පවතින වියලි කාළගුණික තත්ත්වය ඉදිරි සතිදෙක තුල පැවතුන හොත් බොහෝ විට රටේ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව විදුලි බල නියෝජ්‍ය අමාතය අජිත් පී පෙරේරාමහතා පැවසීය.
බලාගාර අශ්‍රිත ප්‍රදේශවලට වර්ෂාව නොලැබීම හේතුවෙන් ජලාශවල ජල මට්ටම පහත බැසීම මෙයට ප්‍රධාන හේතුව යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.
කෙසේනමුත් ජනතාව අපහසුතාවට පත්නොකර අඛන්ඩව විදුලිය ලබාදීම සදහා ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව පෙරේරා මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කියාවි මේ නිසා ඉන්දියාවෙන් විදුලිය ගමු කියලා. (ර)
අපේ රටේ සුරිය පැනල නිෂ්පාදන කරන්න හරි අඩු මිලට ලබා දෙන්න හරි වැඩ පිළිවෙලක් තිබ්බා නම් ටිකක හරි සහනයක් ගන්න තිබුණා (ම)
මෙහෙ නම් වාර්ෂික වර්ෂාපතනය ඍන අගයක තියෙන්නේ ම, එ්ත් විදුලිය අඛණ්ඩව ලැබෙනවා. සොබා දහම ගැන විශ්වාස තියන්න බැහැ , මොනවා කරන්නද දුප්පත් අපේ රටට තමා සොබා දහමේත් ගැරහිලි (බ)
පහුගිය ආණ්ඩුව කාලෙ පොඩ්ඩක් නොවැස්ස ගමන් විදුලිය කපන සිරිත ඉවර කළා, අලුතින් බලාගාර හදල. අායෙත් දැන් ඒ සිරිත පටන් අරන් වගේ, මේ යන්නේ ඉන්දියාවෙන් විදුලිය අරන් අපේ රට බලාගාර වහල දාන නියෝගය ඉටු කරන්නනේ හිමින් මිනිස්සුන්ගේ මොළ හෝදලා. (බ)
මහජනතාවට සපයන විදුලිය කප්පාදු කළාට කමක් නැහැ. මැති-ඇමති උතුමන්ලා ට සැපයෙන විදුලිය නොකඩවා සපයන්න මතක තියාගන්න උප ඇමතිතුමා. මොකද ඒ අයට වායුසමීකරණය නොතිබුනොත් වාත රෝග ස්නායු ආබාධ ඇතිවෙන්න පුළුවන්. (බ)