කොටවෙහෙර දිවුලලෑපිටිය වැව් ඉස්මත්තේ අනවසරයෙන් වැලි ගැරීමෙන් වැව වැනසෙතියි ප්‍රදේශවාසීහු කියයි.
දැදුරු ඔය ජලාශයේ ජලය ඉගිනිමිටිය ජලාශයට රැගෙන යාමට කැරෙන ඇළෞ පස් යොදා වැලි ගැනීම මීට හේතුව බව කියති.
‘පසුගිය මාර්තු 8 වැනි දා බලපත්‍රය නවතා දැමීමට කටයුතු කළා. නමුත් මේ වන විටත් එය මේ වන විටත් නිති විරෝධි ලෙස ක්‍රියාත්මක වෙනවා. පොලිසියට දැනුවත් කර එම ස්ථානයේ තිබෙන සියලු යන්ත්‍ර ඉවත් කිරිමට කටයුතු කරනවා යැයි කොටවෙහෙර ප්‍රාදේශිය ලේකම් ජේ.එම්.අයි.ආර්.කේ. ජයසුන්දර මහතා පැවසුවේය.
![1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/1.jpg)









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට කලින් කුරුණෑගල ප්‍රදේශයේ කටුපොත, කරවිට,බතලගොඩ වැව් තාවුළු වලින් මෙසේ වැලි ගරා එම වැව විනාශ කළා. මෙම අක්‍රමිකතා වලට ඉහළ නිලධාරීන්ද සම්බන්ධයි (නි)
මේවා කරන්නේ සාමාන්‍ය මිනිසුන් නොවේ බලදාරින් ගේ වැඩ නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ උනාම කාට කියන්නද මේ අවනඩුව. (ර)
ඕවට ලොකු අයගේ ආධාර අනුබල තියන නිසා තමයි යකඩ කදන් ගෙනත් මේවා විනාස කරන්නේ. (ර)
අනේද කියන්නේ. මහාපරිමානෙන් කරන වැලි ගොඩ දැමිමක්නේ මේක. එසේ මෙසේ කෙනෙකුට ඕවා කළහැකිද? (ර)
මේ යන්ත්‍රසුත්‍ර අහසින් කඩාපාත් වූ ඒවාද? මේවා සවි කරන තුරු බලධාරීන් නිදා සිටියාද? (ර)
මිනිස්සු නොමග යවමින් දේසපාලන බලය සහිතව විවිධ ජාවාරම කරුවනට රැකවරණය ලබාදෙන සහ ජාවාරම් කාරයාගේ පාරාදීසයක් බවට අපේ රට පත්වීම අප කිසිදා බලාපොරොත්තු නොවූ අවාසනාවන්තම සිදිවිමකි . එමෙන්ම පසුගිය කාලයේ විල්පත්තු මහා වන විනාශය සිදුකලා , මොනරාගල කුඹුක්කන් ඔය වැලි ජාවාරම කරුවන්ගේ ගොදුරක් වුනා. දැන් කොටවෙහෙර මෙහෙම දේවල් වෙනවා .අපි මේවා නවත්වන්නේ කවද්ද .තාම පිලිතුරුක් නැහැ . අපිට මේ හැමදේම අමතකවෙලා. සිංහල ජාතියේම විශේෂම ලක්ෂනයවන්නේ හැමදේම ඉක්මනින් අමතක කරලා දැමීමයි ඒ වගේම සුරනගනා කතාවලට රැවටීමයි. (ර)