ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි තවත් කොටි සැකකරුවන් 8 දෙනකු රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප මත නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද නියෝග කළාය.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ නීතිඥ අසාද් නවාවි ඇප ඉල්ලීම් ඉදිරිපත් කෙළේය.
කනලිංගම් බවනන්දම්, ස්කන්ධරාජා, මනික්කාවේ කණ්ඩාලයන්, කුලශංකර්, කන්දයියා කරුණානන්දි, පුවිධරන්, යෝහානන්දන් සහ සුවින්ද්‍රන් යන සැකකරුවෝ එසේ නිදහස් කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉසුරන්දි එක වෙයිද කියලා තමයි සැක. කට්ටියක් පුනරුත්ථාපනය වෙන්න බැ කියලත් කිව්වා. (ර)
කිසිදු කෙනෙක් දණ්ඩනයට ප්‍රිය නොවෙති(රේ)
ඉසුරන්දි කියන විදියට වෙනවා නම් හොඳයි නමුත් ඉතින් එහෙම වුනේ නැත්නම් තමයි වැඩේ. අර කතාවකුත් තියෙන වනේ කලේ මාරු වුනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ කියල. බලමු අපි ධනාත් මකව හිතමු.(රේ)
අපිට ධනාත්මකව හිතන්න ගොඩක් දේවල් ඊයේ පෙරේද හර්තාල් දවසේ පෙන්වල තියනවා...වලිගෙ අතෑරපු ගම රාළට උනදේ නොම උනොත් හොඳා .......(රේ)
නිදහසේ ප්‍රතිපලය යහපත් පුරවැසියෙකු වෙනවා දැකීමයි. (ර)