
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත වූ තවත් පනත් කෙටුම්පත් දෙකකට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සඳහන් කළේය.
අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ (ආචාර්ය) විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ බහුමානය ප්‍රදානය කිරීමේ පනත් කෙටුම්පත සඳහා කතානායකවරයා සිය සහතිකය සටහන් කර ඇත.මෙම පනත් කොටුම්පත 2023 ඔක්තෝබර් මස 18වැනිදා පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමෙන් අනතුරුව සම්මත විය.
එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කළ බලපිටිය ශ්‍රී රාහුලාරාම පුරාණ විහාරස්ථ සාමණේර ආකල්ප සංවර්ධන භික්ෂු විද්‍යාලය (සංස්ථාගත කිරීම) යන පනත් කෙටුම්පත සඳහාද කථානායකවරයා සිය සහතිකය සටහන් කර ඇත. මෙම පනත් කොටුම්පත 2023 ඔක්තෝබර් මස 17 වැනිදා පාර්ලිමේන්තුවේ සම්මත විය.
ඒ අනුව 2023 අංක 25 දරන බලපිටිය ශ්‍රී රාහුලාරාම පුරාණ විහාරස්ථ සාමණේර ආකල්ප සංවර්ධන භික්ෂු විද්‍යාලය (සංස්ථාගත කිරීම) පනත සහ 2023 අංක 26 දරන ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ බහුමානය ප්‍රදානය කිරීමේ පනත වශයෙන් මෙම පනත් දෙක අද (01) සිට බලාත්මක විය
2025 දෙසැම්බර් මස 18
114
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තවත් පනත් කෙටුම්පත් දෙකකට කතානායක සහතිකය