වසර 25 කට පසුව ජාතික ආරක්ෂාව සඳහා යුධ හමුදාව යටතේ පැවති අක්කර 700 කට වැඩි ප්‍රමාණයක් යාපනයේ මුල් පදිංචිකරුවන් වෙතට ලබන තයිපොන්ගල් දිනට පෙර (ජනවාරි 15) ලබා දීමට රජය පියවර ගෙන ඇති බව යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා පැවසීය.
යාපනය උතුරු වලිකාමම්හි එම ඉඩම් පරික්ෂා කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ නැවත පදිංචි කිරීම් අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් පදිංචි කරුවන් සමග පැමිණි අවස්ථාවේ දිසාපති එසේ කීවේය.
යුද්ධයට පෙර පවුල් තුන්සීයක් පමණ ජීවත් වූ මේ ඉඩම් යලි මැන මායිම් ගල් දමන බවත් දිසාපති කීවේය.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමුකෝ ඉදිරියට මොකද වෙන්නේ කියලා (නි)
ඒවා ඔවුන්ට අයිති නම් දුන්නාට කමක් නැහැ (නි)
නමුත් අපේ රටේ ඉන්න සමහරු මේවා දෙස බලන්නේ වැරදියට (නි)
සිංහල,දෙමළ බේදයක් නැතුව පදිංචි කරවනවා නම් බොහොම හොද කටයුත්තක්. (නි)
හොඳ තීරණයක්. හැබැයි ආපසු එන සෑම ප්‍රශ්නයක් ගැනම උතුරේ දේශපාලඥයෝ වගකිවයුතුයි. (නි)
මම නම් කියන්නේ හමුදාව අක්කර 700 ක ප්‍රදේශයකින් එකපාර ඉවත්කරන එක හොඳ මදි. අක්කර 50 කටවත් සීමා කළානම් තමයි හොඳ (නි)
ඡන්ද පොරොන්දු අකුරටම ඉෂ්ට කරන්න (බ)
දැන් මේකටත් කියයිද වන විනාශ කරනවා කියලා අවුරුදු 25 ක ගස් තියේවි නේද අපරාදේ ගස් ටික (බ)
යුද්දෙට පෙර දෙමල මිනිස්සුන්ට අයිතිව තිබු සියලුම ඉඩම් නැවත ලබා දීම ආණ්ඩුවේ වගකීමක් ..... (කෞ)
අපේ රටේ අනාගත ආරක්ෂාව ගැන වගකීම කවුද ගන්නේ? අපේ අනාගත දරුවන්ට දෙවියන්ගේ නාමෙන්වත් රටක් ඉතුරු කරන්න (නි)
මම නම් කියන්නේ මේක හොඳ තීරණයක් (නි)