‘විදේශ රැකියා අමාත්‍යංශය වෙනුවෙන් මාසයකට අද රුපියල් විසි ලක්ෂයක් කුලී ගෙවනවා. එය මාසයකට රුපියල් ලක්ෂ 8 ක් ගෙවන තැනකට ගෙනයාමට තීරණය කළා. ඒ අමාත්‍යංශය දැන් තියෙන්නේ කොටුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ 12 වැනි තට්ටුවේ. ඒ ආකාරයෙන් මුදල් ඉතුරු කරගැනීමෙන් විදේශ රැකියා කරන ලාංකිකයන්ගේ දූ දරුවන්ට උදව් කරන්න පුළුවනි. පහේ ශිෂ්‍යත්වය හා සාමාන්‍ය පෙළ සමත් දරුවනට ඒ උදව් කරනවා.‘
පහේ ශිෂ්‍යත්ව ලාභීන් 344 දෙනකුටත් අපොස සාමාන්‍ය පෙළ සමත් 421 දෙනකුටත් උසස් පෙළ සමත් 91 දෙනකුටත් ශිෂ්‍යත්ව පිරිනැමුවා. එහි වටිනාකම රුපියල් 1,64,00000 කි.‘ යැයි බස්නාහිර පළාත් ශිෂ්‍යත්ව ලාභීන් 860 දෙනකුට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් වැදගත් කාන්තාවන් වැඩි වැඩියෙන් දේශපාලනයට යොමු විය යුතුය . ඔබතුමියට සුබ පතමි .(හේ)
ඉතිහාසයේ කවදාවත්ම තිබුනේ නැහැ පහුගිය කාලේ තරම් ගසාකෑම්. කළ අයට දඬුවම් දෙන්න ඕනෑ ඉස්සරහට එන අයට පාඩමක් උගන්වන්න. (නි)
කොච්චර හොඳද? (නි)
හොඳ ආදර්ශවත් වැඩක්. ඔබතුමිය කළ මේ ආදර්ශවත් ක්‍රියාවෙන් ඉතිරිකරගත් මුදල ප්‍රවේශම් කරගන්න (නි)
ජනතාවට පහසු තැනකට ගෙනගියා නම් කමක් නැහැ. විදේශයන්ගේ සේවය කරන පිරිසටත් යම්කිසි සහනයක් ලබාදෙනවා නම් හොඳයි (නි)
ලොකුම පින්කම ගෘහ සේවිකාවන් රටයන එක නැවැත්වීමයි (නි)
මේකේ තිබෙන අදහස් දුටුවහම මේ මිනිස්සු කවදා පියවි ලොවට එයිද කියලා හිතෙනවා. මොන දේ කළත්, මොනදේ කිවුවත්, හොඳ වැඩක් කළත්, නරක වැඩක් කළත්, එක්කෝ මහින්ද මුලට. නැත්නම් යහපාලනය මුලට. ඔබතුමිය ඔතන හැදුවොත් විදෙස්හි සේවයේ නියුතු සැමගේ සිත්වලින් පිටවන සැනසුම් සුසුම් වලින් ඔබට දීර්ඝායු සහ සියලු සම්පත් වලින් පිරි, සෞඛ්‍යසම්පන්න දිවියකට මං ඇරෙණු ඇති. (නි)
ගොඩක් හොඳ ආදර්ශයක් (නි)
ඇමති තලතා මැතිනියගේ ක්‍රියාමාර්ගය අනුගමනය කරමින් සුවිසල් කුලියක් ගෙවමින් පුද්ගලික ගොඩනැගිලි වල පවත්වාගෙන යනු ලබන රජයේ දෙපාර්තමේන්තු සහ අමාත්‍යංශ හැකිතරම් රජයේ ගොඩනැගිලි වලට ගෙනගියහොත් රජයට විශාල මුදලක් ඉතිරිකරගත හැකිවනවා නොවේද? (නි)
ඉතුරුව නම් හරි, ඒත් ඒ ඉතුරුවන සල්ලි පිළිබඳවත් පස්සෙ හොයලා බලන්න වෙනවා. මේ රටේ හැටි දන්නවනේ ඉතින් (නි)
බොහොම ආදර්ශවත් ක්‍රියාවක්. ඒ වගේම විදේශ රටවල දහදුක් විඳලා රටට විදේශ විනිමය එවන විදේශගත ශ්‍රමිකයන්ට සහන ලබා දිමේ සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙලක් අවශ්‍යයි. (හේ)
ඇමතිතුමිය ලංකාවේ කාන්තාවක් ගල් ගසා මරාදැමීමට සෞදිය කටයුතු කරනවා. මේකට ඉදිරිපත් වෙන්න. මීට විරුද්ධව ලෝක ප්‍රජාව දැනුවත් කරන්න. මීට පස්සේ සෞදියට යැවීම සම්පුර්ණයෙන් තහනම් කරන්න. (බ)
මෙන්න නියම වැඩ
මේ අවුරුද්දටම අද වෙන කල් මෙච්චරයි රටට කරපු දෙයක් කියො ඇහැට දැක්කේ. ලොකු පින් කමක් සේම ජාතික අවශ්‍ය තාවයක්, (හේ)
නාස්තිය දුෂණය අවම කරන්න ඔබ තුමියට ශක්තිය ධෛර්ය ලැබේවා !!! (බ)
ඉතිහාසේ ඉදල හැම ආණ්ඩුවක්ම පටන්ගන්නේ මෙහෙම තමයි බලමු ඉස්සරහටත් (බ)
ඔන්න යහපාලනයේ දස්කම්, ගිය කට්ටියට බැරිවුනානේ ඔය වගේ දස්කමක් කරන්න. දැන් ඉතින් අපි ගොඩ, ඔන්න බලන්න මේ නෝනා රටේ ණය පියවන්න යන්නේ මේ විදිහට ඉතුරු කරලා. (බ)
හැම දාම අලුත් ඇමැතිවරු පත්වුන ගමන් තිබෙන තැන ගනන් වැඩියි අපි අලුත් තැනකට ගෙනියනවා කියනවා. ඒ වුනාට ඉතුරුකරපු මුදලක් නම් නැහැ. කරපු දෙයකුත් නැහැ. තව අවුරුදු පහකින් පත්වෙන අලුත් ඇමතිත් කියන්නේ ඔය කථාවම මයි. අන්තිමට හැමෝම කරල තියෙන්නේ එකම දෙය. මේවා අහන්න අපි පවුකරලා තියෙනවානේ. (බ)
ලොකු වැඩක් කරලා තියෙන්නේ. (නි)
හොඳ වැඩක්.(හේ)