පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු පොලිස් පරීක්ෂක රොහාන් තුසිත කුමාරසිංහ ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින තලංගම නිමාලි කරුණාරත්න නම් ධනවත් කත හැර සෙසු සැකකරුවන් පස් දෙනා අද හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා නියෝග කළේය.
තුසිත කුමාරසිංහ ධනවත් කතගේ අනියම් සැමියා වී යැයි ද, සිරුර කිතුල්ගල දී සොයාගෙන නාඳුනන අයකුගේ සිරුරක් ලෙස රජයේ වියදමින් මිහිදන් කළේයැයි ද පොලිසිය කියයි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ දී සාක්කිකරුවන් වෙත සැකරුවන් පෙන්වා ඇතැයි ද, ඒ නිසා හදුනාගැනීමේ පෙරට්ටුවක් තැබීම නිෂ්පල යැයි කී සැකකරුවන්ගේ නීතීඥවරු හදුනා ගැනීමේ පෙරට්ටුවක් නොතබන ලෙස ඉල්ලා සිටියහ.
මහේස්ත්‍රාත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදලට සියල්ල යටවන රට ක ඕවත්මොනවද.(ස)
ධනය හා බලය ඉදිරියේ විලි වසා ගන්න දඟලන මේ තරම් අසරණ වූ යුගයක් ලක් ඉතිහාසයේ තිබුණාදැයි විමතියක් දැනේ. හඳුනා ගැනීමේ පෙරෙට්ටු තිබ්බත් නොතිබ්බත් අපරාධ කාරයෝ කවුද කියල රටම දන්නවා. ඒ උනත් දේශපාලන හස්තය මේ හැම දෙයට ම වඩා බලවත්. කැමරුන්ලා ලෙඩ අදින්නේ නැතුව ඉඳීවිද? (නදී)
2014 දී කාන්තාව රජයේ සාක්කාරියක් වෙයි.(නදී)
නීතියත් අධිකරණයත් ලංකාද්වීපය පාලනයටත් පිනෙන් පහළ වූ පින්වත් දෙවිවරුන්ට කැමති පරිදි පාලනය කරාවි. (නි)