තවත් යෝද ඇස්ටරොයිඩයක් හෙවත් ග්‍රහකයක් පෘථිවිය දෙසට ඇදී එමින් තිබෙන බව නාසා ආයතනය කියයි. ‘කිව්ඊ 2‘ යනුවෙන් නම්කැර ඇති මෙම ග්‍රහකය සැතපුම් 1.7 ක විශ්කම්භයකින් යුතු බවත් එය පෘථිවිය හා ගැටුණහොත් මහත් විනාශයක් විය හැකි බවත් විද්‍යාඥයන්ගේ අදහසයි. මැයි 31 පෘථිවියට වඩාත් ආසන්න වන මෙම ඇස්ටරොයිඩය පොළොවට කිලෝ මීටර ලක්ෂ 36 ක් ඈතින් හෙවත් පෘථිවියත් හඳත් අතර දුරමෙන් 15 ගුණයක දුරකින් ඇදීයන බව ද නාසා ආයතනය පවසයි. එය යළි වසර 200 කින් පෘථිවිය ආසන්නයට පැමිණීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් මෙය නාසා කියන ටී වී චැනලය මගින් විකාශනය කර පෙන්වූවා (නි)
වෙල්කම් ඇස්ටරොයිඩ් ! අපි ඔබ සාදරයෙන් පිළිගනිමු.(අ)
මම මේක පිළිගන්නේ නැ. හේතුව මීට වඩා ලග තියෙන දේවල් ගැන මේ අයට කියන්න බැරි උනා.(අ)
නෙතුමි ඔයානම් මාර දේවල් තමා කියන්නේ. ලෝකේ කරකවන්නේ කවුද ?(නදී)
කෙසේ වෙත්තත් මම ලේ පිරිසිදු කර ගන්නවා මේ අයගේ අදහස් කියවල හොදට උදේම හිනාවෙන්න පුළුවන් (අ)
මේවා ලෝක විනාසයට වෙන දේවල් ළමයෝ.(නදී)
මේවා ලෝක විනාසයට වෙන දේවල් ළමයෝ (අ)
ලොකු පිහියක් හදල උඩ ඇරියානම් හරි ගල කැපිලා යන්න.(නදී)
ලෝකෙටම නරක කාලයක්ද කොහෙද
සම්පත්, ලෝකය කරකවන්නේ කවූද කියන්න හරියට හොයාගෙන නැහැනේ,,,ඒවා තමා ස්වභාව ධර්මයේ විශ්මයන්,, එය කරකැවෙන්නේ ගෝලාකාර ලෝකය තුල සිටින හැම කෙනෙකුටම එලිය අඳුර දකින්නත් තව බොහෝ හේතු නිසාත් වෙන්න ඇති,, ඉහත සඳහන් පුද්ගලයාගේ කියමනටයි මම එවැනි අදහසක් දුන්නේ එහි වරදක් නැහැනේ,,, (අ)
මීට වඩා ලොකු එකක් එන්න ඕනේ දැන් මේ පාපිෂ්ඨ ලෝකයට (ස)
ආපොඉ මේ මාසෙද එන්න හදන්නේ...පොඩ්ඩක් හිටු අපි ලංකාවේ නැතෝ.. (ස)
වැඩක් නෑ ඔක්කොම ඒවා කන ලගින් යනවා විතරයි. (ස)
අපේ ක්‍රීඩකයෝ ගන්න ස්ටෙරොයිඩ් ටිකක් වැඩියන් ගත්තා නම් ඇස්ටරොයිඩය ලගටම් ගිහින් පොඩි තල්ලුවක් දාලා එන්න පුළුවන් (නි)
නොයෙල් හිතාගෙන ඉන්නේ අපි මැරුණට පස්සේ ඒයා සතුටින් ජිවත් වෙන්නද පින්කරපු කෙනක් විදිහට ? (ස)
ඕව ඉතින් හැමදාම කිට්ටුවට එනවා යනවා. බොහො වෙලාවට පිච්චිලා යනවා. පෘථිවිය පැත්වට එද්දී එහෙම නොවුනොත් තමා ගැටළුව. (ස)
2012.12.21 වැරදි ගණනය කිරීමක් වගේ, ලංකාවේ සහ පිටරට මහා ලොකු උගත්තු කිඋවේ, එහෙම අස්රොඉද් ලග පහත නැති බැවි, නමුත් ඊට දින කිහිපයකට පසුවද පෘතුවිය ලගින් ගලක් ගිය බව දැනගත්තේ, ගිහින් දින ටික දිනකට පසුවඊ. ඕන් දැන්වත් තමන්ගේ බක පණ්ඩිත කම තේරුම්ගත යුතුයි. (ස)
ඔය ග්‍රාහක පෘතුවියේ වැදෙනවද නැද්ද යන්න තීරණය වන්නේ ග්‍රහකයේ ප්‍රමාණය අනුව හා එම ග්‍රහකයට පෘතුවිය, චන්ද්‍රයා හා සුර්රය ගෙන් යෙදෙන ගුරුත්වාකර්ෂණ බලය අනුවයි.(නදී)
හෝව් පොඩ්ඩක් මම තාම බැදලත් නැහැ.
මේක ලංකාව පැත්තේ ඇවිල්ලා ගැටෙන්න ඕනේ. එතකොටවත් මේ ජාතිවාදය නැතිව නව පරම්පරාවක් මේ රටේ ඇති වේවිනෙ.(නදී)
ස්තුතියි. අපිට තොරතුරු ටිකක් මදිවගේ (නි)
චඃ මේ පාරත් මිස් වෙනවා. ඊළඟ සැරේවත් පුළුවන් වෙයිද මන්දා. (නදී)
කොහොමද කාලගුණ අනාවකි වගේ උනොත්.(නදී)
දැන් ලගින් යනවා වෙලාව අපුවහම ගානට වැඩේ සලස්වයි. කලබල වෙන්ඩ එපා.(නදී)
එන්න අනේ. මට ඔයාට උම්මා එකක් දෙනතුරු ඉවසිල්ලක් නැහැ (නි)
කිරල්ලු රෑට නිදියන්නේ කකුල්දෙක උඩට උස්සගෙනලු. ඒ අහස කඩා වැටෙයි කියලලු. සුරංග ලක්මාලුත් ඒ වගේ බයෙන් ඉන්න බව තේරෙනවා. බය නැතිව හොදට නිදියගන්න. ඔය වගේ ලොකු එකක් එනවා නම් නවත්වන්න බැහැ මොන ජගතෙකුටවත්. අනික කිසිම කෙනෙක් නොදැනම වෙන්නත් පුළුවන්. බයවුණා කියල කළහැක්කක් නැහැ. ඉතින් හොදින් සතුටෙන් ජීවත් වන්න.සියල්ල අනිත්‍යයි. නැතිවෙන සුළුයි. බුදුහාමුදුරුවෝ කීවේ මේකයි. (නි)
ඔයිට වඩා ලොකු එකක් ඔලුවට වැටුනා වගේ තියේවි ලබන මාසේ ලයිට් බිල ආවම. (නි)
පෙරේරා කියල ා තියන එක කියවලා තනිවම හිනාගියා. ලස්සනට ඒක කියලා තියන විදිහට.ඔය වගේ අය තමා අදහස් දක්වන්න ඕනෑ.එතන වෛරය ක්‍රෝධය නැතුව දැනෙන විදිහට කියලා. (නි)
දැන් හෙල්මට් ගනන් යයි. (නි)
පෙරේරා මහත්තයා කියන දේ හරි. තිසල් කියන්න වගේ ඒක නියමෙටම පෙරේරා කියලා තියනවා. (නි)
හැකි ඉක්මනින් මෙය පොළොවේ වදීවා ලොව විනාශ වේවා!(අ)
ලෝකේ කවදාහරි වෙනස් වෙනවා.(නදී)
මනුෂයින්ට ගල් ගහලා මරන්ඩ දෙවියෝ තීන්දු කරලද?(නදී)
මේක අපේ අහවල් ඇමතිගෙ ඔලුවට වැටුනොත් කොච්චර හොදද? (නි)
අපේ ඇමතිවරු කීප දෙනෙක් හොඳ බේගල් ටිකක් දෙඩුවා නම් ඔය ගල නිකම්ම පැලිලා යාවි. (නි)
නැහැ සනත්, දෙවියෝ මනුෂ්‍යාට අවදානම පෙන්නවනවා. ඒ එයට මිනිසාගේ බුද්ධිය ක්‍රියා කරවන්නේ කෙසේද කියා බැලීමට.මේ ලෝකේ වුණත් හැමදාම ඉන්න ඇවිත් නැහැ එයාත් ටික කාලයයි ඉන්නේ. හැබැයි තව කාලයක් එයා ඉන්න නිසා බය වෙන්න එපා, ඔය ගල ඔයාට වදින්නේ නැහැ (නි)
කවදාකවත් පෘතුවිය වදින එකක් නැහැ. මේවගේ පව්කාර ජාතියක් ඉන්නකම්.(නදී)