70 හැවිරිදි ආබාධිත සැමියාත් 30 හැවිරිදි ආබාධිත තම දරුවාත් පෝෂණය කරමින් ඒ අයගේ සියළු වැඩ කරමින් ජීවත්වීමට ආධාර උපකාර ඉල්ලා මැති ඇමැතිවරුන් ළඟට වසර 16ක් ගමන් කරමින් ලිපි මල්ලක් තුරුළු කරන් සිටින 65 හැවිරිදි බිහිරි මවක් ගලේවෙල දේවහූව හිණුක්ගල ග‍්‍රාමයේ සිටින්නීය.
මෙම පවුලේ ගෘමුලිකයා වූ ඒ.ජී. පේ‍්‍රමදාස (70) වසර 12ක සිට ස්නායු ආබාධයකට ලක්වී ඇවිදගැනිමට නොහැකිව එක්තැන් වී සිටී. ඔහුගේ වාරුවට ඇත්තේ ගෙවත්තෙන් සොයාගත් ලී කැබලි දෙකක් සහ වාඩිවී සිටින පුටුවයි. අනෙක් සියළු අවශ්‍යතා සිදුකැර දෙන්නේ ඔහුගේ ආදරණීය බිරිඳ වන ශ‍්‍රවණාබාදයෙන් පෙළෙන කේ.ජී. ඤාණවතී (5) මහත්මියයි.
30 හැවිරිදි මන්ද මානසිකනත්වයෙන් පෙළෙන කතාකිරීමට නොහැකි සුගත් පේ‍්‍රමරත්න දරුවා රැකබලා ගැනීමටද මෙම මව දැඩි ලෙස වෙහෙසෙන්නීය.
මෙම දෙදෙනාගේ සියළු වැඩ නාවා කවා පොවා පිරිසිදුකැර කුමන හෝ වැඩක් කැරගෙන හා අසල්වැසියන්ගෙන් යමක් ඉල්ලාගෙන ජීවත් කරවීමේ කාර්යය පැවරී ඇත්තේද මෙම මවටයි.
ඔවුන්ගේ එකම බලාපොරොත්තුව වන්නේ නොතෙමී ඉන්නට නිවසක් කුසට අහරක් හා අඳින්නට වස්ත‍්‍ර කීපයක් මෙන්ම රෝද පුටුවකි.
මෙම දෙපලට තවත් දරුවන් තිදෙනෙකුද සිටිති. එම අයද විවාහ වී ඉතා අසරණව සිටින බවත් එම අයගෙන් ආහාර ටිකක් ලැබෙන බවද මව කීවාය.
ඔවුන්ට දේවහුව සමෘද්ධි බැංකුවේ ගිණුමක් ඇත.
ගිණුම් අංකය - 1004/3/22/2204
ගිනුමේ නම - කේ ජී ඥානවතී
ලිපිනය - හීනුග්ගල, දේවහුව.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර මොවුන්ගේ ලිපිනය ලබාදෙන්න (නි)
කරුණාකර ලිපිනය එවන්න. (ස)
මේ වගේ අසරණයෝ, මීට වඩා අසරණයෝ තව මොනතරම් ඉන්නවාද? (නි)
නිවැරදි ලිපිනය ලබාදෙන්න.අපි කැමතියි උදවුවක් කරන්න. (නි)
කරුණාකරලා ලිපිනය, නම, විස්තර ටික දෙන්න (නි)
කරුණාකර මට සම්පුර්ණ විස්තරය ලබාදෙන්න. මම ඉන්නේ විදේශ ගත වෙලා. මට ලිපිනය සහ මුණගැහෙන විදිහක් කියන්න.(දී)
කාරුණික පින්වතුනි, ඔබල සැම දෙනාට ඉතා මහානිසංස පිනක් සිදු කරගන්න හොදම වෙලාවක්, ජාති ආගම බේද නොසිතා මිනිස් කමට අත දෙන්න නිවැරදි තැනක්,හැකි අයුරකින් මෙම අයට උදව්වක් කරන්න හැකි සැම දෙනාම,ඔබලාට ජාති ජාතිත් ලැබෙනවා මෙහි විපාක.කාරුණික ඔබල සැම දෙනාගේම දායකත්වය ඉල්ලා සිටින්නේ මිනිසත් බව වෙනුවෙනි,තෙරුවන් සරණ වේවා ඔබලා සියලු දෙනාට.(නදී)
දිල්ශානි.අද මේ මිනිස්සු වගේ තවත් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් අසරණ වෙලා තියෙන්නේ මොකද?නිකන් බයිලා කියන්න එපා. (ස)
රට කොතනටද සුබ අනාගතයක ද මේ ?(නදී)
කොහොමත් මේ යන විදිහට ඉදිරියේදී රටේ 95 % ක ගේම ගිණුම් දාන්න වේවි ජීවිතය ජීවත් කරවන්න උදව් ඉල්ලලා......... (ස).
කුමාර, නියමයි. හැබයි මම ඔය කියපු තැන් වලට පඩුරු දාන්නේ, යමක් බලාපොරෝතුව පින් නෙමෙයි, මට මේ ලෝකෙම, ලොතරැයියක්, ලොකු තානාන්තරයක්, උස්සස් වීමක්, ආදරයක් දිනිමක් ලබා ගැනීමටයි. (ස)
මම කැමතියි උදවු කරන්න (නි)
මෙන්න දඹදිව වන්දනාවේ යන අයට ලංකාවේ ඉඳන් කරන්න පුළුවන් පින්කම්, හැකි නම් මේ අයට උදවු කරන්න. (ස)
මෙන්න පින් අතේ වැඩ කරන්න හිතාගෙන ඉන්න අයට කදිම අවස්ථාවක් සැලසිලා දැන්. මම නම් මෙහෙම දේවල් වලට නිර්ලෝභීව මීට පෙරත් සල්ලි යවලා තිබෙනවා. අනේ අපි ඉන්න කාලේ කරන හොඳ තමයි අපි මැරිලා ගියහම පළදෙන්නේ. අනික අපි හැමදාම ජීවත් වන මිනිස්සු නෙමෙයි. ඒ නිසා ඉන්න කෙටි කාල සීමාවේ ලැබුණ මනුස්ස ආත්මභාවයෙන් උපරිම ප්‍රයෝජන අරගන දාන ශීල භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරලා උසස් අය විදිහට ජීවත් වෙමු. (නි)
කතරගම , සිරිපාදයට, දළදා මාලිගාවට දමන පඩුරු වලින් කොටසක් මේ වගේ අයට දෙන්න වෙන් කරමු. (නදී)
අනේ පව් දෙවියනේ ..මට නම් දැන් හොඳටම තේරෙනවා ..අපේ මැති ඇමතිවරුන් මෙපමණ කාලයක් ...දේශපාලනය කලේ ..ඇත්තටම මහ ජනතාවට සේවය කිරීමටමද ..?නැති නම් මේ අසරණයා 16 වතාවක්ම වගකිව යුත්තෝ ළඟට ගියා නම් ..ඇයි දෙවියනේ පින් පඩියක් වත් මොවුන්ට හදල නොදුන්නේ ...? අනේ මිනිසුන් වශයෙන් අපි උපයන මුදලින් ..හැකි හැමෝම මේ අසරණයින්ට ..එක වේලක් කුසගිනි නිවා ගන්න මුදලක් යවමු. ..ඔවුන්ට ඒ මුදලින් ..වේල් කීපයක් කුසගිනි නිවාගන්න හැකි වේවි ...? (ස)
හරිම කණගාටු පුවතක්. අක්කේ අයියේ නංගියේ මල්ලියේ,ඔයාලටත් දෙමාපියන්ගේ අගය දැනෙනවා නම් කරුණාකර එක් අයෙක් රුපියල් 100 ගානේ දෙන්න,ගොඩක් පින්,මම මෙයාලට යම් මුදලක් දෙමි,(නදී)
තිබහට වතුර බොන්නට සුළු ළිද විතර ... කිසිවිට පිහිට නැත ගැඹුරැති මහා සයුර .. මේවා එදා අපේ මිනිසුන් කිවුවේ අද ජීවත් වෙන අපිටම වෙන්න ඇති (නි)
මා පදිංචිව සිටින් නේ ඩුබායි. ගිණුම හිමි නම හා ශඛාව අංකය පල කරන්න. ගිණුම් අංකය පමණක් නොසෑහේ. හැකි උපරිම අන්දමින් උපකාර කරමි. (ස)
ගිණුම් අංකය දෙන්න, මුදල් ටිකක් එවන්න. (නි)
මේ ගිණුම තිබෙන්නේ කාගේ නමින්ද? (නි)
කරුණාකරලා ලිපිනය පළ කරන්න (නි)
ප්‍රියන්ත,කුමාර,නසීර්, සැබෑ දෙවියන් වනුයේ ඔබ වගේ හිතන අයයි.මොවුන්ට අපි පිහිට වෙමු. (නි)
කරුණා කරලා ගිණුමේ නම සඳහන් කරන්න. පුලුවන් හැටියට උදව්වක් කරන්නම්. (ස)
උදවු කරන සැමට පිං. (ලංකාදීප ඔබට ස්තුතියි.)(අ)
ටේලිෆෝන් නොම්බර් එකාක් නැද්ද කාගේ හරි (අ)
බැංකු ගිණුමේ විස්තර සම්පූර්ණයෙන් පළකරන්න (නි)
මම හිතන්නේ ලංකාදීප පිටුවේ පොඩි කොටසක් වෙන් කරන්න ඕනෑ මේ වගේ අසරණ මිනිස්සු සදහා. ලංකාවේ මේ වගේ අය ගොඩක් ඉන්නවා.ලංකාදීප සමග හැමදම ඉන්න පාටකයින්ට පුළුවන් උදව් කරන්න. (නි)
ඔන්න විශ්‍රාමික ක්‍රමයක් නැති එකේ ආදීනව. (නි)
මේ අයගේ ලිපිනය එවන්න (නි)
නිවැරදි ලිපිනය ලබාදෙන්න (නි)
සසර ගමනේ කවදා හෝ ඔබත් මගේ අම්මා,තාත්තා,සහෝදරයා වෙලා ඉන්න ඇති.නමුත් මෙය මටද උදාවිය හැකිය. පින්ම සිදුකරන්න සියලු දෙනාම. නිතරම සියලු සත්වයෝ නිදුක් වේවා, නිවන් දකිත්වා කියා සිතින් මෙනෙහි කරන්න.මෙම මෛත්‍රී සිතිවිල්ල පමණක් ඔබට සසර ගමන සුවපත් වෙන්න බොහෝ උපකාරවත් (නි)
හරිම කණගාටුයි. අපි එකමුතුවෙන්ම මේ අසරණ අම්මටයි, තාත්තටයි, පුතාටයි උදව් වෙමු. ලංකාදීප පුවත්පත මේ වගෙ අසරණ අය සොයා ගෙන ගිහිල්ලා, ඒ අය වෙනුවෙන් මුළු ලෝකයම දැනුවත් කිරිම ගැන ලංකාදීපයට ස්තූතියි. (ස)
එසැණ සමග කාංචන කරනා සේවය ඉතා විශාලයි (නි)
මනුස්සකම තියෙන, මේ අයට උදව් කරන්න ලෑස්ති වෙන හැමෝටම පින්. මට මේක බලද්දී මතක් උනේ ජයලත් මනෝරත්න සූරීන්ගේ ශ්‍රේෂ්ට නාට්‍යයක් වන ගුරු තරුව නාට්‍යයේ මේ ගීතය..."අප කොහේද මේ යන්නේ.... රට කොහේද මේ යන්නේ...කොතන තිබෙන වරදක්දෝ.....කව්රු කරපු වරදක්දෝ ...කවදා කොතැනක කව්රු කරපු වරක්දෝ...................මුළු ලොවටම ආදරය කරන්නට ....හැකි මිනිසුන් බිහිවන මතු දවසක ...ඔබත් සිනාසේ...මමත් සිනාසේ.. ලොවම සිනාසෙන ඒ දවසේ.....මුළු ලොව ඔබට කියයි මෙලෙස.....මම ආදරෙයි.......(ස)
ඉක්මනින් මට මේ ගෙදරට යන විදිය කියලා එවන්න. උදව්වක් කරන්න සියල්ල සූදානම් කරලා තියන්නේ. කරුණාකරලා විස්තර එවන්න. (නි)
ඔබලාට තෙරුවන් සරණයි. මේ වගේ පවුල් බොහොමයක් ලංකාවේ සිටිනවා . ඒ හැමෝටම ඉක්මන් සුව. ලක්බිමට කරන මෙවන් සත්කාර බෙහෙවින් අගය කරනවා.. (ස)
ලංකාදීපයට ගොඩක් ස්තුතියි මේ වැනි අහිංසක අසරණ මිනිසුන් වෙනුවෙන් ඉඩක් වෙන්කරනවට. මම මට පුළුවන් විදිහට මේ අයට උදව් කරනවා.තෙරුවන් සරණයි! (නි)
මම මේ අයට උදව් කිරීමට කැමතියි. කරුණාකර අමතන්න. 00821025712483 0772164436 (ස)
රෝද පුටුවක් දෙන්න හරි ලිපිනය පළ කරන්න. (නි)
අපේ ජනාධිපති තුමා අනිවාර්යෙන්ම උදව් කරනවා.එතුමා මේ අය ගැන දන නොසිටින්න ඇති. (ස)
මට පුළුවන් ගන්න (ස) 0714 801401
ලංකාදීපයිනි, ඔබට බොහොම ස්තුතියි. ලිපිනය දැන් පල වී තිබෙනවා. හැකි සෑම උපකාරයක් කරමු. (ස)
කරුණාකර බැංකු ගිණුම හිමිකරුගේ නම, ගෙදර ලිපිනය, ගිණුම් අංකය සහ බැංකු ශාඛාවේ නම නිවැරදිව සදහන් කරන්න. (ස)
හරිම කණගාටු පුවතක්. (ස)
කරුණාකර ගිණුම හිමි නම හා ශාඛාව අංකය පල කරන්න. මම ලෑස්තියි ලොකු උදවුවක් කරන්න. (ස)
කරුණාකර ගිණුම් විස්තරය පැහැදිලිව සුරංග කී පරිදි පල කරන්න. (ස)
මේ වගේ ගොඩක් අය ලංකාවේ ඉන්නවා. එක එක සංවිධාන අටවා ගෙන රණ්ඩු කරන අයට බැරිද මෙයාලටත් ටිකක් වෙලාව වෙන් කරන්න. (ස)
ඉතින් දෙන්නකෝ පාලිත ඔයා උපයපු යූරෝ වලින් ටිකක්. (නි)
මෙවැනි පවුල් කොච්චර ඉන්නවාද ලංකාවේ? රටක රාජ්‍ය වගකීමක් ඔවුන් රැකගැනීම.මොනතරම් මුදල් නාස්ති කරනවද, ඇමති මණ්ඩලයම බලන්න? (නි)
කරුණාකර සම්බන්ධ වන ආකාරය දන්වන්න (නි)
හත් දෙයියනේ...සමෘද්ධි බැංකුවක නේද ගිණුම තියෙන්නේ..ඒකත් කොයි වෙලාවේ වැටෙයිද දන්නේ නැහැ. හැකි ඉක්මනින් සල්ලි අරගෙන වාණිජ බැංකුවකට දාන්න. (ස)
මට කරුණාකර ගිණුම් අංකයයි, ශාඛා අංකයයි, ගිණුමේ නමයි දෙනවද? (නි)
කරුණාකර විස්තර එවන්න රෝද පුටුව මම අරගෙන දෙන්නම් මේ මාසේ අන්තිමට ,,,,,,,,,,තෙරුවන් සරණ (අ)
මට පුළුවන් රෝද පුටුවක් දෙන්න. මන් ගාව අලුත් එකක් තියෙනවා .. 0716108841 0783917730 (දී)
ලංකාදීපයට තුති මේ වගේ පුවත් වලින් ජනතාව දැනුවත් කරන එකට. (නි)
මෙයාල ගිහින් තියෙනවා නේද දේශපාලකයෝ ළඟට? මෙහෙම දුක් විඳින දස දහස් ගණන් රටේ ඉන්නවා. උදවු කරනවා නම් කොච්චර පින්ද? ලංකාදීපෙන් අරමුදලක් පටන් ගන්න. මිනිස්සුන්ට ඉල්ලුම් කරන්න පුළුවන් එතකොට. (නි)
කරුණාකරලා දන්න කෙනෙක් ඉන්නවා නාම් කියන්න වාණිජ බැංකු වගේ ඕනෑම ශාඛාවකින් සෘද්ධි බැංකු වකටත් සල්ලි තැන්පත් කරන්න පුලුවන්ද කියලා ඒ වගේම ලංකාදීප මේ කරන උතුම් පුණ්‍ය කර්මයට මේ රටේ ජිවත් වන මිනිසුන් සදා ණයගැතියි. ලංකාදීප පුවත් පත දීර්ඝ කාලයක් ලංකාවේ වැජඹේවා !!! (ස)
ලංකාවේ වාණිජ බැංකුවක ගිණුමක් ආරම්භ කර ඒ අංකය මෙතන දැම්මා නම් ඉතාමත් අගෙයි. සමෘද්ධි බැංකු වලට වෙනත් බැංකු වලින් මුදල් දාන්න නොහැකි වෙයිද? (නි)
උදව් කරන්න අපි හැමෝටම ගලේවෙල යන්න බැහැනේ. ඒ දුප්පත් මිනිසුන් හට බැංකු කටයුතු හරියට සකස් කරලා දෙන්න පුළුවන් නම් වටිනවා (නි)
බොරුවට සල්ලි වියදම් කරන්නේ නැතුව වැඩකට ඇති දෙයක් කරන්න මේ ජනතාවට (නි)
කණගාටුයි (නි)
බිලියන ගණන් වියදම් කර උත්සව තිබුනට වැඩක් නැහැ, මේ වගේ අසරණ මිනිසුන් වෙනුවෙන් නිසි වැඩපිළිවෙලක් නැතුව. (නි)
නිවැරදි ලිපිනය ලබාදෙන්න.අපි කැමතියි උදවුවක් කරන්න. (නි)
රෝද පුටුවක් ඇතුළු ඇවිදීමට උදව් කෙරෙන උපකරණ මා ලංකාවට යවා ඇත. සුදුසු දෙයක් මෙතුමාටත් ලැබීමට සලස්වනවා. (ස)
නිවැරදි ලිපිනය දාන්න. කරුණාකර බැංකු ගිණුම හිමිකරුගේ නම, ගෙදර ලිපිනය, ගිණුම් අංකය සහ බැංකු ශාඛාවේ නම නිවැරදිව සදහන් කරන්න. අපි කැමතියි උදවුවක් කරන්න.ලංකාවේ වාණිජ බැංකුවක ගිණුමක් ආරම්භ කර ඒ අංකය මෙතන දැම්මා නම් ඉතාමත් අගෙයි.හරිම කණගාටු පුවතක්. අක්කේ අයියේ නංගියේ, මල්ලියේ, ඔයාලටත් දෙමාපියන්ගේ අගය දැනෙනවා නම් කරුණාකර එක් අයෙක් රුපියල් 100 ගානේ දෙන්න.ගොඩක් පින, මම මෙයාලට යම් මුදලක් දෙමි. (ස)
දැන් මිනිහෙක්ට කියන්ඩ එපා. සජිත් මහත්තයටවත් කියලා බලමු, ජනාදිපති තුමා මොනවා හෝ දේවි මෙයා දැක්කොත්. මේ දෙන්න විතරයි ඉන්නේ විස්වාසවන්ත දේශපාලකයෝ මොනවා හරි දුප්පතුන්ට කරන්නේ.(නදී)