ශ්‍රී ලංකාවේ තරුණ ඉංජිනේරුවකු වන ඩෙක්ස්ටර් සිල්වා 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ තාක්‍ෂණ සහායකු ලෙස තෝරාගනු ලැබ සිටියි. කොළඹ වෙස්ලි විදුහලේ ආදි සිසුවකු වන ඩෙක්ස්ටර් හ්ර්ට් පෝර්ඞ් ෂයර් සරසවියේ 2005දී උපාධිය දිනා දැන් පශ්චාත් උපාධියට සැරසෙයි.
ශ‍්‍රව්‍ය - දෘශ්‍ය හා විකාශන ඉංජිනේරුවරයකු වන ඔහු ලන්ඩනයේ බොහෝ සංස්කෘතික උත්සවයන්හිදී සිය සේවය නොමිලයේ ලබාදෙයි. වැඩක් හරියට කිරීමේ දක්‍ෂයකු වන ඔහු අයි.බී.එම්. මයික්‍රොසොෆ්ට් මෙට්රොපොලිටන් පොලිසිය කොන්සර්වැවිට් පක්‍ෂය ඇතුළු කීර්තිමත් ආයතන සංවිධාන රැසක සේවා දායකයෙකි. ඔහු ගොඞ්ප‍්‍රි හා සුනේත‍්‍රා ද සිල්වා යුවළගේ පුත‍්‍රයෙකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියා ලංකාවට ආවහම ඉස්කෝලේ පැත්තේ එන්න හොදේ
ඔබ මගේ අයියා වීම මට ලොකු ආඩම්බරයක්! අයියේ ඔබට සුහම සුභ අනාගතයක් !!!!!!! (නි)
ඉතා හොදයි. මට ආඩම්බරවෙනවා වෙස්ලි විදුහලේ වීම ගැන.. මමයි ඔබයි එක පන්තියෙ සිටියා එක වසරේ සිට එකොළොස්වන වසර දක්වා..
ඔබට ජයෙන් ජය. ඔබ අපට ආඩම්බරයක්.
බණ්ඩා,මේ කියන්නේ ඔලිම්පික් ජයක් ගැන ,නෙමෙයි ,අපේ කොල්ලෙක් දක්ෂ ලෙස ඉගෙන ගෙන ,රැකියාවෙන් අපේ රට නියෝජනකිරීමක් ,,මේක අපිට ආඩම්බරයක් නෙමෙයි ද ???
නියමයි කොල්ලෝ
බණ්ඩා , ඔබ 100% හරි
මේ සුබ පතන ආඩම්බර වෙන අයට මතක් කරන්න කැමතියි, මේ තරුණයා ඔලිම්පික් ව්‍යාපෘතියේ සේවය කරන විවිධ ජාතීන්ට අයත් දහස් ගණනක සේවකයින් අතරින් කෙනෙක් වීම ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් දිනුමක් ලැබීමක් නොවන බව. නිදසුනක් කිවුවොත්, අපේ ගමේ රාලහාමි කෙනෙක් සාක් සමුළුවේ ඩියුටියකට ගත්තා කියන්නේ ඔහු සාක් රාජ්‍ය නායකයෙක් වීම නොවේ.
ආඩම්බරයි .!
හොඳ ඳේ හොඳයි කියන්න...
ශ්‍රී සර අයියේ ඔයා මටද කියන්නේ ?අයියේ ඔයා දන්නේ නැ මගේ අම්මයි තාත්තයි දෙන්නම පිටරට ඉන්නේ .මම කවදාවත් එහෙම කියන්නේ නැ . හොද දේට හොදයි කියන ......
ලංකාවේ නම බබළවන්නට මෙවන් පුතුන් තව බිහි වේවා !!!!,ඔබට මගේ සුභ පැතුම් !!
ලක් මෑණියන්ට ආඩම්බරයි. තවත් ඉදිරියට කරගෙන යාමට ඔබට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා!
කවුරු හරි පිටරට යන්න හදන ප්‍රවෘත්තියක් තිබ්බනම්, "මුං ට දඩ ගහන්න ඕනේ", "සුද්දන්ට කඩේ යනවා", "බටහිර රටවල ගැතිකම් කරන්න යනවා" කිය කිය ප්‍රතිචාර දාන අයම තමයි, පිටරටක ගිහින් මොකක් හරි කැපී පෙනෙන වැඩක් කලාම. "අපේ කොල්ලෙක්", "මව්බිමට ආඩම්බරයක්" වගේ ප්‍රතිචාර දාන්නේ.... කබර-තලගොයි කතාව තමා ඉතින් කියන්න වෙන්නේ
අපේ පාසලේ කොල්ලෙක්...නියමයි අයියා නියමයි....
සැමට ආදර්ශයක් ජය වේවා!
සොහොයුරාණෙනි, ඔබට සුභ පැතුම්..
හෙට වෙද්දි තව මොනවා දායිද දන්නෑ
ක්‍රීඩකයෝ නැති අපට නිලධාරීන්වත් ඉන්න එක ලොකු දෙයක්..
අපේ ඈයෝ කොහොම උනත් දක්ෂයෝ. මෙවැනි අය තව තවත් අපේ සමාජයේ ඉන්නවා. ඒ අයව හොයාගෙන ලෝකයට රටට යමක් කරන්න ප‍්‍රායෝගික රාජ්‍ය හෝ පුද්ගලික අංශයේ කිසිවෙක් නෑ. එහෙම කරන්න අපේ ඔය මැති ඇමති අයියලාට උවමනාවක් නෑ.
සතුටුයි, අපේ සුභ පැතුම්!
ජයවේවා පුතේ ලක්මවුනි
රට පුරා ක්‍රීඩාපිටි හදන මේ රටේ ඔලිම්පික් ගිහින් සෙල්ලම් කරන්න ඉන්නේ යන්තම් හතර දෙනයි. ඒවා එහෙම තිබියදී 'අපේ හාමුදුරුවරු ඔලිම්පික් කමිටුවේ ඉන්නවා'.. 'අපේ කොල්ලෙක් ඔලිම්පික් පිටියේ තාක්ෂණික වැඩක් කරනවා..' කියා කියා උද්දාම වීම හිනා නොයන විහිළුවකි.