විද්‍යාත්මක පරීක්ෂණ සඳහා යැයි කියමින් ජපානයේ  තල්මසුන් මැරීම තාවකාලිකව නතර කිරීමේ නියෝගයක් නිකුත් කිරීමට එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණය සූදානම් වෙයි.

මේ සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේදී පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ ඕස්ටේ්‍රලියාව හා පරිසර සංවිධාන පවසා සිටියේ ජපානය පරීක්ෂණ කටයුතු යැයි සදහා කියමින් අත්ලන්තික සාගර කලාපයේ සිය ගණනින් තල්මසුන් මැරීමේ යෙදී සිටින බවයි.

පර්යේෂණ කටයුතු සදහා තල්මසුන් මැරුවේයැයි තහවුරු කෙරෙන සාක්කි සපයන්නැයි ජපානයට දැන්වූ විට ජපානය ඉදිරිපත් කිරීමට සමත් වූයේ පරීක්ෂණ පත්‍රිකා 2 ක් පමණකි.

කරුණු සළකා බැලු අධිකරණ විනිසුරු ජපානයට තල්මසුන් මැරීම තාවකාලිකව තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය.

මේ සම්බන්ධයෙන් පසුව කරුණු දැක්වූ ජපානය පැවසූයේ සංස්කෘතික කරුණු මුල්කරගනිමින් ඕස්ටේ්‍රලියාව ජපානයට අනවශ්‍ය පරිදි බලපෑම් එල්ල කරමින් සිටිනා බවයි.ජපානයට තල්මසුන් මැරීම තහනම් කිරීමට ගන්නා ප්‍රයත්නය,හින්දු භක්තිකයින් ලොව පුරා ගවයින් ඝාතනය තහනම් කිරීමට උත්සාහ කරමින් සිටීම හා සමාන යැයි ජපානය කීය.

ජපානයේ තල්මස් මස් ජනප්‍රිය ආහාරයකි.මේ නිසාම ජපානය තල්මස් සංහාරයන් සිදුකරන බව ලොවට රහසක් නොවේ.ඒ බව සනාථ කෙරෙන වීඩියෝවන් හා ඡායාරූපයන් සිය ගණනින් ඇත.

නමුත් ජපානය කියන්නේ තමන් විද්‍යාත්මක පරීක්ෂණ කටයුතු සදහා මිස වෙනත් කටයුත්තකට තල්මසුන් මැරීමේ නොයෙදෙන බවයි.