මිනිසා දැන් කරන සියලුම කාර්යයන් තවත් වසර 30කින් කළ හැකි රොබෝවරුන් බිහිවණු ඇතැයිද එවිට කම්කරු සේවය යල් පැන ගිය දෙයක් වනු ඇතැයි ද ඇමරිකා විද්‍යාඥයෙක් කියයි.
මිනිසා දැන් කරන සියලුම කාර්යයන් කළ හැකි යන්ත්‍ර බිහිවන යුගයකට අප ළඟාවී සිටින්නේ යැයි ඇමරිකාවේ රයිස් විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාඥ මෝර්ෂේ වාර්ඩි පවසයි.
‘මේ ප්‍රශ්නය අප ඉදිරියට එන්නට පෙර අප ඇසිය යුතු ප්‍රශ්නයක් තිබෙනවා.‘ මිනිසාට කළ හැකි දේ යන්ත්‍ර සූත්‍රවලට කළ හැකිනම් මිනිසාට කරන්නට ඇත්තේ මොනවාදැයි ඔහු ප්‍රශ්න කරයි.
කඩිසර රොබෝවන් හා සමාජයට ඔවුන්ගේ බලපෑම මැයෙන් වොෂිංටනයේ ඇමරිකා විද්‍යාභිවර්ධන සංගමය ඉදිරියේ ඔහු දේශනයක් කිරීමටද නියමිතය. ‘අප දියුණු කරන තාක්ෂණයෙන් අන්තිමේදී මිනිස් වර්ගයාට යහපතක් වේද?‘ යනුවෙන් ඔහු ප්‍රශ්න කරයි.
යන්ත්‍ර සූත්‍ර මගින් ලබාගන්නා බුද්ධිය වර්ධනය වන බව ඔහු කියයි. මිනිසා කරන සියලු වැඩ යන්ත්‍ර සූත්‍ර මගින් කරතොත් විනෝදාංශවලට නැඹුරුවීමට මිනිසාට ඉඩ තිබෙනවා. විනෝදාංශවලට යොමු වීමෙන්ම මිනිසාට යහපතක් වේ යැයි මා හිතන්නේ නෑ. සෞඛ්‍ය සම්පන්න මිනිසකු වීමට වැඩ කරන්න ඕනෑ. මිනිසා කරන කුදු මහත් වැඩ අභාවයට යන්නට පෙර මේ අභියෝගයට මුහුණ දීම සඳහා පෙළ ගැසෙන මෙන් මේ විද්‍යාඥයා සෙසු විද්‍යාඥයන්ගෙන් ඉල්ලයි.
ජපානයේ බොහෝ ආයතනයන්හි පිළිගැනීමේ නිලධාරිනියන් ලෙස රොබෝවරියෝ වැඩ කරති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට. එදාට ඕව පුදුම නොවේ. ඒ කලේ වෙනකම් අපි ජීවත් වුනොත් හොදයි. පුළුවන් නම් මේ සොයාගැනීම ඉක්මන් නම් කොච්චර හොදද. (අ)
කෘතිම බුද්ධිය (බ)
එතකොට ඉතින් මිනිසාට කරන්න ඉතුරුවෙන්න දෙයක් නැහැනේ. (ර)
තාක්ෂණයට පෙර විද්‍යාව දියුණු කර ගත යුතුයි. අවිද්‍යාව සමග තාක්ෂනය කියන්නේ වදුරට දැලි පිහිය ලැබුන වගේ. තාක්ෂණ දැලි පිහියෙන් අවිද්‍යාත්මක මිනිස්සු තමන්වම විනාස කරගනීවි. (ර)
ඉතාම හොද පුවතක්. ලංකාවට මෙකි තාක්ෂනය ළගාවීමට තවත් දශක 7, 8 ක්වත් යාවි. එතකොට අපට වැඩවලින් මිදී වැඩි වැඩියෙන් ශාරීරික සුවතා ව්‍යායාම්වල නිරත වී කායික නිරෝගීකමත් භාවනාව වැනි අධ්‍යාත්මික අංශයන්හි නිපුනතාව වඩවා මානසික නිරෝගීකමත් ළගා කරගෙන සසර ගමන නිම කිරීමට අවශ්‍ය කාලය නොඅඩුව ලබා ගත හැකිවේවි. (ර)
නියම යුද්ධය පටන්ගනුයේ මින් පසුවයි. (ර)
එයාට මිනිසා කරන හැම වැඩක්ම කරන්න පුලුවන්නම් ආයේ මොකටද රොබෝ කියන්නේ අපි එයාට මිනිසා කියමු (ම)
මිනිසා විසින්ම මිනිසා විනාස වනු ඇත.(ම)
iRobot චිත්‍රපටය බැලුවනම් අන්තිමේ මිනිසාට වෙන දේ තේරේවි. (ර)