ඉතාලියේ කතානියා නගරයේ පසුගිය දිනෙක සවස ආක්‍රමණික ලෙස හැසිරෙමින් පාරේ ගිය මගීන් දෙසට, පදික වේදිකාවට සහ රථවාහන දෙසට වීදුරු බෝතල්වලින් දමාගැසු බව කියන ශ්‍රී ලාංකිකයකු එහි පැමිණි පොලීසියට ද පොලීසියටද, ගිලන්රථ සේවකයන්ටද බැනවැදී අතින් පයින් පහරදීමට උත්සහ දරා ඇතැයි ඉතාලි පොලීසිය කියයි.
කෙසේ හෝ ලාංකිකයාව මෙල්ල කර පොලිස් භාරයට ගනු ලැබීය.ඔහු උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඔහුට වාස බලපතක් හෝ වාසය කිරීමට තැනක් හෝ නැතැයි ද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අහස් ගව්ව නැග ගත්තේ නිල්ල දකින්නයි.." ඒ නිල්ල දැන් ගිනි ගෙන දැවෙන බෝලයක් වෙලා. තමා ආවේ කොහෙන්ද, ආවේ මොකටද, යන්නේ කොහෙද කියා හිතා ගන්න බැරි තරම ට මනසින් රෝගී වෙලා. උපන් රටේ ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව දහසක් බලා පොරොත්තු ඇතිව පිටරට යන අහිංසක අයටත් මේ ඉරණම අත්වෙලා තියෙනවා. පව් කියා හිතෙනවා. (නදී)
අපොයි මෙහෙමත් මිනිස්සු. ලැජ්ජාවේ බැහැ මේ වගේ අය නිසා.(නදී)
ඇත්තටම අපේ රටේ කියල දැක්කම කතා කරන්නවත් බැරි අය මේ රටේ හැම නගරයකම ඉන්නවා .රැකියාවක් කරන්න ඕන කමක් නැහැ .පල්ලියකින් දෙන දෙයක් කාල මුළු දවසම වයින් බීල .කාලය ගත කරන අය ඕන තරම් ඉන්නවා. .මෙයාල මොන පරමාර්තයකටද ජීවත් වෙන්නේ කියලා දෙවියෝ තමයි දන්නේ .මෙතැනදී ලංකාවේ කොහෙන්ද පැමිණුනේ කොහොමද පැමිණුනේ කියන එක නොවෙයි වැදගත්. හැමෝම ආරක්ෂා කළයතු වෙන්නේ රටේ කීර්ති නාමයයි.(නදී)
ලාංකිකයන්ට ආදර්ශයක් දිය හැකි පුද්ගලයින් රට තුලදීම ලංකාවේ නම කන විදිහට නොහොබිනා වැඩ කරනකොට මෙවැනි ලාංකිකයෙක් රටින් පිට ගිහින් මෙවැනි දෙයක් කිරීම පුදුම සහගතද?(නදී)
වෙන්නප්පුවේ අය ඉතාලියට ඇවිත් හැකි පමණින් අන් ශ්‍රී ලාංකිකයන්ට ඉතාලියට එන්න උදව් නොකලානම් ඔය වගේ අය අද ඉතාලියේ නැහැ.(නදී)
සේරම වැරදි යන්නෙ ලංකාවෙ නමින්. ඒකෙන් වෙන්නෙ බංගලි දේෂය වගේ අපේ රටත් පහත් පෙලේ රටක් වීම.(නදී)
ඇයි එහෙම කරලා තියෙන්නේ? මොලේ විකුර්ති වෙන වස කැවිලද ? බීලද? දැන් මිනිස්සු ලවා විකාර කරවන විවිධ ක්‍රම වැඩ කරනවා. (නදී)
බලන්න ඔය වගේ රටවලට මිනිස්සු යන්න මොන තරම් දහ දුක් විදිනවද? මොන තරම් වියදම් කරනවද? ගිහිං නොවිදිනා දුක් විදිනව කීයක් හරි හොයා ගන්න.ඒත් එහෙම ගිහිල්ලත් මේ සමහර මිනිස්සු කරන ගොන් වැඩ.(දිල්)
සමහර විට සිහිමද ගතියෙන් පෙළෙන්නෙකු වෙන්න ඇති. නැතිනම් බීමත්ව සිටින්නට ඇති. සිහිමද ගතියෙන් පෙලෙක් නම් ඔහුට අනුකම්පා කල යුතුයි.(නදී)
දැන් ඉතින් නොමිලේම ලංකාවට එන්න පුළුවන්(දිල්)
කතානියා පැත්තේ ගොඩක් අය වෙන්නප්පුවෙන් බෝට්ටු වල පැමිණි අයයි.(දිල්)
නන්දන, යන්නේ කොහෙද ?මල්ලේ පොල් වගේ.(නදී)
ආපසු යන්නෙත් බෝට්ටුවේද ? (නදී)
ඔය සිද්ධියට සම්බන්ධ පුද්ගලයා මට පසුගිය සතියේ සුපිරි වෙළද සැලකදී මුණ ගැසුණා. ඔහුව මට මතකයට ආවේ ඔය සිදුවීම සිසිලියේ ප්‍රධාන පුවත් පතක පළවුණා. එම නිසා මම ඔහුගෙන් මේ පිලිබදව විමසීමක් කළා ඔහු දැන් නිදහස් කරලා පොලිසියෙන් ඔහු වෙරි මතින් කල කිසිවක් දැන් මතක නැහැ ඔහු දැන් බීමතින් වැලකි සිටිනවා හැකිනම් රැකියාවක් සොයා දෙන ලෙසත් පැවසුවා වෙනදා විනෝ බෝතලක් වෙළද සැලෙන් මිලදී ගන්නා ඔහුගේ අතේ පසුගිය සතියේ තිබුනේ පාන් සහ අනෙකුත් කෑමට ගන්නා දේවලුයි. ඔහු මා සමග පැවසුවේ පොලිසියෙන් අමතක නොවන සංග්‍රහයක් බුක්ති වින්ද බවයි මොනවා නැතත් පොලිසියෙන් උන්දැට හොදට පාඩමක් කියලා දීලා.(නදී)