දොඩංගොඩ බෝම්බුවල රබර් වත්තකදී පොලිස් කොස්තාපල්වරයකුට වෙඩි තැබූ පිරිස සොයා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්  අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.  ‘සතියකින් උඹ වැලිගම යවනවා‘ යැයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී ඔහුට තර්ජනය කළැයි කියන දකුණේ දේශපාලඥයකු ගැන ද ඔහු පොලිසියට කියා ඇත. ඔහුගෙන් මෙතෙක් ප්‍රශ්න කර නැති බව ද  දැන ගන්නට ඇත. දක්ෂිණ අධිවේගි මගේ අධික වේගයෙන් රිය පැදවීමේ වරදට දඩ කොළයක් දී ඇත්තේ මේ කොස්තාපල්වරයා බව දැනගන්නට ඇත.