කෙන්යාවේ සිට මෙරටට ගෙන ආ ‘‘කාත්‘‘ නැමැති මත් පැලෑටි කිලෝග‍්‍රෑම් පනහක් සමග ශ‍්‍රී ලාංකික තරුණයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද අළුයම අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරු කොළඹ කොච්චිකඩේ පදිංචි විසි එක් හැවිරිදි තරුණයෙකි.
නියෝජ්‍ය රේගු අධිකාරී ඞී.ඞී.එස්.සී මයිකල් සහ සහකාර රේගු අධිකාරී තිලින විජේසේකර යන නිලදාරීන් විසින් සැකකරු පරීක්ෂා කිරිමේදී ගමන් මළු දෙකක බහා කෙසෙල් දළු වල ඔතා ගෙනා මෙම මත් පැලෑටි සොයාගෙන ඇත.
මෙම වර්ගයේ මත් පැලෑටි ශ‍්‍රී ලංකාවේදී ඇල්ලූ ප‍්‍රථම වතාව මෙය බව රේගුව කියයි.
සැකකරුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්ණ කිරීමේදී ඔහු පවසා ඇත්තේ මෙම මත් පැලෑටි කැනඩාවට යැවීම සඳහා ශ‍්‍රී ලංකාවට ගෙන ආ බවත් කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදී මේවා තවත් පුද්ගලයෙකුට බාර දීමට සිටි බවයි.
රේගුව පවසන්නේ සැකකරු ලග කැනඩාවට යාම සඳහා ගුවන්ටිකට් පත් නොතීබු බවයි.
කෙසේ වෙතත් කැනඩාව, ජර්මනිය ඇතුළු යුරෝපා රටවලට මෙම මත් පැලෑටිය ගෙන ඒම තහනම් කර ඇත.
කෙන්යාව ඇතුළු අප‍්‍රිකානු රටවල ගොවීන් විසින් මෙම මත් පැලෑටිය වගා කරනු ලබන අතර මෙහි කැතිනෝන් නැමැති රසායනික ද්‍රව්‍ය අඩංගු බව වාර්ථා වෙයි. එසේම මෙහි කොළ අමුවෙන් ඉතා සැර අදික වන බවත් වියළා කෝපි ලෙසත් දුම්කොළ ලෙසත් භාවිතා කරන බවත් කියති.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධිකාරී ඞී.ඞී.එස්.සී මයිකල්, සහකාර රේගු අධිකාරී තිලින විජේසේකර යන නිලධාරීහු සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිමෙන්ති කොට්ටයක් තරම් මත් පැළෑටි ගේන්න මොන තරම් අමතර මුදලක් ගෙවන්න ඇතිද? කොහොම උස්සන් ආවද මන්දා, අපට නම් කිලෝ අටක හාල් බෑග් එකක් වත් උස්සන්න අමාරුයි.(නදී)
කෙන්යාව සමග සම්බන්ධකම් ඉහල දැම්මා නේද ලගදී.(නදී)
රොටී හදන්න තරමට අපේ රටේ කුඩු තියෙද්දි මේවා ගෙනාවේ මැල්ලුම් හදන්නද? (ත)
මේක අල්ලපු නිසා කුඩු බෙදා හරින සමහර පිරිස් සතුටු වෙන්න ඇති . (ත)
ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වගේ රටවල් මේ වගේ ගෙනෙන දේවල් ගැන හොයන්න පුහුණු කල බල්ලන් යොදා ගන්නවා. අපේ ලංකාවෙත් ඒක කලොත් හොඳයි. ඒකෙන් ලංකාවේ වටින ශාක පිටරට යනඑක වගේම අනවශ්‍ය ශාක රට තුලට ඒම පාලනය කරන්න පුළුවන් (දිල්)
මුන්ව උල තියන්න ඕනා.(නදී)
කැනඩාවට යවන්නේ ඇයි? මෙහෙ ඉන්නේ ඕන තරන් ඕවා පාවිච්චි කරන අය. (නදී)
ලංකාව මතින් ස්වයන්පොෂිත වෙමින් අපූරු ආශ්චර්යකට යනවා වගෙයි පෙනෙන්නේ.(නදී)
ළමයෝ ඕක පොඩි වෙන්න මුකුනු වැන්න මිටියක් වගේ අර රත්තරන් ගෙනියන මාර්ගයට කොටාගෙන ආවා නම් මාරුවෙලා යන්න තිබුනනේ.(නදී)
මමත් ඉන්නේ කෙන්යාවේ. මෙහෙ හැමතැනම විකුනනන්න තියනවා. ලංකාවේ මුදලින් රුපියල් 50 ඉඳලා ගන්න පුළුවන් අමු කොළ.(නදී)