සුර්ය බලයෙන් ක්‍රියා කරන විදුලි බල කට්ටල පිරමීඩ ක්‍රමයට අලෙවි කිරීමේ නීතී විරෝධි ගනුදෙනුවක් කුරුණෑගල නගරය කේන්ද්‍ර කැර ගනිමින් වයඹ පළාතේ ක්‍රියාත්මක වන බව දැනගන්නට ඇත.
රුපියල් හැට පන්දහසකින් ඇරැඹෙන මෙම සුත්තරයට හසු නොවන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව ද උපදෙස් දෙයි.දැනටම මහව ,පොල්පිතිගම, ගනේවත්ත හා මඩගල්ලේ පිරමීඩාකාරයට සුර්ය බල පද්ධති විකුණතියි සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ සුත්තරේ ගැන විතරක් කතා කරන්නේ. ලංකාවේ ගොඩක් මේ වගේ සුත්තර තියනවා. දේශපාලනය, ඒ අයගේ ගෝලයෝ එකක, පොලිසියේ හා එයාගේ දරුවෝ වගේම හිතවත්තු, මත්කුඩු ව්‍යාපාරය, මාළු වෙළදාම, මේ හැම තැනම අනියම් ආකාරයට පිරමීඩ ක්‍රමයට වැඩ කෙරෙනවා. සාමාන්‍යය මිනිස්සු අසරණයි (අ)
ලංකාව ගැන පුදුම දුකයි. අහු නොවී ඉන්න කිව්වම හරිද? පොලිසියක් තියෙන්නේ මොකටද? මිනිස්සු කොහොමද මෙච්චර නීති විරෝධී දේවල් කරන්නේ? (නදී)
මේ වගේ කාරනා ගැන මිනිසුන් හොඳින් දැනුවත් කල යුතුයි (දී)
පිරමිඩ වලින් වෙන්නේ තමන් යොදවන මුදල දන්නා හදුනන කීප දෙනෙක් වංචාකාරයන්ට හදුන්වාදී තමන්ගේ මඩිය තරකරගැනීම (අ)
නීති විරෝධී නම් අත්අඩංගුවට නෙගෙන ඉන්නෙ ඇයි? (දිල්)
ඔය පිරමීඩ සුත්තරයට නම් අහුවෙන්න එපා. දැනට අවුරුදු 10 කට විතර ඉස්සෙල්ලා මාත් ඕකට අහුවෙලා සැහෙන මුදලක් නැති කර ගත්තා. (අ)
අපි වගේ මෝඩයෝ ඉන්නකන් ඔය වැඩේ නවත්වන්න බැහැ.(නදී)
වරදක් පේන්නේ නැහැ, හොඳම උදාහරණය වයඹ ඡන්දය නේද? බුද්ධිය කොහොමද කියලා හිතා ගන්න පුළුවන්.(නදී)
තවම මේවාට මිනිස්සු අහුවෙන එකනේ වැඩේ (දී)
අනුරාධපුරයේත් මෙම කූට ව්‍යාපාරය ක්‍රියාත්මක වෙනවා. ඒ සදහාත් සෑහෙන පිරිසක් සතිපතා තවමත් බදවා ගන්නවා. අනුරාධපුර මිහින්තලේ පාර පුල්ලෙයාර හංදියේ තමයි මේක ක්‍රියාත්මක වෙන්නෙ. සෑම සෙනසුරාදා දිනකම මෙතනට ගියොත් බලා ගන්න පුළුවන් ....(දී)
අනේ අපේ මොකෝ සල්ලි තියෙන අය තමන්ගේ සල්ලි දන් දුන්නට.(නදී)
මහනුවර, පේරාදෙණිය ප්‍රදේශයේත් මෙය ජයටම කරගෙන යනවා... බලධාරීන් හොදට නිදි.(නධී)