බදුල්ල දක්වා තැපැල් මලු ප්‍රවාහනය කරන රියෙන් වැටුණු බව කියන තැපැල් මලු දෙකක් හංවැල්ල වළහාගොඩ කුණු ගොඩකින් සොයා දීමට අසල නිවසක මවක හා දියණියක පොලීසීයට උදව් කළහ.
දැරණියගල තැපැල්හලට භාර දීමට නියමිත මලු දෙකක් එම කුණු ගොඩේ තිබු බව පොලීසිය කියයි.
මේ රියෙන් වැටුණු තවත් මලු දෙකක් මීට කළින් සොයා ගැනිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් බාරගත් රාජකාරිය තමන්ට ලැබෙන වැටුපට සරිලන ලෙස කළ යුතුයි. .කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හරි රාජකාරිය තමන්ට හැකි උපරිම අයුරින් ඉටු කල යුතුය. එයයි රාජ්‍ය සේවකකයකුගේ යුතුකම. (නදී)
තැපැල් ඇමතී තුමා වගකීමෙන් වැඩකරන්න සේවකයින්ට කියලා දෙන්න. මේ සේවකයින්ට කිසි විනයක් නැහැ නේද? (නදී)
අම්මයි දුවයි හරි ලස්සනයි.(නදී)
රාජකාරිය වගකීමෙන් කරන්න බැරි නම් වහාම ගෙදර යැවිය යුතුයි. මේවා අතපසු වීම් සමාව දෙන්න පුළුවන් වැරදි විදියට සලකන්න බැහැ.(නදී)
මහා පාරේ ඉදලා කොච්චර දුරකට වැටිලද නේද? (නදී)
මෙයද තවත් තැපැල් චන්ද ප්‍රතිපලයකි. (ත)
මේ අම්මටයි දූ ටයි තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියා ලැබේවි.(නදී)
ඔය කියන රියේ රියදුරුත් වැටෙයි ඔහොම යනකොට! (ස)
ඔහොම කොහොමද කුණු ගොඩට වැටුනේ. පරීක්ෂා කරලා දඩුවම් දෙන්න.(නදී)
අනේ පව් අප්පා නිකම් ඔහේ වැටෙනවනේ. මේ වාහනේ සිදුරු ගොඩක් ඇති.(නදී)
වහාම ක්‍රියාත්මක වන පරිදි තැපැල් මලු ප්‍රවාහකයන් රස්සාවෙන් පිටුවහල් කරලා ඔවුන්ව නීතියට යොමුකොට දැඩි දඬුවමට ලක්කල යුතුයි. මෙයද රාජ්‍ය ආයතනක් නිසාවෙන්.(නදී)
නත්තල් හින්ද බෙදන්න බැරි තරම් ලියුම් තියෙනකොට එකක් දෙකක් දාල ගියාට මක් වෙනවද?(නදී)
ඔව් වාහනේ යතුර දාල වහන්නේ නැතිව වෙන්න ඇති යන්නේ. අනික රටේ ලියුම් ටික බෙදා ගන්න බැරිනම් තව මොන කතාද ? අනේ ආශ්චර්යය. (නදී)