IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘තව අවුරුදු 30කින් මිනිසා රොබෝවාට පරදියි‘

මිනිසා දැන් කරන සියලුම කාර්යයන් තවත් වසර 30කින් කළ හැකි රොබෝවරුන් බිහිවණු ඇතැයිද එවිට කම්කරු සේවය යල් පැන ගිය දෙයක් වනු ඇතැයි ද ඇමරිකා විද්‍යාඥයෙක් කියයි.

මිනිසා දැන් කරන සියලුම කාර්යයන් කළ හැකි යන්ත්‍ර බිහිවන යුගයකට අප ළඟාවී සිටින්නේ යැයි ඇමරිකාවේ රයිස් විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාඥ මෝර්ෂේ වාර්ඩි පවසයි.

‘මේ ප්‍රශ්නය අප ඉදිරියට එන්නට පෙර අප ඇසිය යුතු ප්‍රශ්නයක් තිබෙනවා.‘ මිනිසාට කළ හැකි දේ යන්ත්‍ර සූත්‍රවලට කළ හැකිනම් මිනිසාට කරන්නට ඇත්තේ මොනවාදැයි ඔහු ප්‍රශ්න කරයි.

කඩිසර රොබෝවන් හා සමාජයට ඔවුන්ගේ බලපෑම මැයෙන් වොෂිංටනයේ ඇමරිකා විද්‍යාභිවර්ධන සංගමය ඉදිරියේ ඔහු දේශනයක් කිරීමටද නියමිතය. ‘අප දියුණු කරන තාක්ෂණයෙන් අන්තිමේදී මිනිස් වර්ගයාට යහපතක් වේද?‘ යනුවෙන් ඔහු ප්‍රශ්න කරයි.

යන්ත්‍ර සූත්‍ර මගින් ලබාගන්නා බුද්ධිය වර්ධනය වන බව ඔහු කියයි. මිනිසා කරන සියලු වැඩ යන්ත්‍ර සූත්‍ර මගින් කරතොත් විනෝදාංශවලට නැඹුරුවීමට මිනිසාට ඉඩ තිබෙනවා. විනෝදාංශවලට යොමු වීමෙන්ම මිනිසාට යහපතක් වේ යැයි මා හිතන්නේ නෑ. සෞඛ්‍ය සම්පන්න මිනිසකු වීමට වැඩ කරන්න ඕනෑ. මිනිසා කරන කුදු මහත් වැඩ අභාවයට යන්නට පෙර මේ අභියෝගයට මුහුණ දීම සඳහා පෙළ ගැසෙන මෙන් මේ විද්‍යාඥයා සෙසු විද්‍යාඥයන්ගෙන් ඉල්ලයි.

ජපානයේ බොහෝ ආයතනයන්හි පිළිගැනීමේ නිලධාරිනියන් ලෙස රොබෝවරියෝ වැඩ කරති.

asimoUPPA11122016215_468x418-(1) fl201303102016215x4a images2016215robo OneBossAndArmy2016215OfRobots1 robotblo2016215g



අදහස් (0)

‘තව අවුරුදු 30කින් මිනිසා රොබෝවාට පරදියි‘

කරු Monday, 15 February 2016 08:58 AM

හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට. එදාට ඕව පුදුම නොවේ. ඒ කලේ වෙනකම් අපි ජීවත් වුනොත් හොදයි. පුළුවන් නම් මේ සොයාගැනීම ඉක්මන් නම් කොච්චර හොදද. (අ)

:       0       0

දනුෂ්ක Monday, 15 February 2016 09:08 AM

කෘතිම බුද්ධිය (බ)

:       0       0

පෙරේරා Monday, 15 February 2016 07:21 AM

එතකොට ඉතින් මිනිසාට කරන්න ඉතුරුවෙන්න දෙයක් නැහැනේ. (ර)

:       0       0

ඉන්දික Monday, 15 February 2016 07:20 AM

තාක්ෂණයට පෙර විද්‍යාව දියුණු කර ගත යුතුයි. අවිද්‍යාව සමග තාක්ෂනය කියන්නේ වදුරට දැලි පිහිය ලැබුන වගේ. තාක්ෂණ දැලි පිහියෙන් අවිද්‍යාත්මක මිනිස්සු තමන්වම විනාස කරගනීවි. (ර)

:       0       0

සමීර අබේවර්දන , වැවගෙදර Monday, 15 February 2016 07:38 AM

ඉතාම හොද පුවතක්. ලංකාවට මෙකි තාක්ෂනය ළගාවීමට තවත් දශක 7, 8 ක්වත් යාවි. එතකොට අපට වැඩවලින් මිදී වැඩි වැඩියෙන් ශාරීරික සුවතා ව්‍යායාම්වල නිරත වී කායික නිරෝගීකමත් භාවනාව වැනි අධ්‍යාත්මික අංශයන්හි නිපුනතාව වඩවා මානසික නිරෝගීකමත් ළගා කරගෙන සසර ගමන නිම කිරීමට අවශ්‍ය කාලය නොඅඩුව ලබා ගත හැකිවේවි. (ර)

:       0       0

අතුල Monday, 15 February 2016 07:32 AM

නියම යුද්ධය පටන්ගනුයේ මින් පසුවයි. (ර)

:       0       0

නිමල් Monday, 15 February 2016 07:55 AM

එයාට මිනිසා කරන හැම වැඩක්ම කරන්න පුලුවන්නම් ආයේ මොකටද රොබෝ කියන්නේ අපි එයාට මිනිසා කියමු (ම)

:       0       0

අසාද් Monday, 15 February 2016 08:14 AM

මිනිසා විසින්ම මිනිසා විනාස වනු ඇත.(ම)

:       0       0

සමන් Monday, 15 February 2016 08:42 AM

iRobot චිත්‍රපටය බැලුවනම් අන්තිමේ මිනිසාට වෙන දේ තේරේවි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site