මෙම යහපලන රජය මෙවර අයවැයෙන් අධ්‍යාපනය සදහා කරනු ලබන යෝජනා විසින් මෙරට අධ්‍යාපනයේ අනාගතය විශාල අභියෝගයට ලක්කරපු බවක් පෙනෙන බව ජාතික ගුරු සභාව අද පෙරවරුවේ බත්තරමුල්ලේ මාධ්‍ය හමුවකදී පැවසීය.
රටක් මුළු සමාජයක් ගොනාට ඇන්දූ අයවැය යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි එහි සභාපති නිමල් ප්‍රේමවංශ මහතා කියයි. රනිල් වික්‍රමසිංහ මහතා පෙරත් අගමැති වී සිටියදී පැවති සාමාන්‍ය නිල ඇඳුම් ක්‍රමය ඉවත්කර කූපන් ක්‍රමයකට එදා මාරු කළ බවත්, නමුත් එදත් එය අසාර්ථක වූ බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරු සභාවෙ මහත්තයෝ, 2016 පළමුවෙනි ශ්‍රේණියට ඇතුළත් වෙන්න ස්කෝල නැතුව ඉන්න ළමයි ගැනත් හොයල බැලුවනම් නරකද? (බ)
ඔය එපා කියන අයට පාසල් යන ළමයි ඉන්නවද ? සාර්ථක විකල්ප ක්‍රමයක් තියනවද ? මාධ්‍ය මතය මුළු ප්‍රතිලාබීන්ගේ මතය නොවේ (බ)
වෙනස්වීමට ඇති නොකැමැත්ත තමයි ඕක. අපේ රටේ මිනිසුන්ගේ හැටි ඔහොම තමයි. කලින් ක්‍රමයේදී රෙදි ටෙන්ඩර් යටිමඩි ගහගන්නවා ලොකු කට්ටිය. එතන ලොකු දුෂණයක් තිබුනා. පුළුවන්කමක් තිබුනා නම් දේශීය රෙදි නිෂ්පාදනයට යොදවන්න වඩා සාර්ථක වෙන්න තිබුණා ඒ ක්‍රමය. මේ ක්‍රමයේ තිබෙන අඩුපාඩු නිවැරදි කරගෙන විධිමත් ආකාරයට ඉදිරියට යමු (නි)
ගැටලුවක් නැතිව තිබුන දෙයක් වෙනස් කරලා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරලා කියල මට හිතෙන්නේ. දුෂ්කර පැතිවල ඉන්න ළමයින්ට රෙදිගන්න ආසන්න නගරයට එන්න තවත් මුදලක් වැය කරන්න වෙනවා. දුප්පත් දෙමවූපියන් මේවා කොහොමද දරාගන්නේ. ආණ්ඩු වෙනස් වෙනකොට ක්‍රමවේද වෙනස් කළාට කමක් නැහැ ජනතාවට සෙතක් වෙනවනම්. (බ)
මේ ක්‍රමය සාර්ථක නෑ.(හේ)
අධ්‍යාපන ඇමතිතුමනි, ඔබ හරි. ඔය ප්‍රතිපත්තියේම ඉන්න. හැමෝම සතුටුකරන්න බැහැ මේ රටේ. අපේ මිනිස්සු වෙනස්වෙන්න අත නම් උස්සනවා. නමුත් වෙනස්වෙන්න කැමති නැහැ. අඩුපාඩු දකිනවා විතරයි. රට ඉස්සරහට යන්නෙත් නැහැ. (නි)
මෙය එක් හොඳ ක්‍රමයක් ලංකාවේ හතර දෙනෙක් තමයි සප්ලයි කරන්නේ එ්ක මාෆියාවක් වගේ තමයි ඇසුරුම් කුලිය ජනාධිපතිතුමාගේ පණිවිඩේ දාන කොලේ ප්‍රින්ට් කරන්න යන වියදම වගේ දේවල් ඉතුරු වෙනවා (බ)
විදිමත් ක්‍රමයක් ගොඩ නැගීම රජයේ වගකීමක් සෑම දෙමුපියෙක්ම සුළු මුදලක් සදහා කාලය විශාල වසයෙන් නාස්තිවෙනවා සමහර ළමයින්ට මේ මුදල් මදි නිල ඇදුම මසා ගන්න.(හේ)