35 AM
ලංකාවේ දැන් ගොඩක් අත පය කපා දානවා ,ඉදිරියට මේ දොස්තරලට වැඩ වැඩි වේවි
කසුරංග Sunday, 24 June 2012 08:50 PM
අමිල මෙහෙයක් ඉටුකරන අමිල දොස්තර මහත්මා ඇතුළු කාර්යමණ්ඩලයට බුදුසරනයි
සුගීත Sunday, 24 June 2012 08:03 AM
දෙවිවරුත් මේ ලෝකේ ඉන්නවා ….
සුසන්ත Sunday, 24 June 2012 08:44 AM
අපේ කට්ටිය මේක පුරුද්දට කර ගනීද දන්නේ නැ..
සුසන්ත Sunday, 24 June 2012 08:16 AM
Great doctors ල අපිට ඉන්නේ .ගොඩක් පින් සිද්ද වෙනවා මේ මහත් තුරුන්ට සහ නර්ස් නෝනලට
නන්දසිරි Monday, 25 June 2012 12:14 PM
මිහිපිට දෙවියෝ කියන්නේ මේ අයට තමයි.....
කසුන් Thursday, 28 June 2012 01:44 PM
වෛද්‍ය තුමා ඇතුළු කාර්යය මණ්ඩලයට සුභ පැතුම්...!!!
අමර Monday, 25 June 2012 01:03 PM
ඔබලා මේ මිහාතලයේ දෙවිවරු....ඔබලාට මාගේ ප්‍රනාමය.....
අමිල කටුනායක Sunday, 24 June 2012 09:56 PM
පේනවා නේද අමිලලගේ වැඩ?
ප්‍රසංග Sunday, 24 June 2012 09:05 AM
ගොඩක් පින්
අමිල කටුනායක Sunday, 24 June 2012 09:57 PM
පේනවා නේද අමිලලා ගේ වැඩ
හර්ෂ Tuesday, 26 June 2012 07:53 PM
බුදුන් දකිනවා නියතයි.. ඔබ සැමට දීර්ඝායුෂ ලැබේවා...!!
වික්‍රමසිංහ Sunday, 24 June 2012 09:23 PM
අමිල සිරිවර්ධන සහෝදරයාණෙනි ඔබ මාතර රාහුල විද්‍යාලයට ගෞරවයකි. ආඩම්බරයකි. ඔබ සමග අකුරු කල යහළුවෙක්...
වික්‍රමසිංහ Sunday, 24 June 2012 09:23 PM
අමිල සිරිවර්ධන සහෝදරයාණෙනි ඔබ මාතර රාහුල විද්‍යාලයට ගෞරවයකි. ආඩම්බරයකි. ඔබ සමග අකුරු කල යහළුවෙක්...
දයා,saudi Sunday, 24 June 2012 10:15 AM
මිහිපිට දෙවිවරු කියන්නේ මේ ශ්‍රේෂ්ට අයට . ඔබසැමට තෙරුවන් පිහිට . කිසිම දවසක කිසිම අපල උපද්‍රවයක් නොවේවා ..අපේ රටේ හොඳ දූ පුතුන් .
අනිල් කුමාර Sunday, 24 June 2012 09:41 AM
මේ සැත්කම කරපු කණ්ඩායමට කිසිමදිනක කරදරයක් වෙන්න එපා .
ප්‍රියා Sunday, 24 June 2012 09:50 AM
සතුට කියාගන්න බෑ,
දිනේෂ් Sunday, 24 June 2012 10:32 AM
නියම දෙවිවරු තමා මේ
ගයාන් Sunday, 24 June 2012 09:58 AM
මිනිස් වෙසින් ආපු දෙවිවරු මේ අය .
චමින්ද Sunday, 24 June 2012 10:41 AM
ඔබල සියලු දෙනාට දළදා සමිදු පිහිටයි. ස්ට්‍රයික් කරන ගොඩටනම් වැටෙන්න එපා.
සුරාජ් Sunday, 24 June 2012 11:01 AM
දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා
සුපුන් Sunday, 24 June 2012 11:19 AM
පින් සිද්ධ වේවා මහත්වරුනේ
ධනවර්ධන Sunday, 24 June 2012 10:18 PM
ඔබ සියල්ලන්ටම ශක්තිය, ධෛර්යය, දීර්ඝායුෂ ලැබේවා!
app Sunday, 24 June 2012 11:45 AM
මෙවැනි වෙදදුරන් බිහි කළ දෙමාපියන්ටත් පින් ලැබේවා
නිලන්ත Sunday, 24 June 2012 11:18 AM
නිදුක් නිරෝගී සුවය ලැබේවා
කාංචනා Monday, 25 June 2012 01:38 PM
මිහිපිට දෙවිවරු ඔබයි.
DAM D MAN Sunday, 24 June 2012 11:47 AM
මට පේන්නේ ජනප්‍රිය වෙන්න අතවල් කපා ගන්නවා වගේ
සේනක Sunday, 24 June 2012 12:53 PM
ශල්‍යාගාර ඇතුලේ පාරමී පුරන බෝසත්වරු. හැදු මව්පියන්ටත් පින්.
අසෝක Sunday, 24 June 2012 01:01 PM
අත් කපන එක නවත්වන්න බැරිද ?
NImal Sunday, 24 June 2012 01:02 PM
මේ අපේ ,,,, සැබෑ දෙවිවරු ,,,,,, අපි ඔවුනට ,,,, ණය ගැතිවෙමු...
ප්‍රසාද් Sunday, 24 June 2012 12:23 PM
හරිම සතුටුයි අමිල යන දෙදෙනා කළ මිල කළ නොහැකි සේවය ගැන. මින් පෙර මාසයේද කළ මෙවැනිම සැත්කමක් අපි දැක්කා. පැය 10ක් එක දිගට මෙවැනි සැත්කම් සීරුවට කරන එක හාස්කමක් තමයි.ඔබලා වැනි අයට නිසි වැටුපක් ගෙවන්න තරම් අපේ රට පොහොසත් නැති එක ගැන කණගාටුයි. මා දන්නා පරිදි වෛද්‍ය අමිල සිරිවර්ධන මාතර රාහුලෙන් උපන් සැබෑ වීරයෙන්.
සුමිත් Sunday, 24 June 2012 12:31 PM
ලංකාවේ අය හරිම දක්ෂයි. ආඩම්බරයි.
මනෝජ් ඉදුනිල් Sunday, 24 June 2012 12:32 PM
ඇත්තටම ගොඩක් ආඩම්බරයි
අයිරනී Friday, 29 June 2012 10:28 PM
අපේ වෛද්‍යවරැන්ට ඇමරිකාවෙ වගේ තාක්ෂණය තිබුණනම් මළ මිනියටත් ජීවය දීමට පුළුවං.. සුභ පැතුම්.. අපිට හරිම ආඩම්බරයි...!!
ගයාන් Sunday, 24 June 2012 11:49 PM
ඔබලාගේ අමිල මෙහෙයට පින්සිදු වෙනවා
මහේශ් ජයවර්ධන Sunday, 24 June 2012 01:29 PM
ගොඩක් හොදයි
ඉන්ද්‍රජිත් Sunday, 24 June 2012 01:49 PM
අතක් මහපුවාම දෙවිවරු. ... සාකච්ඡා දහයක් පමණ අසාර්ථක වෙලා අවසානයේ (රටේ වෘත්තීය සමිති අනපනත් වලින් අවසර දී ඇති පරිදි ) වර්ජනයකට ගියාම යක්කු, මාරයෝ වෙනවා. එහෙම නම්, සෞඛ්‍ය සේවාවේ අයගේ ඉල්ලීම් රජයෙන් නොසලකා හරින වෙලාවල් වලදී අනෙක් රැකියා කරන අය ඉදිරිපත් වෙලා "අපේ දෙවිවරුන්ට වර්ජනය කරන්න හොඳ නැහැ. .. ඉල්ලීම් දෙනවලා.. නැත්නම් අපි හරි වර්ජනය කරනවා.."කියලා බලපෑමක් කරන්න ඕන. රැකියාවක් කරන හැම කෙනාම දන්නවා රජය කිසිවක් බන්දේසියේ තියලා දෙන්නේ නැති බව. මන්ත්‍රී චිට් වලින්ම එන අයත් කලින් කලට ඔය පාරට බහින්නේ ඒ නිසයි.
වික්ටර් ඇමෙරිකාවේ සිට Sunday, 24 June 2012 11:32 PM
අපේ ලංකාවේ විස්මිත දොස්තර මහත්වරු ගැන හරිම ආඩම්බරයි. ඇමෙරිකාවේ කළා නම් ලක්‍ෂ පණහකටත් බැරි වෙයි.
karaa Sunday, 24 June 2012 01:21 PM
බය නැතිව වලියකට යන්න පුළුවන් නේද
අනුද සචින්ත Tuesday, 26 June 2012 09:19 PM
අපේ ලංකාවේ විස්මිත දොස්තර මහත්වරු ගැන හරිම ආඩම්බරයි.සැත්කමට සහාභාගී වූ විශ්මිත වෙදදුරන් ඇතුලු කාර්ය මණ්ඩලයටම මාගේ ප්‍රණාමය පුද කරමි.සැත්කම සිදු කළ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අමිල රත්නායක මහතා හා සැත්කම සිදු කළ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අමිල සිරිවර්ධන මහතා ඇතුලු සියලුම කාර්යය මණ්ඩලයට මාගේ උණුසුම් සුභ පැතුම්............
අචිනි Sunday, 24 June 2012 01:30 PM
මිහිපිට අප දකින දෙවිවරු ඔබයි. නිදුක් නිරෝගී දීර්ඝායු වේවා.
චමින්ද Sunday, 24 June 2012 02:26 PM
තෙරුවන් සරණයි ඔබ සැමට . රටේ අනිත් සැමටත් ආදර්ශයක් වේවා මෙවන් දු පුතුන්
Gunathilaka Sunday, 24 June 2012 02:39 PM
ඔබ වැනි දෙවිවරු අපේ රටට මහත් ආඩම්බරයක්
ඉන්දික korea south Sunday, 24 June 2012 02:46 PM
ඉස්සර නම් දොස්තර වෘතිය කියන්නේ සේවාවක් දැන් කලේ නම් මුදලට යටවෙච්ච දොස්තර වරු අතරේ මෙවන් දොස්තරවරු අපේ පිනට පහළ වෙච්ච දෙවිවරු
දිනේෂ් Sunday, 24 June 2012 02:57 PM
විශිෂ්ටයි
නලින් Monday, 25 June 2012 12:28 AM
ඔබට ජයවේවා! තෙරුවන් සරණයි!
අසෝක Sunday, 24 June 2012 02:24 PM
වැඩකාරයට බොරු බෑ නුඹලා ලක්මවගේ නම රන්දු විශිෂ්ට දරුවෝ ! ඔබ සැම නිරෝගිමත්ව දිගුකල් වැජබේවා!
මේජර් නිශාන්ත රණසිංහ Monday, 25 June 2012 08:52 PM
ඔබ සියලු දෙනා මේ කරන ලද කැපවීම මතු බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා. තව චිරාත් කාලයක් මෙවන් අසරණයින්ට පිහිට වීමට ලැබේවා. ඔබ සැම ත්‍රිවිධ රත්නය විසින් සැමදා රකීවා.
සුදේශ් රංගන Sunday, 24 June 2012 02:29 PM
මේ හෙමොටම ගොඩක් පින්
සුරංජන් Monday, 25 June 2012 08:53 PM
වෛද්‍යවරු කියන්නේ දෙවිවරුන්ටය
මොහාන් Sunday, 24 June 2012 03:12 PM
දොස්තර අමිල ඔබල තමා නියම දෙවිවරු . දොස්තර අමිල රත්නායක මගේ පන්තියේ (අනුරාධපුර මාධ්‍ය විදුහල ). මට ඒකත් ලොකු සතුටක් .
maili Sunday, 24 June 2012 03:08 PM
අවංකවම මගේ ඇස් දෙකට කඳුළු ආවා. මේ වෛද්‍යවරු රටට ආඩම්බරයක්. මිහිපිට දෙවිවරු. වෙන පිනක් ඕන නැහැ. ඔබතුමාලාට සියලු දෙවි පිහිටයි
එම් එස් Monday, 25 June 2012 08:39 PM
මේ පින්කමට සහබාගි උන ජාතියේ දරුවන්ට සම්මාසම්බුදු සරණින් දීර්ගායු වේවා
මන්නපොර Monday, 25 June 2012 09:19 PM
අඩේ අප්පා.....දැක්කා නේද? මේ වගේ වැඩ නිසා අද කී දෙනෙක් වීරයො වෙලාද?
රම්සි Monday, 25 June 2012 09:22 PM
දොස්තරලා සාධාරන ඉල්ලීම් වෙනුවෙන් වර්ජනය කළාම ඇති වෙන්න බනින්නෙත් දැන් ඔය හොද කියන කට්ටියම තමයි
අනුරාධ Friday, 29 June 2012 12:10 AM
මේ මිහිපිට අපිට පෙනෙන දෙවිවරු
සමන් Sunday, 24 June 2012 04:08 PM
ඔබ වැනි දෙවිවරු අපේ රටට මහත් ආඩම්බරයක්
පෙඩ්රික් - Qatar Sunday, 24 June 2012 04:11 PM
අපේ රටට සහ ජාතියට ලොකු ආඩම්බරයක්
ලක්විදු Sunday, 24 June 2012 04:15 PM
මාලබේ උපාධි කඩෙන් කට්ටිය එලියට ආවම කොහොමවීද මන්දා ?
රස්මි Sunday, 24 June 2012 03:38 PM
ඔයාල දන්නවාද ලංකාවේ වෛද්‍යවරයකුගේ පඩිය අඩුයි. එයාලා ඕස්ට්‍රේලියාවේ ගියොත් එහෙදි ලැබෙනවා ලංකාවේ වැටුප වගේ දහ ගුණයකටත් වැඩිය.
සංජීව පෙරේරා Sunday, 24 June 2012 03:44 PM
මේක ශ්‍රේෂ්ට රස්සාවක්. ඔබලාට ජය
කුමාරිකා Sunday, 24 June 2012 04:02 PM
ගොඩක් සතුටුයි. සියලු දෙනාට දීර්ඝායු ලැබේවා
ශිරෝමනි ! Tuesday, 26 June 2012 11:35 AM
මෙම වෛද්‍යවරු එතුලු කාර්ය මණ්ඩලයට ත්‍රිවිද රත්නයේ පිහිට ලැබේව ! දීර්ගයුෂ ලැබේව
දුමිත් Monday, 25 June 2012 07:20 AM
ගොඩක් ආඩම්බරයි අපිට මෙවැනි දොස්තරවරු සිටීම ගැන.ඔබ සැමට බුදු සරණයි!
මාතර Monday, 25 June 2012 08:00 AM
ඔබ සියලු දෙනාම විශාල පිනක් කරගෙන ඇත.
සරසි - බලපිටිය Sunday, 24 June 2012 04:42 PM
දෙවිවරුවන් ඔබට දීර්ඝායු වේවා .
සරත් Monday, 25 June 2012 08:12 AM
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා!
එම්.ඒ .එම් . මුසම්මිල් Sunday, 24 June 2012 05:37 PM
සැත්කම සිදු කළ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අමිල රත්නායක මහතා හා සැත්කම සිදු කළ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අමිල සිරිවර්ධන මහතා ඇතුලු සියලුම කාර්යය මණ්ඩලයට මාගේ උණුසුම් සුභ පැතුම්............
ප්‍රියන්ති Friday, 29 June 2012 10:11 AM
ගිය ආත්මෙ දෙවි වරැද මේ....
දර්ශන Monday, 25 June 2012 08:42 AM
ඔබ සියලු දෙනාටම ගොඩක් පිං
ප්‍රියන්ත Sunday, 24 June 2012 05:25 PM
අමිලල දෙන්නෙක්ගෙ අමිල වැඩක්!!! කාර්ය මණ්ඩලයටත් අපගේ ප්‍රණාමය. හැබැයි මේවා හදිසි අනතුරු ද කියලා සැකයි. දවසක් මගදි හම්බවුණු අසරණ ලෙඩෙක් අරන් හදිසි අනතුරු වාට්ටුවට ගියා මම. එතන වැඩිපුරම හිටියේ කල කෝලහාල නිසා විහින් තුවාල කරගත්තු අය.
අභිලාෂිණි Monday, 25 June 2012 09:30 AM
ඇත්තටම අගයන්න වටින දෙයක්
ප්‍රියලාල් Monday, 25 June 2012 09:34 AM
වෛද්‍යවරු කියන්නේ දෙවිවරුන්ටය
කුමාර Saturday, 23 June 2012 10:47 PM
ඇත්තට අපේ රටේ මේවගේ දෙවිවරු ඉන්නවා කියල හිතෙනකකොටත් අපිට දැනෙන සතුට.. ඔබ කාර්යමණඩලයට සම්මා සම්බුදු සරණයි...
ධර්මදාස Sunday, 24 June 2012 05:47 PM
ඔබලාගේ අමිල මෙහෙයට පින්සිදවෙනවා
Olng ලේකම්ගෙ Saturday, 23 June 2012 10:19 PM
සැත්කමට සහාභාගී වූ විශ්මිත වෙදදුරන් ඇතුලු කාර්ය මණ්ඩලයටම මාගේ ප්‍රණාමය පුද කරමි.
චන්දන Sunday, 24 June 2012 05:54 PM
ඇත්තටම මේ සඳහා ගිය රෝහල් ගාස්තු, කොටපු කෙනාගෙන් අයකරගැනීමට නීතියක් තිබීම අත්‍යවශ්‍යයි. ගරු ඇමතිතුමනි මේ ගැනත් සලකා බලන්න.