උඩවළව ජාතික වනෝද්‍යානයේ උපන් බව කියන මාස දහයක් පමණ වයසැති අලි පැටියකු වනෝද්‍යානයට යාබද හම්බෙගමුව ජනපදයයේ දාහත ප‍්‍රදේශයේ කැලෑවක ගසක බැඳ සිටිය දී සොයාගත් බව කල්තොට අඩවි ආරක්‍ෂක නිලධාරීහු කියති.
අඩි දෙකක් පමණ උසැති අලි පැටවා බැඳ දමා දින තුනක් පමණ වෙතැයි කල්තොට අඩවි ආරක්‍ෂක ගාමිණී දිසානායක මහතා කියයි.
උඩවළව ඇත්අතුරු සෙවනේ පශු වෛද්‍ය විජිත පෙරේරා මහතා ද එහි ගොස් අලි පැටියා පරීක්‍ෂාකර ඇත්අතුරු සෙවනට ගෙන ඒමට ක‍්‍රියා කළේය. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හම්බෙගමුව පොලීසිය පරීක්ෂණ සිදු කරයි.
අලි පැටවා බැඳ තබන්නට ඇත්තේ කිසිවෙකුට විකිණීමට විය හැකි බවට වනජීවි බලධාරිහු සැකකරති.
මීට වසර කිහිපයකට පෙරද උඩවළව ජාතික වනෝද්‍යානයේ අලි පැටියෙක් පැහැරගෙන යාමට ගත් උත්සහයක් ගල්පාය ප‍්‍රදේශවාසීහු සහ වනජීවී නිලධාරීහු එක්ව වැළැක්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පැටියාගේ අම්මාට කොච්චර දුක ඇද්ද? ඇයි මෙහෙම අපරාද කරන්නේ. (නි)
අලි පෙරහැරවලට ගන්න ඕන, එතකොට මේවා අර සිරි පාදේ ඉදිකිරීම් වගේ තරම් පව් නැතුව ඇති.
අර උඩුවේ හාමුදුරුවන්ගේ එකා වගේ අමතක වෙලා ගියාද දන්නේ නැහැ ...!! (නි)
මොන අපරාධයක්ද මේ? හිත් පිත් නැතිද? දෙමව්පියෝ අහිමි දරුවෙක් කියලා හිතන්න ඕනෑ නේද? මරණ දඬුවම දෙන්න ඕනෑ මේවට.
දවස් කීයක් නිරාහාරව හිටියද මේ ළපටි පැටවා? (නි)
මේවා මොනතරම් සහගහන අපරාධද? කුඩා දරුපැටියෙක් හා සමානයි නේද? මේ අපරාධ කරන උන් හා ඒවාට සම්මාදම් වෙන උන් ගල්ගසා මරන්න ඕනෑ (නි)
මේ කිරි සප්පයා අරන් එන්න තරම් මේ මිනිස්සු තිරිසන් වුණාද? අනේ පව් පොඩි දරුවෙක් අම්මාගෙන් වෙන් කළා වගේ. පව්කාරයෝ (නි)
මේ වගේ මිනිසුන් තමන්ගේ දරුවනුත් විකුණාගෙන කන ජාතියේ අය. (නි)
මේ පුංචි පැටවුන්ට අම්මා සමග ඉන්න දෙන්න.කොයි ලොව යන්නේ මරණින් පස්සේ... පින් පවු එනවා ඔබ පසුපස්සේ.... (නි)