මන්නා පහරකින් වම් අත මුළුමනින්ම වෙන්වූ තරුණයකුගේ (31) අත පැය 10යි විනාඩි 30ක සැත්කමකින් පසු සාර්ථකව බද්ධ කිරීමට කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු පිරිසක් සමත් වූහ.
සීමා සහිත පහසුකම් මැද මාසයකදී සිදුකළ දෙවැනි සැත්කම මෙයයි.
පසුගිය 21 වැනිදා කෑගල්ලේ තරුණයකුගේ අතක් මන්නා පහරකින් සම්පූර්ණයෙන්ම වෙන් විය. වෙන්වූ අතද සමග කෑගල්ල රෝහලට ගෙන ආ රෝගියා රාත්‍රී 10.45ට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කරනු ලැබීය. ඒ වන විට සැත්කම සඳහා සියල්ල සූදානම් කර තිබිණි.
මූලික ප්‍රතිකර්මවලින් පසු රෝගියා නිර්වින්දනය කර රාත්‍රී 11.30ට ඇරඹි සැත්කම අවසන්වූයේ පසුදින (22) උදේ 9.00 ය.
කැපී ගිය ඇට කම්බි ආදාරයෙන් මුලින්ම බද්ධ කෙරිණි. පසුව අතේ ඉදිරිපස හා පසුපස මාංශපේෂි හා කණ්ඩරා බද්ධ කැරිණි. අනතුරුව ශල්‍යාගාර අන්වීක්ෂ ආදාරයෙන් ප්‍රධාන ස්නායු තුනක් බද්ධ කර ප්‍රධාන ධමනි දෙකක් හා ශිරා තුනක් ද බද්ධ කරනු ලැබීය. පිට සම මැසීමෙන් පසු සැත්කම අවසන් විය.
මෙම සැත්කම පෞද්ගලික රෝහලක කරන්නේනම් වියදම රුපියල් ලක්ෂ 20 ඉක්මවන බව වෛද්‍ය මතයයි. ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍යෙ වෛද්‍යවරු සිදු කළ මේ සැත්කමට රෝගියාට සත පහක්වත් වැය නොවීය.
විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය දුලිප් පෙරේරා හා විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ධම්මික දිසානායක යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය සහ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී අමිල සිරිවර්ධන සහ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය සහ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී අමිල රත්නායක යන මහත්වරු මේ සැත්කම සිදු කළහ.
විකලාංග ශල්‍ය වෛද්‍යවරුන් වන සුරාන් අල්මේදා හා චෙලියන් මහත්වරුද, නිර්වින්දන වෛද්‍ය සුරංගි ෆනෑන්ඩු මහත්මිය ද, ශල්‍යාගාරයේ හෙද හා උපස්ථායක කාර්ය මණ්ඩලයද සැත්කම සඳහා දායක වූහ.
(ඡායාරූප - තරිඳු ජයවර්ධන සහ අමිල සිරිවර්ධන)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තට අපේ රටේ මේවගේ දෙවිවරු ඉන්නවා කියල හිතෙනකකොටත් අපිට දැනෙන සතුට.. ඔබ කාර්යමණඩලයට සම්මා සම්බුදු සරණයි...
සැත්කමට සහාභාගී වූ විශ්මිත වෙදදුරන් ඇතුලු කාර්ය මණ්ඩලයටම මාගේ ප්‍රණාමය පුද කරමි.
ඔබලා කරන මේ සේවය විශිෂ්ටයි
විශිෂ්ට සේවයක් සිදුකරන මෙඅවගේ විශ්වකර්මයන්ට කවුරුත් ස්තුතිවන්ත විය යුතුයි. කොටපුකෙනාගෙන් වියදම ලබාගත්තොත් තමා හොඳ.
වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය නියමයි. දිර්ගායු වේවා ඔබලාට.
මුළු ලෝකයම අභිබවා යා හැකි වෛද්‍යවරු සහ අනිකුත් කාර්ය මණ්ඩල අපට සිටිනවා . මේ අමිල සේවය තවත් දියුණු කෙරන්න බලධාරීන් සැලකිලිමත් විය උතුයි. එමගින් පිට රට වලට යන අපේ විනිමය ඉතිරි කර ගත හැකි වෙනවා .පෞද්ගලික අංශයේ වෛද්‍ය විද්‍යාලවලින් බිහිවෙන අයගේ මේ කැප කිරීම නැහැ මුදල් මත හැමදේම තීරණය කෙරන්නේ ඒ අය . ඒ නිසා අපේ පොදු වෛද්‍ය සේවය රැක ගැනීමත් අපේ වගකීමක් .
ඔබ දෙපලගේ අමිල සේවයට අපගේ හෘදයන්ගම ගෞරවය පුදකරසිටිමු .
කියල ලියල නිම කරන්න බැරි තරම් සන්තෝසයි..!!
දොස්තර මහත්වරු දෙදෙනා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයට මීට වඩා වැඩි දේවල් කරන්න ශක්තිය ලැබේවා..හැබැයි ඔය උත්තරීතර සේවය හදිසි අනතුරකින් අත පය කැපෙන අයගෙ ඒවා කරනවානම් ගොඩක් හොදයි..
බුද්ධියට හා සේවයට ගරැ කරමු. නමුත් අයි මිනිස්සු මේවැනි දේවල් කරන්නෙ.. ඒවා නැතිකරන්න පිලියම් තිබුණට ඇයි නොකරන්නෙ..
ඔබ දෙපල අතුළු සියළුම කාර්ය මණ්ඩලයට මගේ ගෞරවය පුද කරමි...
ඔබ සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා..!!
මේ විශ්මිත සැත්කම කළ ඔබසැමට සුභ පැතුම්..
ඔය වැඩේ දැන් ඉවරනේ දොස්තර මහත්තයෝ අපි අර පුද්ගලික රෝහල් ගැන කියපු කෙනාගේ කටත් ඔය ගමන් මහල දාමුද
ඔබතුමන්ලොගේ මේ සිවයට අපගේ ප්‍රනාමය පුද කරන්නෙමු..
ආඩම්බරයි
මගේ ගෞරවනීය ආචාර්ය පුද කරමි මේ අපේ වීරයන්ට
වෙන පින් දහම් අවශ්‍ය නැති තරම් ඔබලාගේ සේවය අවංකව කැපකිරීමෙන් කර ලබාගන්න පින හොදටම ඇති. දෙවියන්ගෙ ආශිර්වාදය ඔබලා සැමටත් කර්යමණ්ඩලයටත් අත්වේවා. අසරණ ලෙඩ්ඩුන්ට උපරිමයෙන් සේවය ලබාදීම මොන තරම් අගය කළ යුතුද? දෙවිය්න ඔබව ආරක්ෂාකරත්වා...
ඔබල කළ මේ කටයුත්ත මිල කළ නොහැකි සේවය්.. මගේ ගෞරවනීය ප්‍රණාමය..
මුළු හදින්ම ප්‍රනාමය පුදකරමි..
සහහර වෙලාවට කිරි කලයට ගොම දාගන්නව ඒක තමයි නරක
ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත ලක් මව සතුටු කදුළු වගුරවයි ඔබ වැනි විරුවන් දැක..!!
දොස්තරල නොවේ දෙවිවරු ...!
සියළු කාර්ය මණ්ඩය සියලු දෙවියන් රකිත්වා..
රජිත් මංජුල ඔබට මා එකගයි
වනසිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඔබ සදාකල් රැකදේවා ....
ඔබ සැමට සුභපැතුම්. ලංකාවට ඔබ වැනි වෛද්‍යවරැ අවශ්‍යයි. මීට පෙරත් මා දන්නා පරිදි මෙවැනි සැත්කම් (කැපී ගිය අත් සහ ඇඟිලි) ලංකාවේ කර තිබෙනවා නමුත් සමහර අවස්ථා වල එසේ මුලින් මෙලෙස සාර්ථකව බද්ධ කරන ලද අත් මාස ගනනකට පසුව ඇත්වු සංකූලතා නිසා නැවත වෛද්‍යවරැ විසින්ම කපා දමා තිබෙනවා. එවැනි අවාසනාවන්ත සිද්දියක් මෙහිදී ඇති නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා.
ඔබ වැනි දෙවිවරු අපේ රටට මහත් ආඩම්බරයක් .
ඔබට තෙරුවන් සරණයි
ලංකාවේ දැන් ගොඩක් අත පය කපා දානවා ,ඉදිරියට මේ දොස්තරලට වැඩ වැඩි වේවි
දෙවිවරුත් මේ ලෝකේ ඉන්නවා ….
අපේ කට්ටිය මේක පුරුද්දට කර ගනීද දන්නේ නැ..
Great doctors ල අපිට ඉන්නේ .ගොඩක් පින් සිද්ද වෙනවා මේ මහත් තුරුන්ට සහ නර්ස් නෝනලට
ගොඩක් පින්
මිහිපිට දෙවිවරු කියන්නේ මේ ශ්‍රේෂ්ට අයට . ඔබසැමට තෙරුවන් පිහිට . කිසිම දවසක කිසිම අපල උපද්‍රවයක් නොවේවා ..අපේ රටේ හොඳ දූ පුතුන් .
මේ සැත්කම කරපු කණ්ඩායමට කිසිමදිනක කරදරයක් වෙන්න එපා .
සතුට කියාගන්න බෑ,
නියම දෙවිවරු තමා මේ
මිනිස් වෙසින් ආපු දෙවිවරු මේ අය .
ඔබල සියලු දෙනාට දළදා සමිදු පිහිටයි. ස්ට්‍රයික් කරන ගොඩටනම් වැටෙන්න එපා.
දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා
පින් සිද්ධ වේවා මහත්වරුනේ
මෙවැනි වෙදදුරන් බිහි කළ දෙමාපියන්ටත් පින් ලැබේවා
නිදුක් නිරෝගී සුවය ලැබේවා
මට පේන්නේ ජනප්‍රිය වෙන්න අතවල් කපා ගන්නවා වගේ
ශල්‍යාගාර ඇතුලේ පාරමී පුරන බෝසත්වරු. හැදු මව්පියන්ටත් පින්.
අත් කපන එක නවත්වන්න බැරිද ?
මේ අපේ ,,,, සැබෑ දෙවිවරු ,,,,,, අපි ඔවුනට ,,,, ණය ගැතිවෙමු...
හරිම සතුටුයි අමිල යන දෙදෙනා කළ මිල කළ නොහැකි සේවය ගැන. මින් පෙර මාසයේද කළ මෙවැනිම සැත්කමක් අපි දැක්කා. පැය 10ක් එක දිගට මෙවැනි සැත්කම් සීරුවට කරන එක හාස්කමක් තමයි.ඔබලා වැනි අයට නිසි වැටුපක් ගෙවන්න තරම් අපේ රට පොහොසත් නැති එක ගැන කණගාටුයි. මා දන්නා පරිදි වෛද්‍ය අමිල සිරිවර්ධන මාතර රාහුලෙන් උපන් සැබෑ වීරයෙන්.
ලංකාවේ අය හරිම දක්ෂයි. ආඩම්බරයි.
ඇත්තටම ගොඩක් ආඩම්බරයි
ගොඩක් හොදයි
අතක් මහපුවාම දෙවිවරු. ... සාකච්ඡා දහයක් පමණ අසාර්ථක වෙලා අවසානයේ (රටේ වෘත්තීය සමිති අනපනත් වලින් අවසර දී ඇති පරිදි ) වර්ජනයකට ගියාම යක්කු, මාරයෝ වෙනවා. එහෙම නම්, සෞඛ්‍ය සේවාවේ අයගේ ඉල්ලීම් රජයෙන් නොසලකා හරින වෙලාවල් වලදී අනෙක් රැකියා කරන අය ඉදිරිපත් වෙලා "අපේ දෙවිවරුන්ට වර්ජනය කරන්න හොඳ නැහැ. .. ඉල්ලීම් දෙනවලා.. නැත්නම් අපි හරි වර්ජනය කරනවා.."කියලා බලපෑමක් කරන්න ඕන. රැකියාවක් කරන හැම කෙනාම දන්නවා රජය කිසිවක් බන්දේසියේ තියලා දෙන්නේ නැති බව. මන්ත්‍රී චිට් වලින්ම එන අයත් කලින් කලට ඔය පාරට බහින්නේ ඒ නිසයි.
බය නැතිව වලියකට යන්න පුළුවන් නේද
මිහිපිට අප දකින දෙවිවරු ඔබයි. නිදුක් නිරෝගී දීර්ඝායු වේවා.
තෙරුවන් සරණයි ඔබ සැමට . රටේ අනිත් සැමටත් ආදර්ශයක් වේවා මෙවන් දු පුතුන්
ඔබ වැනි දෙවිවරු අපේ රටට මහත් ආඩම්බරයක්
ඉස්සර නම් දොස්තර වෘතිය කියන්නේ සේවාවක් දැන් කලේ නම් මුදලට යටවෙච්ච දොස්තර වරු අතරේ මෙවන් දොස්තරවරු අපේ පිනට පහළ වෙච්ච දෙවිවරු
විශිෂ්ටයි
වැඩකාරයට බොරු බෑ නුඹලා ලක්මවගේ නම රන්දු විශිෂ්ට දරුවෝ ! ඔබ සැම නිරෝගිමත්ව දිගුකල් වැජබේවා!
මේ හෙමොටම ගොඩක් පින්
දොස්තර අමිල ඔබල තමා නියම දෙවිවරු . දොස්තර අමිල රත්නායක මගේ පන්තියේ (අනුරාධපුර මාධ්‍ය විදුහල ). මට ඒකත් ලොකු සතුටක් .
අවංකවම මගේ ඇස් දෙකට කඳුළු ආවා. මේ වෛද්‍යවරු රටට ආඩම්බරයක්. මිහිපිට දෙවිවරු. වෙන පිනක් ඕන නැහැ. ඔබතුමාලාට සියලු දෙවි පිහිටයි
ඔබ වැනි දෙවිවරු අපේ රටට මහත් ආඩම්බරයක්
අපේ රටට සහ ජාතියට ලොකු ආඩම්බරයක්
මාලබේ උපාධි කඩෙන් කට්ටිය එලියට ආවම කොහොමවීද මන්දා ?
ඔයාල දන්නවාද ලංකාවේ වෛද්‍යවරයකුගේ පඩිය අඩුයි. එයාලා ඕස්ට්‍රේලියාවේ ගියොත් එහෙදි ලැබෙනවා ලංකාවේ වැටුප වගේ දහ ගුණයකටත් වැඩිය.
මේක ශ්‍රේෂ්ට රස්සාවක්. ඔබලාට ජය
ගොඩක් සතුටුයි. සියලු දෙනාට දීර්ඝායු ලැබේවා
දෙවිවරුවන් ඔබට දීර්ඝායු වේවා .
සැත්කම සිදු කළ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අමිල රත්නායක මහතා හා සැත්කම සිදු කළ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අමිල සිරිවර්ධන මහතා ඇතුලු සියලුම කාර්යය මණ්ඩලයට මාගේ උණුසුම් සුභ පැතුම්............
අමිලල දෙන්නෙක්ගෙ අමිල වැඩක්!!! කාර්ය මණ්ඩලයටත් අපගේ ප්‍රණාමය. හැබැයි මේවා හදිසි අනතුරු ද කියලා සැකයි. දවසක් මගදි හම්බවුණු අසරණ ලෙඩෙක් අරන් හදිසි අනතුරු වාට්ටුවට ගියා මම. එතන වැඩිපුරම හිටියේ කල කෝලහාල නිසා විහින් තුවාල කරගත්තු අය.
ඔබලාගේ අමිල මෙහෙයට පින්සිදවෙනවා
ඇත්තටම මේ සඳහා ගිය රෝහල් ගාස්තු, කොටපු කෙනාගෙන් අයකරගැනීමට නීතියක් තිබීම අත්‍යවශ්‍යයි. ගරු ඇමතිතුමනි මේ ගැනත් සලකා බලන්න.
හොද වැඩක්. මම සුභ පතනවා ඔබ සැම දෙනාටම
අමිල මෙහෙයක් ඉටුකරන අමිල දොස්තර මහත්මා ඇතුළු කාර්යමණ්ඩලයට බුදුසරනයි
මෙවැනි වෛද්‍යවරු බිහිවෙන්නේ එස් බී කියන විශ්වවිද්‍යාල කඩ වලින් නෙමේ.
ඔබ සැමට තෙරුවන් සරණයි
ඔබ අති විශිෂ්ඨයි
හොඳ කණ්ඩායමක්.....
අමිල මෙහෙයක් ඉටුකරන අමිල දොස්තර මහත්මා ඇතුළු කාර්යමණ්ඩලයට බුදුසරනයි
පේනවා නේද අමිලලගේ වැඩ?
පේනවා නේද අමිලලා ගේ වැඩ
අමිල සිරිවර්ධන සහෝදරයාණෙනි ඔබ මාතර රාහුල විද්‍යාලයට ගෞරවයකි. ආඩම්බරයකි. ඔබ සමග අකුරු කල යහළුවෙක්...
අමිල සිරිවර්ධන සහෝදරයාණෙනි ඔබ මාතර රාහුල විද්‍යාලයට ගෞරවයකි. ආඩම්බරයකි. ඔබ සමග අකුරු කල යහළුවෙක්...
ඔබ සියල්ලන්ටම ශක්තිය, ධෛර්යය, දීර්ඝායුෂ ලැබේවා!
ඔබලාගේ අමිල මෙහෙයට පින්සිදු වෙනවා
අපේ ලංකාවේ විස්මිත දොස්තර මහත්වරු ගැන හරිම ආඩම්බරයි. ඇමෙරිකාවේ කළා නම් ලක්‍ෂ පණහකටත් බැරි වෙයි.
ඔබට ජයවේවා! තෙරුවන් සරණයි!
ගොඩක් ආඩම්බරයි අපිට මෙවැනි දොස්තරවරු සිටීම ගැන.ඔබ සැමට බුදු සරණයි!
ඔබ සියලු දෙනාම විශාල පිනක් කරගෙන ඇත.
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා!
ඔබ සියලු දෙනාටම ගොඩක් පිං
ඇත්තටම අගයන්න වටින දෙයක්
වෛද්‍යවරු කියන්නේ දෙවිවරුන්ටය
දෙවිවරු වැනි ඔබ සැමට දළදා සමිදු රැකවරණයි
අනේ වාසනාවන් !!! ඔබ සැම චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා !!!!!!
රුහුණේ වීර පුතණුවනි,ඔබහට තෙරුවන් බලයෙන්, නිදුක් නිරෝගි දීර්ඝායු ලැබ මෙවන් ප්‍රාතිහාර්යයන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.. ඔබ ඇතුළු අප ලක්දෙරණේ සියළුම වෛද්‍යවරුන් වෙත අපගේ ආශීර්වාදය මෙයින් පල කරමු
වෛද්‍යවරු කියන්නේ දෙවිවරුන්ටය විශිෂ්ටයි!
මෙන්න නූතන බුද්ධදාසල ....හොඳයි..සතුටුයි !!!!!!!!!!!!!
රෝහලින් පිටව යන දාට පසග පිහිටුවා වෛද්‍යවරුන්ට වැදලා යන්න.ඒක තමයි කරන්න පුලුවන් ලොකුම ගෞරවය
මේ අපේ සැබෑ වීරයෝ.....ඔබ සැමට මගේ ප්‍රණාමය...
වැඩක් උනොත් එක්කො රජ රට එක්කො රුහුණ....එත් අහුවෙන්නේ අපි.....
මිහිපිට දෙවියෝ කියන්නේ මේ අයට තමයි.....
ඔබලා මේ මිහාතලයේ දෙවිවරු....ඔබලාට මාගේ ප්‍රනාමය.....
මිහිපිට දෙවිවරු ඔබයි.
මතු බුදුවන පිංවතුන්....
ඔබ සියලු දෙනා මේ කරන ලද කැපවීම මතු බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා. තව චිරාත් කාලයක් මෙවන් අසරණයින්ට පිහිට වීමට ලැබේවා. ඔබ සැම ත්‍රිවිධ රත්නය විසින් සැමදා රකීවා.
වෛද්‍යවරු කියන්නේ දෙවිවරුන්ටය
මේ පින්කමට සහබාගි උන ජාතියේ දරුවන්ට සම්මාසම්බුදු සරණින් දීර්ගායු වේවා
අඩේ අප්පා.....දැක්කා නේද? මේ වගේ වැඩ නිසා අද කී දෙනෙක් වීරයො වෙලාද?
දොස්තරලා සාධාරන ඉල්ලීම් වෙනුවෙන් වර්ජනය කළාම ඇති වෙන්න බනින්නෙත් දැන් ඔය හොද කියන කට්ටියම තමයි
ඔබ සැමගේ උතුම් කාර්තව්‍යයට සුභ පැතුම්.!!! සියලු දෙනාටම තෙරුවන් සරණයි .!!!
මෙම වෛද්‍යවරු එතුලු කාර්ය මණ්ඩලයට ත්‍රිවිද රත්නයේ පිහිට ලැබේව ! දීර්ගයුෂ ලැබේව
බුදුන් දකිනවා නියතයි.. ඔබ සැමට දීර්ඝායුෂ ලැබේවා...!!
අපේ ලංකාවේ විස්මිත දොස්තර මහත්වරු ගැන හරිම ආඩම්බරයි.සැත්කමට සහාභාගී වූ විශ්මිත වෙදදුරන් ඇතුලු කාර්ය මණ්ඩලයටම මාගේ ප්‍රණාමය පුද කරමි.සැත්කම සිදු කළ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අමිල රත්නායක මහතා හා සැත්කම සිදු කළ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අමිල සිරිවර්ධන මහතා ඇතුලු සියලුම කාර්යය මණ්ඩලයට මාගේ උණුසුම් සුභ පැතුම්............
වෛද්‍ය තුමා ඇතුළු කාර්යය මණ්ඩලයට සුභ පැතුම්...!!!
මේ මිහිපිට අපිට පෙනෙන දෙවිවරු
ගිය ආත්මෙ දෙවි වරැද මේ....
කාර්යය මණ්ඩලයේ සියඵ දෙනාට දීර්ඝායුෂ..
අපේ වෛද්‍යවරැන්ට ඇමරිකාවෙ වගේ තාක්ෂණය තිබුණනම් මළ මිනියටත් ජීවය දීමට පුළුවං.. සුභ පැතුම්.. අපිට හරිම ආඩම්බරයි...!!
මේ සියලු දෙනාටම මගේ උත්තමාචාරය...!!
ආචාර්ය කරනවා ඔබට