කැරට් 22 රනින් නිම කළ ඉස්තරම් භාණ්ඩ ලෙස බාල රන් බඩු පොළොන්නරුවේ බැංකු කිහිපයකට උකසට තැබූ බව කියන තුන්දරු මවක (47) අරලගංවිල දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
බත්තරමුල්ලේ තලංගම පදිංචි බව කියන මේ කාන්තාව තවත් කණ්ඩායමක් සමඟ මෙවැනි භාණ්ඩ බැංකුවලට උකස් කර ඇති බව පෙනේයැයි ද පොලිසිය පවසයි.
ඇය අරලගංවිල බැංකුවකට ගෙනා රන් මාලයක් බැලූ බැල්මට රුපියල් ලක්ෂයකට වැඩි වටිනාකමක් ඇතත් එහි සැබෑ මිල ඊට බෙහෙවින් අඩු බවත් පොළොන්නරුවේ හා දියසෙන්පුර බැංකු දෙකකට එවැනි මාල දෙකක් උකස් කර රුපියල් දෙලක්ෂ පනස් පන් දහසක් මීට පෙර ලබාගෙන ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ හොරවැඩ කරනවට (නදී)
බොහෝ දෙනෙක් අද කාලේ උත්සහා කරන්නේ වංචාවෙන්, බොරුවෙන් ජීවත් වෙන්න. මුලිකම ප්‍රශ්නේ ඇවිල්ලා, රන් භාණ්ඩ හරියට පරික්ෂා කිරීමට පොළොන්නරුවේ සහ දියසෙන්පුර බැංකු නිලධාරීන් නොදන්නා කමයි. මේ යන විදියට රිදියෙන් හෝ පිත්තල වලින් භාණ්ඩ හදලා කැරට් 22 න් රන් තට්ටු දෙක තුනක් ගාලා බැංකුවකට උගස් තිබ්බොත් ගොඩම තමයි. (දී)
දරුවන්ටවත් පාරේ බැහැල යන්න හැකිද ඉතින්? (නදී)
මේ වගේ ගෑනු රටින් පන්නන්න ඕනි (නදී)