ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අනවශ්‍ය වියදම් කපා හැරීම නිසා ඉකුත් මාස නවයේදී පමණක් රුපියල් කෝටි 40කට ආසන්න මුදලක් ඉතිරි කර ගැනීමට හැකිව ඇතැයි විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය ලංකාදීපයට පැවසුවාය.
2014 වසරේ ජනවාරි සි සැප්තැම්බර් දක්වා සමස්ත වියදම රුපියල් කෝටි 218 ක් වූ අතර මේ වසරේ එම කාල සීමාවේ වියදම රුපියල් කෝටි 178 දක්වා අඩුකරගෙන ඇතැයි ඇය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොඳ දෙයක් (නි)
රට රැකියා කරන අපි වෙනුවෙන් කරන දෙයක් තාම කිවුවේ නැහැනේ.සහන මුදලකට දෙනවා කිවුව වාහන බලපත ගැනවත් මොනවාහරි කියන්නකෝ... (නි)
කොච්චර හොඳද? (නි)
මම 2008 කොරියා රැකියා විභාගය ලියලා සමත්වුණා.ඒත් අපි තාම ලංකාවේ.ඒවා කවුරුත් බලන්නේ නැහැ.අපි ගැන ඔබතුමිය බලන්නේ කවදාද? (නි)
මේ කෝටි 40 වියදම් කරලා තියෙන්නෙත් ඔය ඇතුළෙ ඉන්න අයමනේ. කවුද මේවට වගකියන්න ඕනෙ කියලා ටිකක් තදින් සොයාබලා දඩුවම් දෙන්න. අනේ ආයිත් මෙහෙම කරනන එපා කියලා හදාගන්න පුළුවන් අය නෙමෙයි මේ වගේ මහාපරිමාණ පාඩු කරන්නේ ආයතනවලට. හොරකම නාස්තිය ලේ වලට කාවැදුනු අයට තමයි මෙහෙම වියදම් කරන්න පුළුවන් වෙන්නේ. (බ)
පැසසිය යුතු දෙයක්. මේ කෝටි 40 නාස්තිය අඩු කරලා ඉතිරි කරගත්තු සල්ලි විතරනේ. තව ඉස්සරහට තව අහුවෙයි. (ර)
විදේශගත අයට සහනයක් තවම ලැබුණේ නැහැ (බ)
කවුරුහරි මුල්වෙලා මෙහෙම කරන එකම කොච්චර හොඳද? (නි)
මට ගිහිල්ලා බලන්න පුළුවන් නම්... (නි)
මේ නෝනම තමයි කිවුවේ කටාර් වල පඩිය බැංකුවට දන්නා එයා කටයුතු කර කියලා මේකත් එවගේද දන්නැහැ කරේ.මේ කාටවත් රට ඉදලා දුක්විදල සල්ලි එවන මිනිස්සුන්ට දෙයක් කරන්න ඕමානාවක් තියෙන බවක්නම් පෙන්න නැහැ ()
ඉතුරු කළාට විතරක් මදි. මැදපෙරදිග දුක්විඳලා ලංකාවට සල්ලි එවන අයටත් මොනවාහරි ප්‍රතිලාබ දෙන්න බලන්න (නි)
ඒ කියන්නේ කලින් මේ කෝටි 40 ක හොරාකෑවේ හඳෙන් හරි අඟහරු ලෝකෙන් හරි ඇවිල්ලා නෙමෙයිනේ මැතිනියනි. ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් මෙය වෙලා තියෙනවා අඩු නැතුව. අපේ පාන් කාලෙන් පරිප්පු 250 න් ගන්න බදු මුදල් තමයි මේ අය මේ නාස්ති කරලා තියෙන්නේ. දෙවියනි, ඔබ කොහේද? (නි)
අනේ අර මැදපෙරදිග දහදුක් විඳින අසරණ මිනිසුන්ගෙන් එකතු කරගන්න සල්ලි නේද මේ කලින් නාස්ති කරලා තියෙන්නේ? මාස 9ට එක තැනක විතරක් නාස්තිය කෝටි 9 ක් නම් අනෙකුත් තැනුත් එකතු කරලා බැලුවහම කොච්චරද? (නි)
හැමදාම රට විරුවෝ, රට විරුවෝ කීවට විදෙස් ගත ශ්‍රමිකයන්ට මෙතෙක් කිසිම සෙතක් වෙලා නැහැ. අඩුගානේ රක්ෂණ ගාස්තුවවත් රජයෙන් දෙනවා නම් ලොකු දෙයක්.?(ම)
ඔබ තුමිය මේ වංචා දුෂණ අවම කිරීමට වෙහෙසෙන එක ගැනට බොහොමත්ම ගරු කරමි. (ම)
ඇමතිතුමියනි , අපි ඡන්දය දුන්නේ ඇමති මණ්ඩලය 20 ට අඩුකරන බවට දුන් පොරොන්දුව නිසා.ඉතින් ඔබතුමිය ඉතුරුකළ මුදල වගේම ජම්බෝ කැබිනට් එක සම්බන්ධයෙනුත් ඒ පොරොන්දුව අදාළ වුණා නම් කොච්චර හොඳද? (නි)
කලින් කොහොම මුදල් නාස්තියක් වෙන්න ඇද්ද? (නි)
මෙතුමිය රට ඉන්න අපිට විශ්‍රාම වැටුපක් හදලා දෙනවා කීවා එක ගැන කිසිම කතාවක් නැහැනේ. (ර)
මම මේ යහපාලනයට කැමැති කෙනක් නෙමේ නමුත් මෙතුමිය කරන සේවය ඉතා අගය කොට දකිමි. ඒ වගේම මෙතුමියට කරුණාවන්ත හදවතක් තියන බව පහු ගිය පුවත් වලින් දැක්කා. තෙරුවන් සරණයි ! (ර)
නාස්තිය අඩුකළාට නාස්ති කරපු අය තාම ඕක ඇතුළේ. (නි)
හැමෝම ඉතිරි කරනවාලු. අපිට දැනෙන්නේ නැහැනේ. (නි)
එන හැමෝම කියන්නේ ඔහොම තමා. (ර)
අසරණ අපි දහදුක් විඳලා රටට විදේශ විනිමය එවනවා. මෙහේ අය ඒවා කෝටි ගණනින් නාස්ති කරනවා. හිතක් පපුවක් නැතිකම. (නි)
ඔබතුමිය පරිස්සමින්. මොකද නාස්ති කළ අය තාම ඇතුළේ නිසා. (නි)
මාස නවයේදී පමණක් රුපියල් කෝටි 40ක්? නරක නැහැ නේද? (නි)
කන්තෝරුව කන්තෝරුව මම වැඩකරන.... මේක තමයි මා හට ඇති විනෝද උයන....... (නි)
බලනකොට හොර ගුහාවක්නේ. ගහපු ගැහිලි අහුවුණොතින් රටෙත් ඉන්න නැහැ කියන්නේ ඕකට තමයි. (නි)
තලතා මහත්මිය ඔබට අපගේ ප්‍රණාමය, අනේ අපට බදු රහිතව වාහනයක් ගන්න අවස්ථාව සලසා දෙන්න. වසර 10 ගතවුනා තවම හීනයක් පමණි. (ර)
තලතා මහත්මිය, කරුණාකරලා බත්තරමුල්ල අමාත්‍යංශයට ගිහින් බලන්න මිනිස්සු රස්තියාදු වෙන හැටි, (ර)
මැඩම් ඔබ තුමී ලොකු සේවාවක් කරන්න උත්සාහ දරන බව පේනවා. (ර)
නාස්තිය අවම කොට සේවකයින් විනීත සේවයක් සඳහා හුරු කරවන්න. ඔබ තුමියට අපේ ගෞරවය. (ර)
ඔබගේ අයියා වන ගාමිණී මෙන්ම හොඳ කළමනාකරණ ,පරිපාලන සංවිධාන හැකියාවක් ඇති බව පෙනෙනවා. සුබපැතුම්..! අර හොර විදේශ අමාත්‍යාංශයයි ඔබට දෙන්න තිබුනේ ..! හදලා ගන්න. තානාපතිගේ ඉඳන් රියදුරා දක්වා හොරු. (අ)
තලතා මත්නියනි කටත් නොකිය දවසක් පළවැනි හා දෙවැනි තට්ටුවට එන්නකෝ (අ)
අවංකව කැපවීමෙන් කටයුතු කිරීම ගෞරවයට හේතුවක්. නමුත් විගණකාධිපති මුදල් ඉතිරි කර ඇති බව ප්‍රකාශ කරන තෙක් අපි ඉවසීමෙන් බලා සිට පිළිගෙන සතුට පලකරන්නම්. (ම)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවියට පිවිසිලා බලන්න අපි වෙනුවෙන් සේවය කරන්න ඉන්න සභාපතිලා, උප සභාපතිලා, නියෝජය සභාපතිලා, අධ්‍යක්ෂකලා, විධායක ගණකාධිපතිලා, උපගණකධිපතිලා................සිට එකසිය ගානක් අපෙන් ගසා කන මුදල් ටික පරිපාලනයට ඉන්නව. ඕනෑම කෙනෙකුට බලන්න පුළුවන් මම කියන්නේ බොරුද කියල. (ස)
සමන් පෙරේරා - සෞදි.නිකම් හීන දකින්න එපා.පසුගිය කාලේදී අපේ දේශපාලකයෝ ගිය ලංකාවේ පන්සල් වල පවා ස්ප්ලිට් වර්ගයේ වායුසමීකරණ 7-8ක් සවි කරලා තිබෙනවා දුටු නිසා මම හිතුවේ නැහැ වායුසමීකරණ කියන්නේ අධිසුඛෝපභෝගී ගණයට අයිති වෙන දෙයක් කියල .මෙහෙ මිලත් අඩු නිසා මමත් එකක් ගෙනාව.මොනවද පැදුර එලලා බඩු ටික බානකොට වායුසමීකරණ දැකල මට සුපිරි බද්දක් ගෙවන්න කියල දුන්න.මොනවා කරන්නද අනික් බඩු ටික දාල එන්න බැරි කමට ණයක් වෙලා සල්ලි අරගෙන ගිහින් නිදහස් කර ගත්ත. (බ)
ඉන්දියන් සහ පිලිපීන ජාතිකයන්ට විදේශ සේවා කියල මුද්දර ගහන්න අය කරන්නේ නැහැ.ලංකාවේ අපිවම කන්න බලාගෙනයි ඉන්නේ. (බ)
ඔබ තුමියට පින් අයිති වෙයි මැතිනියනි කරුණාකර දරුවන් සිටින මව්වරුන් රට යන එක නවත්වන්න (දරුවන් කුමන වයසේ පසු වුවත්) මේ දෙය කෙසේ හෝ කරන්න ඒ මගේ ඉල්ලීමයි . (ම)
"තොටිල්ල පදවන අත" ට කරන්න බැරි දෙයක් නැහැ කියන්නේ ඕකනේ. (අ)
අපෝ මැදපෙරදිග දුක් විඳින කට්ටිය ඉස්සර වෙලා ගෙනල්ල ඉන්න (අ)
යකඩෝ.මේ අත දිග ඇරලා නෝනා කනේ පාරක් දීල තියෙන්නේ අපේ ඩිලාන් ගොයියටනේ..ඔහොම හොදද නෝනෝ..රෙදි නැතුව දැන් යහපාලනෙට කඩේ යන ඩිලාන් ගොයියට කාලගුණ සලකන්නේ ඔහොමද?.තමුන් ඉතුරු කල කියන්නේ උන්දැ නාස්ති කළා කියන එකනේ. (අ)
ඔය ඉතිරි කරගත්ත මුදල් අරාබි කරේ කදවුරු වලයි පාලම යටයි ඉන්න අනාතයෝ නැවත රටට ගෙන්න ගන්න වියදම් කරනවානම් ලොකු පිනක් (බ)
කොහොමද අපි පිළිගන්නේ (බ)
අමතිනියනි කරුණාකර අනවශ්‍ය හා අතිරික්ත මෙන්ම කිසිදු කාර්යක් නොකර ආයතනයේ දවස ගෙවමින් පගා ගනිමින් රජයේ වැටුප් ලබා ගන්න සියලු දෙන සේවයෙන් ඒවත් කරන්න අප මේ ආයතනය ගිය හැම වෙලේම බොහෝ සේවකයින් කිසිදු වැඩක් නොකර මේස මත වැඩි වේ අල්ලප සලපයේ යෙදී ඉන්න අයුරු අප බොහෝ අවස්ථා වල දැක ඇත (ම)