පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක රොහාන් කුමාරසිංහ මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කැර සිටින තලංගම පොලිස් ස්ථානාධිපති ,අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ,ඇතුළු පොලිසියේ සිව් දෙනාගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා ඔවුන් ලබන 19 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට නියෝග කළේය.
හිමාලි කරුණාරත්න නම් ධනවත් කතකගේ සැමියා බව කියන කුමාරසිංහ කිතුල්ගලදී මරා දමා තිබිණි.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ගියවර ඇප අයදුම්පත ඉදිරිපත් කළහ.
තලංගම පොලීසියේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුලත්සිංහලගේ ජීවානන්ද උපුල් පෙරේරා,අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමල් ප්‍රියන්ත කොඩිතුවක්කු, සැරයන් සමරවීර ආරච්චිගේ නිහාල් පුෂ්පකුමාර සහ කොස්තාපල් නවරත්න මුදියන්සේලාගේ තරිදු ප්‍රසාද් නවරත්න රිමාන්ඩ් කළ අය වෙති.
2025 දෙසැම්බර් මස 18
662
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තලංගම පොලිස් හතර යළි රිමාන්ඩ්
ගොඩගේ ප්‍රියන්ත Tuesday, 10 December 2013 07:52 PM
පුදුම වැඩක් කියන්නේ පොලිස් මහත් වරුත් මේ වැරදි වැඩ වලට සම්බන්ද වෙන එකනේ.(නදී)
සත්‍යා Tuesday, 10 December 2013 06:53 AM
වසන්ත ජිනදාස නීතියේ මුර දේවතාවුන්ට ජාතියේ ප්‍රණාමය! (නි)
කේ.එච්.ආර්.කේ.දිසානායක Monday, 09 December 2013 08:05 PM
මේ හතර දෙනාට උදවු කළ නීතියේ අයටත් දඩුවම් දෙන්න ඕනෑ (නි)
රොෂාන් ප්‍රනාන්දු Monday, 09 December 2013 09:26 PM
මේවා සල්ලි බලාගෙන කරපු දේවල්, පලදෙනකොට පලදෙනවා.(නදී)
සුමංගල - ඇල්පිටිය Tuesday, 10 December 2013 12:49 PM
එළියේ වගේ සැප නැතුව ඇති (ස)
චන්ද්‍ර වීරසිංහ Tuesday, 10 December 2013 12:11 AM
එලියට ආවත් ඕවා පඩිසන් දෙනවා!!නැත්නම් රිටර්න් එක දෙනවා!!(අ)
ආරියසේන Tuesday, 10 December 2013 03:44 AM
අද ඉතින් සල්ලි වලින් ඕනෑම දෙයක් කරලා බේරන්න පුළුවන් කියලානේ හිතාගෙන ඉන්නේ (නි)
උපාලි Tuesday, 10 December 2013 04:57 AM
නීතියේ ආධිපත්‍යය යන්තමින් හෝ සුරැකෙන්නේ මෙවැනි එඩිතර යුක්තිගරුක විනිසුරුතුමන්ලා නිසයි. සමහර මිනීමරුවන් ඇප ලබාගෙන හිනාවෙවී යන හැටි දකිනකොටයි අපට වෙනස තේරෙන්නේ. (නි)