තැලසීමියා රෝගය නිට්ටාවටම සුව කර ගැනීමට පහසුකම් සහිත රෝහලක් ලබා දෙන ලෙස ඉල්ලා කුරුණෑගල නගරයේ අද (07)උද්ඝෝෂණයක් පැවැත්විණ.
මේ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් තැලසීමියා රෝගීහු පැමිණ සිටියහ.
උද්ඝෝෂණය නිසා කුරුණෑගල මාර්ග කීපයකම දැඩි වාහන තදබදයක්ද ඇති විය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක දරුවන්ට ජීවත්වෙන්න ඉඩක් සොයාදෙන්න නැද්ද කෙනෙක් මේ රටේ? මේ දරුවන් බේරාගන්න බලධාරීන්ගේ ඇස් ඇරේවා! (නි)
මේ උද්ඝෝෂණ වලින් වැඩක් වෙයිද? රජයකට බලකළ යුත්තේ මේ වගේ මහජන අවශ්‍යතායි (නි)
ඇයි හම්බන්තොට වරායත්, ගුවන් තොටුපොලත්, අධිවේගයත් තියෙන්නේ අපිට. ඒවා මදිවෙලාද? (නි)
අයි ඔයාලටත් පුළුවන්නේ අපේ රටේ සෞඛ්‍යය ඇමතිතුමාලා වගේ සිංගප්පුරුවට ගිහින් බෙහෙත් ගන්න (නි)
මේ රටේ දැනට තියන ප්‍රධාන ප්‍රශ්නය මන්ත්‍රී ආරක්ෂාව. (ර)
මේක දැක්කම මට මතක් වෙනවා මිට වසර 6 කට පමණ කලින් වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට අනුබද්ධව තැලසීමියා රෝග මර්ධන ඒකකයක් ඇතිකර තිබු අතර විවිධ සංවිධාන, දානපතින් තමන්ට හැකිපමණ මුදල්, බෙහෙත්, උපකරණ මෙම ඒකකයට පරිත්‍යාග කලා. නමුත් එවකට එම ඒකකයේ ප්‍රධානියා එම ද්‍රව්‍ය හා මුදල් ඔහුගේ පුද්ගලික ආයතනයේ පරිහරණය හා අලෙවිය සඳහා යොදාගත්තා. මෙවැනි දුෂණ ක්‍රියා නිසා එවකට පළාත් සුව ඇමතිතුමා වහාම මෙම ඒකකය වසාදැමුවා. එමනිසා ඉදිරියේ මේවැනි ආයතන ස්තාපිත කරන්නේ නම් ඊට සුදුසු අවංක නිලධාරින්ද අනුයුක්ත කරනමෙන් බලධාරීන්ගෙන් මෙම අසරණ තැලසීමියා රෝගින් වෙනුවෙන් කාරුණිකව ඉල්ලනවා. (හේ)