පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක රොහාන් කුමාරසිංහ මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කැර සිටින තලංගම පොලිස් ස්ථානාධිපති ,අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ,ඇතුළු පොලිසියේ සිව් දෙනාගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා ඔවුන් ලබන 19 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට නියෝග කළේය.
හිමාලි කරුණාරත්න නම් ධනවත් කතකගේ සැමියා බව කියන කුමාරසිංහ කිතුල්ගලදී මරා දමා තිබිණි.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ගියවර ඇප අයදුම්පත ඉදිරිපත් කළහ.
තලංගම පොලීසියේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුලත්සිංහලගේ ජීවානන්ද උපුල් පෙරේරා,අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමල් ප්‍රියන්ත කොඩිතුවක්කු, සැරයන් සමරවීර ආරච්චිගේ නිහාල් පුෂ්පකුමාර සහ කොස්තාපල් නවරත්න මුදියන්සේලාගේ තරිදු ප්‍රසාද් නවරත්න රිමාන්ඩ් කළ අය වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම වැඩක් කියන්නේ පොලිස් මහත් වරුත් මේ වැරදි වැඩ වලට සම්බන්ද වෙන එකනේ.(නදී)
වසන්ත ජිනදාස නීතියේ මුර දේවතාවුන්ට ජාතියේ ප්‍රණාමය! (නි)
මේ හතර දෙනාට උදවු කළ නීතියේ අයටත් දඩුවම් දෙන්න ඕනෑ (නි)
මේවා සල්ලි බලාගෙන කරපු දේවල්, පලදෙනකොට පලදෙනවා.(නදී)
එළියේ වගේ සැප නැතුව ඇති (ස)
එලියට ආවත් ඕවා පඩිසන් දෙනවා!!නැත්නම් රිටර්න් එක දෙනවා!!(අ)
අද ඉතින් සල්ලි වලින් ඕනෑම දෙයක් කරලා බේරන්න පුළුවන් කියලානේ හිතාගෙන ඉන්නේ (නි)
නීතියේ ආධිපත්‍යය යන්තමින් හෝ සුරැකෙන්නේ මෙවැනි එඩිතර යුක්තිගරුක විනිසුරුතුමන්ලා නිසයි. සමහර මිනීමරුවන් ඇප ලබාගෙන හිනාවෙවී යන හැටි දකිනකොටයි අපට වෙනස තේරෙන්නේ. (නි)