වර්තමාන ආණ්ඩුව නව ව්‍යස්ථාවකින් රට බෙදීමට කුමන්ත්‍රණය කරමින් සිටින බවත් ඒ සදහා ඉඩදිය නොහැකි බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කියයි. චමල් රාජපක්ෂ ගේ 74 වැනි ජන්මදිනය වෙනුවෙන් සුරියවැව දී පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
“මේ රට රැකගන්න එක අපේ වගකීම හා යුතුකම.මේ ආණ්ඩුව ගෙන යන යන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුවහොත් මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබද ලොකු තර්ජනයක් ඇතිවෙනවා .ඒ නිසා ජාතික ආරක්ෂාව පිළිබද මේ ආණ්ඩුව සැලකිලිමත් වෙන්න ඕනෑ.ලියුමක් එවලා තියෙනවා පොලිස් නිලධාරීන් කිහිප දෙනකු වහාම පොලිස් සේවයෙන් ඉවත් විය යුතුයි කියලා.එක එවලා තියෙන්නේ ප්රභාකරන් කියන බලකායක්.ජාතික ආරක්ෂාව අපි රැක දුන්නා. යාපනයට යන්න තියෙන පුළුවන්කම තව කි දවසක් තියේවිද කියලා මම දන්නේ නෑ “යැයි ඔහු පැවසීය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපන් දිනයට ගිහාම “හැපී බර්ත් ඩේ“ කියලා ගෙදර යන්නේ නැතුව මොනවද මේ කියවන්නේ? (නි)
තවමත් තියෙන්නේ බලයට පෙරේතකමක්. (නි)
මහත්තයෝ, කට තිබුන පළියට ඔහොම කතා කිව්වාට, අපේ රටේ ඉහළම පුරවැසියන් අදත් යාපනයේ බව දන්නේ නැද්ද? හීන මවමින් ඉන්නවාට වඩා, පත්තර බැලුවොත් රටේ නියම තත්ත්වය ඔබතුමාටත් දැනගන්න පුළුවන් වේවි (නි)
දැන් මෙතුමා ප්‍රාදේශීය දේශපාලකයන්ගේ ගානට වැටිලා. (නි)
ඔබතුමා කළ කැපකිරීම සදා අමරණීයයි. අවිනිශ්චිත අනාගතය දෙස, ඔබතුමාට සහාය දැක්වූ කුරුණෑගල ජනතාව ඇතුළු සියලු ලක්වැසියෝ මේ යන ගමන දිහා වේදනාවෙන් බල සිටිනවා. (නි)
බණ්ඩා, තමාට නම් යන්න පුළුවන් වෙයි. (නි)
මහින්ද හොර වැඩ කරමින් රටේ මුදල් වංචා කළේ නැත්නම් එයාට අදත් රට ආරක්ෂා කරගන්න තිබුනනේ. දැන් පිට ඉඳන් කෑ ගහන එකෙන් වැඩක් නැහැ. (නි)
ඔබතුමා ඒ කාලේ විදුලි පුටුවක් පෙන්නලා බලයේ ඉන්න හැදුවා. දැන් කොටි නැගිටිනවා කියලා බලය ගන්නද හදන්නේ. ඔබතුමාගේ බලයට තියෙන කෑදරකම තමයි අපිට නම් පෙනෙන්නේ (නි)
මෙයාලා තමයි ඔය ඔක්කොම අවුළුවන්නේ. අපි නොදන්නා කට්ටිය. (නි)
ඔහුට බලය දෙන්න අවශ්‍ය නැහැ, හොරකම් යටගහන්න (නි)
දේශපාලන වාසි ගන්න රටේ අසමගිය පතුරවමින් දඟලනවා කියායි මට නම් හිතෙන්නේ (නි)
ජයරත්න, මට පෙනෙන්නේ ඔබගේ වයර් මාරුවෙලා. එහෙම වුණාම ඔය කියන කතා ගැන මම පුදුම වෙන්නේ නැත. බොහොම කෙටියෙන් කියනවා නම් ගෝඨාභය මහතා ඉන්න කාලේ යාපනයේ ඔය සිදුවීම් එකක්වත් සිදුවුණේ නැත. එ්ක තමයි නියම පාලනය. (නි)
බණ්ඩා, ඔය වගේ සිහින පෙනෙන එක ඇඟට හොඳ නැහැ. ගිහිල්ලා බෙහෙත් ටිකක් ගන්න. (නි)
ඉසුරන්දි, මමත් ඔබ සමඟයි. මේ මහතා නැත්නම් ප්රභාකරන්ට රට දෙන්නයි ලැහැස්තිවෙලා සිටියේ. (නි)
පිටිගල, 20-30 ගණනක් පැරදුන කෙනාට පස්ස දොරෙන් හරි එන්න පුළුවන් නම් අැයි එක සැරයක් පැරදුන කෙනාට නැවත එන්න බැරි. දැන් ඡන්දයක් තියලා බල්ලනකෝ මොකද වෙන්නේ කියලා. (නි)
ටික දවසක් යන්න ඕනෑ නැහැ, දැනටමත් ඒක වෙලා ඉවරයි (නි)
චතුරි, රට යුද්ධයෙන් නිදහස් කළ අයද, නිදහස් කළ රට පාවාදෙන්න හදන අයද රටට ආදරේ? (නි)
ඔබ හරි (අ)
මහත්තයෝ, දැන් වයස කීයද? තවමත් පුටුවට තියෙන පෙරේතකම අඩුවක් වෙලා නැහැ නේද. බණක් දහමක් කරගත්තොත් නරකද? (නි)
ආරක්ෂක වැඩේ දේශපාලුවන්ට කරන්න බැරි නිසා ඒක මොහොතකට පැත්තකින් තියලා බලමු. මහින්දයි බැසිලුයි සුදු ජාතික ඇඳුම ඇඳ කුරහන් සාටකේ දානවා. චමල් (දැන්) සහ ගෝඨාභය කුරහන් සළු ප්‍රිය කරන්නේ නැහැ. ස්වභාවයට විරුද්ධවීමත්, වෙනස්වීම පිළිගෙන ඊට අනුව ජීවත්වීමත් කෙනෙකුගේ චරිතයේ කැඩපතක් ලෙස හුවාදක්වන්නත් පුළුවන්. (නි)
ඉතින් ඒ ගැන ඔබට සතුටුද? (නි)
ඔබතුමා දැන්වත් දේශපාලනයෙන් ඉවත්වෙන්න (නි)
රටේ පාලකයෝ යාපනේදී ඊයේ ඔබතුමාගේ කාලයේදී හමුදාව හදපු නිවාස විවෘත කරනවා. දැන් 70%ක් සිංහල අපිට හැර පාලකයින්ට සහ බෙදුම්වාදීන්ට ඔබතුමා මතක් කරන්න ඕනෑත් නැහැ (නි)
රට වෙනුවෙන් බොරු ආදරයක් පෙන්වල මතකනේ පසුගිය අවුරුදු වල. කරපු. විනාශය , පුතාලට බල්ටි ගහන්න මෙයා වලි කනවා බලයට. එන්න අර. පුදුම පහන චාජ් වෙන්න දමන්න (බ)
දැනටමත් බෑ (හේ)
මෙතන කවුරුහරි ඉන්නවද අලුත් ව්‍යවස්ථාව කියවපු අය හෝ දැකපු අය. (නි)
අපි එහෙම දෙයක් නොවේවායි ප්‍රාර්ථනා කරමු. හිටපු ජනාධිපති කෙනෙක් හැටියට මීටවඩා සුභවාදීව සහ බුද්ධිමත්ව අදහස් ප්‍රකාශ කළයුතුයි. (නි)
ඒ කාලේ ගහපු ගැහිලි දැන් බැහැ (නි)
ඔබතුමා පරාදයි. ඔබතුමාව ජනතාව ප්‍රතික්ෂේප කරලා. බයිලා කියන්නේ නැතුව දේශද්‍රෝහී නොවී පැත්තකට වෙලා ඉන්න (නි)
එම ලිපිය කරුණාකර අදාල ස්ථාන වලට යොමු කරන්න. (හේ)
මහත්තයෝ , ජාතික ආරක්ෂාව බාරව තියෙන්නේ ඔබ පක්ෂයේ හිටපු මහා ලේකම් වර්තමාන ජනපති මෛත්‍රී ජනපති තුමන් බාරයේ නෙවේද ? ඔබ තාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් නෙවේද ? ත්‍රිවිද හමුදාවේ සේනාදිනායකය වත්මන් ජනපති තුමන් නෙවේද ? එසේනම් ඔබ දකින දවල් හීන ගැන අපි කුමක් කියමුද කුමක් කරමුද ?(හේ)
ආසයි නේද ?(හේ)
කොතැනක ගියත් ජාතිවාදය අවුස්සලා බලය ගන්න උත්සාහ කරන එක ඔබතුමා නවත්වන්නේ කවද්ද?(හේ)
ආයේ මේ රට වෙන් වෙන්නේ නෑ.(හේ)
ඇන්තටම දේශපාලකයෙකුගෙන් රටට යහපතක් ප්‍රතිලාභයක් ලැබෙනවාද? රටෙන් යහපතක් ප්‍රතිලාභයක් දේශපාලකයා ලබනවාද? (නි)
මේ පුරවල් හදා තිබෙන්නේ මොවුන්ගේ බූදලයෙන් වෙන්න ඇති? (නි)
බලමුකෝ අපි කාලයක් යනකන්.(හේ)
අම්මේ.... තියෙන සතුට විතරක්. යන්න බැරිවෙයි යන්න බැරිවෙයි බලාගෙන ඉන්න.(හේ)
රට ආපස්සට ගියා, අවාසනාවක මහත! (බ)
ඒක තමයි වෙනස කියන්නේ.(හේ)
මෙතුමාටත්, එ්කාබද්ධයටත් හරි සතුටු ඇති...(බ)
දැන්වත් පාට, පක්ෂ , බේද අත්හැර සියල්ලෝම එකතු වී රට රකිමු. මේ රටේ අවු 30 ක් පමණ අපි සැවොම යුද්ධය නිසා දුක් වින්දා . ආපසු කිසිම විදිහකින් එයට හිස එසවීමට ඉඩ නොතබමු . රණවිරුවොත් , හිටපු ජනපතිත් යුද්දය නිම කරවීමට නන් අයුරින් උදවු කළ සැමට ජාතියේ ප්‍රණාමය (බ)
මම ඔබතුමාට තවමත් ආදරෙයි.මන්ද මේ රටේ යුද්ධය ඉවරයක් කළ නායකයෙක් වේ නම් ඒ ඔබ නිසයි. නැතුව වෙන දේකට නම් නෙමෙයි. (බ)
ඔබතුමාට ජයවේවා (බ)
කට වහගෙන බලාගෙන ඉන්නකෝ කොටි එනකම් (බ)
රටාවෙන් වෙන්නේ නැහැ. අලුත් ව්‍යවස්ථාව යටතේ නැති වෙන්නේ සිංහල ජාතිය. දෙමල කථා කරන කෙනෙක් මේ රටේ ජනපති වූ දවසට අද බලපෙරේත දේසපාලනයට ගැති දේසපාලන ගැත්තන්ගේ දරු මුනුබුරන්ට එය බලා ගත හැකි වේවි. මේ යහ පාලනය සැමටම වැඩියෙන් සිංහල බෞද්ධ අයිතියට වින කරනවා.(බ)
මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න .....(බ)
කාටද ....? ඔයාටද ? (බ)
ඔබතුමා නොකිවුවත් අපිටත් ඒක දැන් තේරිලා තියෙන්නේ (නි)
මන්ත්‍රීතුමනි, පිනක් කළා නම් කට පියාගෙන පින් අනුමෝදන් කරගන්න. ජාතිවාදයේ ගිනි අවුළුවන්න එපා (නි)
නිමල් ලාලිත, ඔබ හරි (නි)
ජයවේවා! අපි ඔබ සමඟයි (නි)