රත්මලාන තෙලවල නේවාසිකාගාර අර්බුදය නොවිසඳීම නිසා සරසවියේ ශාස්ත්‍ර හා අධ්‍යාපන පීඨ දින නියමයක් නැතිව වසා දැමුණු බව විශ්ව විද්‍යාල ප්‍රකාශකයෙක් කියයි.
සඳුදා (24) උදේ අටට පෙර සියලු සිසුන් නේවාසිකාගාරයෙන් ඉවත් විය යුතු බව ද විශ්ව විද්‍යාලය කියයි.
සිසුන්ගේ ඉල්ලීම වූයේ නේවාසික ගාස්තු රුපියල් 1000 දක්වා අඩු කරන ලෙසයි.
නේවාසිකාගාරයේ සම්බන්ධීකාරක කථිකාචාර්ය ඉන්ද්‍රජිත් අපොන්සු මහතා එම ප්‍රශ්නය විසඳීමට ගත් උත්සාහය ද අසාර්ථක විය.
නේවාසිකාගාර ප්‍රශ්නය පිටුපස අදිසි බලවේගයක් ඇතැයි සරසවි ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි හරි නලීන්. ඇයි ලමයින්ට බැරි මම කිව්වා වගේ ගමන් වියදම්වත් අඩු කරගන්න? (අ)
ගමන් වියදම් අඩු කරගන්නේ කොහොමද රොහාන් මහත්තයා.(නදී)
මමත් මොරටුවේ හොස්ටල් එකේ හිටියා. නමුත් ලංකාවෙන් වෙන රටකට ගියාට පස්සේ තමයි ඉගෙනගත්තේ.(නදී).
නලින්, ඔයා කියන විදිහට ඔය හොස්ටල් එක හොඳ නැහැ. එයා කියන විදියට වියදම 6300 ක් යනවා නම් කැම්පස් එක ලග ගෙදරක කෑමත් එක්ක බෝඩින් රු 4000/= ට තියෙනවා. කීයක් හරි ඉතුරු කර ගන්නත් පුලුවන්.(නදී)
නලින් වහෙන් ඔරෝ කිවුවේ ඔයා කැම්පස් ගියා කියලද? (නදී)
රොහාන් මම කිව්වෙ බස් ගාස්තුව රු 60 කියල, ඒක අඩුකරන්න විදියක් තියනවද (දී)
ඔව් ක්‍රමයක් තියෙනවා. ඇයි ඔය අය විශ්ව විද්‍යාලයත් එකක් කතාකරලා විශ්ව විද්‍යාලයේ බස් රථයක්වත් ඔයාලට යන්න එන්න යොදා ගන්නේ නැත්තේ?(දී)
මේ ලමයින්ට පිස්සුද ඇත්තටම. ඇයි මේ ලමයි මේ තරම් මෝඩ නේවාසික ගාස්තු විදියට කැම්පස් වලින් දැන් ගන්නේ අවුරුද්දකටම රුපියල් 3000ක් ඒ කියන්නෙ මාසෙකට රු 250ක් මේ ලමයින්ට මාසෙකට 250ක් දීලා වෙන කොහෙ හරි බෝඩිම් වල ඉන්න පුලුවන්ද. හැමදේම නිකං ඉල්ලන , හැමදේම නිකං ලැබෙනකං බලාගෙන මේ වගේ වැඩ කරන අයටද රටේ බුද්ධිමත් කොටසක් කියලා අපි කියන්නේ.(නදී)
විදෙස් රටවල ළමුන් අමතර රැකියා කරමින් මේස යට නිදා ගනිමින් මොන දුෂ්කර ක්‍රියා කරනවද? අපේ අය කරන්නේ මහා අපරාදයක්.(නදී)
ඔහොම අය තමා ඊට පස්සෙ කන්තෝරු වලට ඇවිත් අයිස් ගහ ගහ , පගා ගහ ගහ පුටු රත් කරන්නෙ.(නදී)
මාසෙකට රු 250 කියන්නෙ ලොකු ගානක් කියල සමහර මිනිස්සුන්ට තේරෙන්නෙ නැතුව ඇති. නමුත් මම අත්දැකීමෙන් දන්නව කැම්පස් ඉන්න කාලෙ මාසෙකට රු 250 කියන්නෙ ලොකු ගානක්. අනික ඔය හොස්ටල් එකේ ඉදල කොලඹ විශ්වවිද්‍යාලයට රු 30 ක් විතර බස් එකේ යන්න ඕනේ. අනික ඔය වගේ තැනක නැවතිලා ඉන්නෙ ගොඩක් දුර පලාත් වලින් ආපු දුප්පත් දෙමව්පියන්ගෙ ළමයි. මීට අවුරුදු 6 කට 7 කට කලින් මම ඔය හොස්ටල් එකේ ඉන්න කාලෙ අවුරුදු 4ටම ගෙව්වෙ මුලින් ගෙවපු රු 750 විතරයි.(නදී)
නලින් නිකං මෝඩ තර්ක ගේන්න එපා. මමත් කැම්පස් ගියා. ඔය ඔතන තුන්දාහ වැඩි කියල නහින අයගෙන් බාගයක් දවසට තුන්හාරසීයක ෆෝන් කාඩ් වලින් මල් කඩනවා. මෙච්ච්ර හරි පහසුකම් දෙන්නෙ ලංකාවෙ විතරයි. පිටරටක ආවම තමා මේ දේවල් වල අගේ තේරෙන්නෙ. පැට්‍රල් ශෙඩ් වල තෙල් ගහලා කඩවල් වල බඩු කිරලා පිටරටවල කොල්ලො ඉගනගන්නෙ. එහෙම එකේ මාසෙකට 250ක් ගෙවාගන්න බෑ කියන්නෙ විහිලුවක්, අනික ඔයා කැම්පස් හිටියා නම් දන්නවා ඇතිනෙ කැම්පස් උන්ට සල්ලි හම්බ කරනවා නම් ඕන තරම් ක්‍රම තියනවා කියලා.(නදී)
ජයනාත් පුදුමයි ඔයා වගේ කෙනෙක් කම්පස් ගියා කිව්වම. ගියාට වැස්සටවත් ගිහිල්ලා නැති කෙනෙක් හරියට හොයලා කතා කරන්න. (ස)
නලීන්, ඔයාලා හොස්ටල් එකේ ගාන අඩු කරන්න කියන එක වැරදිනේ. යන්න එන්න දවසකට යන ගාන අඩු කරගන්න කැම්පස් එකත් එකක් කතා කරන්න. බස් එකක්වත් දාගතෑකි. කෝ ඔයාලට හම්බවෙන මහපොළ? මෝඩ තර්ක එපා. (ස)
ජයනාත් පිටරට වල තත්වයට වඩා මෙහෙ තත්වය ගොඩක් වෙනස්. පිට රටවල ශෙඩ් එකක පෙට්‍රල් ගැහුවොත් මාකට් එකක වැඩ කළත් ලොකු පඩියක් හම්බෙනවා. මෙහෙත් ඔය හොස්ටල් එකේ ඉන්න අය එක එක ජොබ් කරනවා. නැතුව දැන් ඕකෙ ඉන්න බෑ. දවසට යන්න එන්න විතරක් රු 60ක් යනවා. කන කෑම එකක් රු 50 කට ගන්න පුලුවන් කිව්වෙත් කෑම වේල් තුනට 150ක් යනවා. කන්නයි කැම්පස් යන්නයි විතරක් මාසෙකට රු (150 60) * 30 = 6300 ක් යනවා. අපේ කාලෙ වගේ රු 2500 න් දැන් කැම්පස් ඉන්න බෑ. අනික ඔය කියන විදියට ඔයාගෙ කැම්පස් කාලෙ ඔයා රු තුන් හාරසීයක රිලොඩ් දාන්න ඇති ඒ විදියට හැමොම ගැන හිතන්න එපා. මම හොදටම දන්න දෙයක් තියනවා ඔය හොස්ටල් එකට ලමයෙක් එන්නෙ ගොඩක්ම නැති බැරි කම් තියනවානම් විතරයි. මොකද උදෙට ඔය හොස්ටල් එකේ ඉදල කැම්පස් එකට යන්න පැය 1.5 විතර යනවා. ඒක හින්ද ඔය හොස්ටල් එකට එන නැති බැරිම කෙනෙක් ඇරෙන්න වෙන කවුරුවත් ඕකෙ ඉන්නෙ නෑ. (නදී)
පුෂ්පකුමාර, හොස්ටල් එකක වටිනාකම කියන්නෙ ඉන්න හම්බෙන එක විතරක් නෙමෙයි පාඩම් කරන්න පුලුවන් වටපිටාවක් හම්බෙනවා. ඔය හොස්ටල් එකේ ස්ටඩි රුම්ස් වෙනම තියනවා. නිකන් බොඩිමක් විතරක් තිබුනට මදි ඉගෙන ගන්න වටපිටාවක් තියෙන්න ඕනෙ. අනික කොළඹ 07 ගෙදරක රු 4000 ට නවතින්නයි කෑමයි දෙනවනම් එක කාමරයක 5ක් වත් දානව ඇති.... (ස)