ශ්‍රී ලාංකික කාන්තාවන් මැද පෙරදිග ඇතුළු විදෙස් රටවලට ගෘහ සේවිකාවන් ලෙස යැවීම නැවැත්වීමට තමාට දැඩි වුවමනාවක් තිබුණද කාන්තා අයිතීන් සඳහාවූ සංවිධාන ඇතුළු අනෙකුත් සමාජ සංවිධාන මගින් පැන නැගිය හැකි විරෝධතා ඊට බාධා පැමිණවිය හැකි බව විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය කීවාය.

අද විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසූ ඇය ගල්ගසා මරා දැමීමට නියමවී සිටින ලක් කාන්තාව වෙනුවෙන් අභියාචනයක්ද ඉදිරිපත් කර ඇතැයි සඳහන් කළාය.

webThalatha_201511238