පැරෑලිය තෙල්වත්ත ප්‍රදේශයේ අද (6) වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.
නිවාඩුවට නිවසට පැමිණ සිටි හමුදාවේ සාජන් මේජර්වරයකු බව කියන පුද්ගලයකු සිය පුතු සමග කොණ්ඩය කැපීමට නගරයට ගොස් එමින් සිටියදී ඔහුගේ යතුරුපැදිය පසුපස හඹා පැමිණි යතුරු පැදිකරුවන් දෙදෙනකු මෙසේ වෙඩි තබා ඇතැයි කියති. සාජන් මේජර්වරයාට වෙඩි වැදී නැති බවත් ඔවුන්ගෙන් බේරීමට ඔහු යතුරුපැදියද මග දමා පැනගොස් ඇතැයිද පොලිසිය පවසයි.
අඟහරුවාදා (5) දිනයේද රත්ගම හිටපු ප්‍රාදේශීය සභාපති මනෝජ් මෙන්ඩිස් ඝාතනයට සැකපිට ඇප ලබා සිටින මිටියාගොඩ පදිංචි සැකකරුවකුගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එම වෙඩි තැබීමට ප්‍රතිප්‍රහාරයක් වශයෙන් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවට පැන නැගුණු සැකයක් පිළිබඳව සොයා බලන බවද පොලිසිය කියයි.
මේ අතර තෙල්වත්ත මිදිගස්වත්ත ප්‍රදේශයේ ධීවරයකුටද වෙඩි තැබීමට පැමිණි අයකු පිළිබඳ පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇතැයිද ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන බවද මීටියාගොඩ පොලිසිය පවසයි.
ජායාරූප - දිපාල් ද සිල්වා
ඡායාරූප හා වීඩියෝ - දේමුණි සම්පත්
2025 දෙසැම්බර් මස 30
144
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
763
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තෙල්වත්තේත් වෙඩි පත්තු වෙයි
විමලරත්න Wednesday, 06 January 2016 10:30 PM
නමුත් දැන් ඔහුගේ ජීවිතය අනතුරේ නේද? (නි)
විදානේ Thursday, 07 January 2016 12:56 AM
යුද්ධ කාලයේත් ඉන්පසුවත් රටේ සාමාන්‍ය ප්‍රදේශ වලට ලැබුණ අවි ආයුධ හොයා මෙහෙයුමක් කරන්න වෙනවා. ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් මේවට වගකිවයුතුයි. හැමදේම වුණාට පසු දඟලන්නේ නැතුව ගෙයක් ගෙයක් ගානේ සෝදිසියක් දැමිය යුතුයි (නි)