කොළඹ විශ්ව විද්‍යාලයයේ ශාස්ත්‍ර පීඨයට බඳවා ගත් නවක සිසුන්ගේ නේවාසිකාගාර ප්‍රශ්නයට විසඳුම් ඉල්ලා විශ්ව විද්‍යාල සිසුහු අද (24) උපකුලපති සනාථන මන්දිරය ඉදිරිපිට අනගාරික ධර්මපාල මාවතේ රැඳී සිටිමින් උද්ඝෝෂණයක් කළහ.
තෙලවල නේවාසිකාගාර ගාස්තු අඩු කරන ලෙස ඔවුහු ඉල්ලති.
ඔවුහු උපකුලපති ආචාර්ය කුමාර හිරිඹුරේගම මහතාගෙන් සාකච්ඡාවක් ද ඉල්ලා සිටියහ.
නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා මහතා එම ශිෂ්‍ය පිරිස සමඟ කතා කළත් අදාළ විසඳුම් නොලැබුණු බව කොළඹ විශ්ව විද්‍යාලයයේ ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමයේ ලේකම් ආර් කේ ඩී එස් බුද්ධික පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ කරන හැමදේම වැරදියි කියල දකින මේ රටේ මිනිස්සුන්ට මේකත් විශ්ව විද්‍යාල සිසුන්ගේ මෝඩ වැඩක් විතරයි.එත් හරියටම හිතල බැලුවොත් ඒ හැමෝටම තේරේවි මේවා කොච්චර සාදාරණ ඉල්ලීම්ද කියල.ශිෂ්‍යයෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වගේ තමන්ගේ කෑම වේලට මි පැණි,හැම් බේකන් ඉල්ලුවේ නෑ.තැන තනියම ඉන්න තැන් ඉල්ලුවෙත් නෑ.ඉල්ලුවේ මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ සල්ලිවලින් නඩත්තු වන කිසිදු පහසුකමක් නැති නේවාසිකාගාර ගාස්තුව 3000 ඉදන් 1000ත අඩු කරන්න විතරයි. (අ)
නොදන්නා හින්ද සමිත්ගෙන් අහන්නේ. එතකොට ඔය තුන්දාහක් ගන්නේ බෝඩිමට විතරද? කෑම බිම නැතුවද? බෝඩිමට විතරක් සරසවි සිසුවෙකුගෙන් තුන්දාහක් ගන්නවා ඇති කියල මටනම් හිතන්න බැහැ.(නදී)
පරණ නිව්ස් බලුවමනේ ඇත්ත දැක්කේ. මම හිතුවේ මේ මාසෙකට තුන්දාහක් ගන්නවා කියල. බැලුවම අවුරුද්දටම තුන් දහයි. මාසෙට 250 යි මේකටද මේ යකා නටන්නේ. වතුර විදුලි බලය එතකොට ඔය අනෙකුත් අවශ්‍යතා වලට දෙන පහසුකම් එහෙම බැලුවම මේකත් වැඩයි කියනවා නම් ඉතින් ඔය කලබල පිටිපස්සේ බංකලොත් දේශපාලනේ නැහැ කියල සමිත මල්ලි ගිහින් වේලක ලැගල ඉන්න මි හරක් රැලකට කියන්න ටිකක් දුර ඉදල දුවන්න බලාගෙනම.(නදී)
ලංකාවේ නොමිලයේ දෙන ක්‍රමය විදිමත් ක්‍රමයකට සකස් කිරීමට කාලය පැමිණ ඇත. මේ පිරිස ලිංකික ජනතාවගේ මුදල් වලින් උගතුන් උන පසු ලෝකයේ සිටින ලෝක හෝරා වන ඇමරිකාව දමන ග්‍රීන් කාඩ් බිලි කොක්කට අමුණලා එහෙට ඇද ගන්නවා.(නධී)
මෙම පිරිස රස්තියාදු පෙනුමක් තිබෙන පිරිසක්? පළමුව මෙම පිරිසට පිලිවලට ඇදුමක් අදින පිළිවෙල ඉගැන්විය යුතුයි.(නදී)
කල්හාර දන්න දේ කියන්න. බොරු කියන්න එපා මේ වර්ජනේ අස්සෙ තියෙන්නෙ දේශපාලනේ විතරයි. රුපියල් 3000 කියන්නෙ වාර්ෂික ගාස්තුව ඒකෙනුත් 1000 ඩිපොසිට් එක. ඒ කියන්නෙ මාසෙට රුපියල් 166 යි. ඔයාලම හිතල බලන්න දැනට අයකරන මාසික ගාස්තුව කොච්චර සාදාරණද කියලා. අනික මෙයාල ගිහින් තෙලවල නේවාසිකාගාරය වනසල අපරාදෙ අලුතින් හදපු තෙලවල නේවාසිකාගාරෙ.(නදී)