හිටපු පොලිස් පරීක්ෂක රොහාන් තුසිත කුමාරසිංහගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ යටපත් කිරීමට කෝටිපති කාන්තාවකගෙන් රුපියල් 20 ලක්ෂයකට අධික මුදලක් ගත්තැයි කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් තලංගම පොලිස් ස්ථානාධිපති සහ අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් සාමාජිකයන් සිව් දෙනා මීට ටික වේලාවකට පෙර කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතාගේ නිල මැදිරියට ඉදිරිපත් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද අද එයි මරු පින් කර ගන්නේ - කුමටද කුසලට අකමැති වන්නේ ... (නි)
කාගේ ගොලයෝද! දන්නේ නැ නේද ? එහෙම උනොත් දුක් සීන් එකක් වෙයි (අ)
තලංගම කියද්දීත් ඇග හිරිවැටෙනවා. අර ඇස් ඇරපු නැති බළල් පැටියාගේ කතාව කට කහනවටද? (නදී)
"තලංගම පොලිසිය ගැන මගේ නම් කිසිම පැහැදීමක් නැහැ." මොන පොලීසිය ගැනද ඔබේ පැහැදීම? (ස)
අත් හරින්න එපා මොවුන්ව.සමාජයට තවත් විපතක් කරන්න පෙර නීතියෙන් දෙන්න ඕනෑ දඩුවම දෙන්න ඕනෑ (නි)
නීතිය රකින්න එවන අය මෙහෙම කරනවා නම් ,රටේ මොන වගේ නීතියක් ද තිබෙන්නේ? සියල්ලන්ටම ආදර්ශමත් විදියට දැඩි දඩුවම් ලබා දිය යුතුයි. (නි)
මධු වගේ අය ඉන්නකම් අපරාධ වලට පරීක්ෂණ ඕනෑ නැහැ. (නි)
දේශපාලන බලපෑම් නොතකා නියම රාජකාරිය ඉටුවේවා! (නි)
මොනවා වෙයිද දන්නෙ නැහැ? (නි)
මේ හැම කෙනාම නීතියෙන් අවසානයේදී ගැලවිලා නැවතත් ඔයවගේ දේවල් බොහොම සැලසුම් සහගත ලෙස කරනවා.පොලිසියට ලැජ්ජාවක් මේ වගේ නිලධාරීන්. (නි)
අරාබි ශරියා නීතිය ඕනෑ නැහැ. නවීන නීතියම හොඳයි. (නි)
පාතාලය හොදයි බලනකොට.එවන්න එපා මේ පැත්තට.එහෙම වුණොත් මිනිස්සු පාරට බහින්න පුළුවන් (නි)
දේශපාලන හස්ත හෝ බලගතු නෑදෑයින් නොමැති නම් නඩුව හරියට විභාග වෙයි සාක්කිත් තිබේ නම් (නි)
ඔය පොලිස් නිලදාරියා රටේ බලවත් දේශපාලුවෙක්ගේ කෙනෙක් හින්දා මොනවත් හිතාගන්න අමරුයි. නීති ගරුක පොලිස් නිලදාරිනි. මුන්ට ගැලවෙන්න නොදී නියම දඩුවම් ලබාදී පොලිසියේ ගරුත්වය රකින්න. (නදී)
හැම ජඩ වැඩක්ම කරලා මුදල් දීල ඒවා යට ගහන එක අද පුරුද්දක් වෙලා. මේවට නියම ආකාරයට කටයුතු නොකලොත් අපේ රටට දෙවියන්ගෙම පිහිටයි.(නදී)
තංගල්ල පොලිසියේ දුෂණ අපරාධ නිසා අපමණ දුක් ගැහැට විදි සියලු දෙනාට සාධාරණය ඉටුවේවා! (නි)
ලංකාවේ පොලිසිය කියන්නනේ මුදලට මිනි මරණ , මුදලට මිනී මෙරුම් යට ගහන හොරු දුසිතයෝ මංකොල්ල කාරයෝ මිනිමරුවෝ ආරක්ෂා කරන ආයතනයක් (අ)
ආරියසේන, පලමුවතාවට කණගාටුවෙන වුනත් ඔබට විරුද්ධ වෙන්න සිදුවෙනවා. මෙවැනි පගාකරුවන් ආර්ථික අපහසුකම් නිසා පගාවට පෙළඹෙනවා නම් ඒ තර්කය උඩ සමස්ත රාජ්‍ය සේවයම පගාකරුවන්ගෙන් පිරී ඉතිරිලා යාවි. ආර්ථික අපහසුකම් නැති කෙනෙක් අද නැති නිසා. අද කාලේ සෑම දෙයක්ම වාගේ මුදලෙන් කල හැකි නිසා නීතියට පිටින් හරි සල්ලි හොයන්න පුළුවන් නම් ඕනෑම කෙනෙක් ඒකට පෙළඹෙනවා. ජපානයේ අගමැතිවරු දෙන්නෙක් පගා චෝදනා උඩ ඉල්ලා අස්වුණා. අහේනිය නිසාද ඔවුන් පගාගත්තේ? නැහැ, ලුණු බිකත් බඩට යන එක හොඳ නිසා. (අ)
මොකක්ද හේතුව මේ කට්ටිය ඇතුළට අරගෙන ප්‍රශ්න කරන්න තරම්. කාටවත් තේරුනේ නැද්ද? මම හිතන්නේ අනිවාර්යෙන්ම මේකට ලොකු පොලිසියේ නිළධාරි කෙනෙක් සම්බන්ධයි. අන්තිමට ලොකු මොළකාරයා එළියේ ඉදිද්දී ඔය අල්ල ගත් අය විතරක් හිරේ යන එක විතරක් වෙයිද දන්නෙත් නැහැ. (නි)
මහත්තයෝ, මේ කෙනා ගැන අපි දන්නවා .අපිට කතා කරන්න බැහැ, ගිහිල්ලා කියන්න තැනක් නැහැ. මොකද නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. ගම වටේ රවුමක් ගියොත් සියලු දේ දැනගන්න පුළුවන් (නි)
මෙවැනි නඩුවලට පොලිසියට බලපෑම් කරන දේශපාලුවන් අධිකරණයට ඉදිරිපත් කරන්න බැරිද? මම කියන්නේ පුලුවන්. මුළු රටටම පෙන්නත් එක්ක එක්කෙනෙක් ඉදිරිපත් කරමු.(නදී)
සමහරවිට මේ පොලිස් ස්ථානාධිපතිට විරුද්ධව කරගෙන යන මඩ ගැසීමක් වෙන්නත් පුළුවන් (නි)
මහරගම පිළිකා රෝහලේ රෝගීන්ගෙන් 25% අනවසර ගරාජ අවට පදිංචි වී සිටි නිවැසියන්. වහාම අනවසර ගරාජ වසා දමන්න. අවට නිවැසියන්ගේ ලියුම් මුදලට හෝ බය කර ලබා ගෙන මේවා කරන්න බැහැ. මෙවැනි අනවසර ගරාජ වලට ලියුම් දෙන්න තහනම්. (නි)
හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා ..... "මී වදයකි ජිවිතේ ... පොලිසියේ පිරීලා ඇතේ.. ගුම්..ගුම්..හඩ දීලා වැනසෙමු අපි හිතුමතේ..." (නි)
බලමුකෝ මොකද වෙන්නෙ කියලා (නි)
"සමහරවිට මේ පොලිස් ස්ථානාධිපතිට විරුද්ධව කරගෙන යන මඩ ගැසීමක් වෙන්නත් පුළුවන්' ඔය කිවුවේ කතාවක්! (නි)
තලංගම පොලිසිය ගැන මගේ නම් කිසිම පැහැදීමක් නැහැ. මේක මගේ පුද්ගලික මතයයි. මට හිතෙන හැටි. හැබැයි මේක ගොඩක් ඇත්ත වෙන්න පුළුවන්. (නි)
මිස්ටර් බී. මොකද උදේම? හිතේ අමරුවක්ද? (නි)
මේ මධු කියලා අදහස් දාන්නේ කවුද කියලා මට සැකයි (නි)
මතක තියාගන්න, මේ අය වෙනුවෙන් සාක්කි දෙන්න මුළු ගමම වුණත් සුදානම් වේවි (නි)
හුගාක් වෙලාවට පහළ නිලයෙන් පටන් ගන්නවා. පස්සේ උසස් නිලධාරිනුත් ඒකට ඉබේම ඇදෙනවා,ආර්ථික අපහසුකම් නිසා.දැන් ඉතින් පරීක්ෂණ අවසාන වෙනතුරු කූඩුවේ තමා ඉන්න වෙන්නේ. (නි)
අයුබෝවන්ට මම මේ දන්නේ නැති හින්දා අහන්නේ ඔය මැරැණ පොලිස් පරික්ෂකවරයා ගේ චරිතය කොයි වගේ එකක්ද ඔහු හොදින් රාජකාරි කරපු හොද චරිතවත් කෙනෙක්ද හොදින් ඉදපු කෙනෙකුට ද මේ අපරාධය වෙලා තියෙන්නේ අනේ මේ දන්නැතිකමට ඇහුවේ.ඒ කාන්තාවගේ අනියම් ස්වාමි පුරැෂයා කියන්නේ ඇත්තද (ස)