(කුෂාන් ජයවර්ධන)

කොළඹ මඩකලපුව දුම්රිය මාර්ගයේ හබරණ පලුගස්වැව ප්‍රදේශයේ දී  වනඅලි මවක හා පැටවකු ඊයේ රාත්‍රිෙය් දුම්රියේ ගැටීමෙන් අනතුරට පත්ව තිබේ. 

මඩකලපුව කොළඹ දුම්රිය මාර්ගයේ 205.5 කිලෝමීටර් කණුව ආසන්නයේදී කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මීනගයා සීග්‍ර ගාමී දුම්රියේ ගැටීමෙන් මෙම අලි මව හා පැටවා ඊයේ රාත්‍රි 12.30ට පමණ අනතුරට ලක්ව ඇති බව වනජීවී නිලධාරීහු පවසති. 

සිදුව ඇති මෙම අනතුරින් දුම්රියේ ගැටුනු අලි පැටවා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර දුම්රියේ ගැටුනු මව් කෙනෙරද මේ වනවිට අසාධ්‍ය තත්ත්වයෙන් පසුවෙයි. 

මෙම දුම්රිය අනතුරින් මිය ගොස් ඇති අලි පැටවා අවුරුද්දක් පමණ වයසැති එකෙකු වන අතර මව් කෙනෙර අවු 20-ක් 25ක් පමණ වෙතැයි වනජීවී නිලධාරීහු අනුමාන කරති. 

එම මව් කෙනරට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට වනජීවී නිලධාරීන් කටයුතු සූදානම් කරමින් සිටී.  අසාධ්‍ය තත්ත්වයේ පසුවන  එම මව්  කෙනෙරට අවශ්‍ය  ආහාර පාන සැපයීමට වනජීවී නිලධාරීන් හා එම ප්‍රෙද්ශවාසීන් මේ වනවිට කටයුතු කරමින් සිටි. 

එම ස්ථානයට පැමිණි අනුරාධපුර වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වනජීවී පශ්‍ර වෛද්‍ය උදේශීකා මධුවන්ති මෙනවිය ඇතුලු එම කාර්ය මණ්ඩලය අසාධ්‍ය තත්ත්වයේ සිටින මව් කෙනරට ප්‍රථීකාර කිරීමට මේ වනවිට කටයුතු කරමින් සිටින අතර ගනේවල්පොල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යායේ නිලධාරීන් හා හබරණ පොලිස් ස්ථානය මගින් එම සිද්දිය සම්බන්ධයෙන් වූ විමර්ශණ කටයුතු සිදුකරමින් සිටි.